නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියා විරහිත කර තිබෙනවා.
එම බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, අවශ්‍යතාව මත දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවලින් විදුලිය ජනනය කරන බවයි.Sri Lanka Latest News
මෙරට ජාතික විදුලි බල පද්ධතියට විශාලතම දායකත්වය සපයන නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය ප්‍රධාන ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වනවා.
එක් එක් ජනන යන්ත්‍රය මගින් මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් ජනනය කරන අතර බලාගාරය මගින් ජාතික පද්ධතියට ලබා දෙන දායකත්වය මෙගා වොට් 900 ක්.
කෙසේ වෙතත්, පෙර සැලසුම් කළ පරිදි අද උදෑසන නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 01 නඩත්තු කටයුත්තක් හේතුවෙන් ක්‍රියා විරහිත කර තිබෙනවා.










