ඉරානය සහ එක්සත් ජනපදය අතර පැවැති සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය සද්භාවයෙන් පැමිණි බව එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසා තිබේ.Sri Lanka Latest News
පැය 12කට අධික කාලයක් පුරා පාකිස්තානයේ ඉස්ලාමාබාද් හී පැවැති සාම සාකච්ඡාවෙන් පසු පළමුරවට මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු උප ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉරානය එක්සත් ජනපදයේ කොන්දේසිවලට එකඟ නොවූ බවත් දෙරට අතර සාකච්ඡාවෙන් පසු එකඟතාවක් ඇති නොවූ බවත්ය.
ඉරානයේ න්‍යෂ්ටික හැකියාවන් නැවැත්වීම මූලික ඉලක්කයක් බවත් සඳහන් කළ උප ජනාධිපතිවරයා පවසා ඇත්තේ අදාළ සාම සාකච්ඡාවලින් එකඟතාවයක් ඇති කර ගැනීමට නොහැකි වීමෙන් පසු එක්සත් ජනපදය පාකිස්තානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වෙතත් සාම සාකච්ඡා සඳහා මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළ පාකිස්තානයට සිය ස්තූතිය පළ කරන බවද ඔහු මෙහිදී සඳහන් කර තිබේ.










