• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තට්ටු ගෙදර උඩට වෙලා තනියෙන් අඩියක් ගහපන්…! Sri Lanka Latest News

April 11, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
තට්ටු ගෙදර උඩට වෙලා තනියෙන් අඩියක් ගහපන්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගෙයක්’ කියන ශබ්දය කටින් පිටකළාම ඒක ඇහෙන කෙනාගෙ ඔළුවෙ මැවෙනවා ගෙයක රූපයක්. ධම්මික පෙරේරාගෙ ඔළුවෙ ඇතුළෙ මැවෙන ගෙය සහ අපේ හේන් ගොයියා තලගොයි සුමනෙගෙ ඔළුවෙ ඇතුළේ මැවෙන ගෙයයි එකක් නෙවේ දෙකක්. Sri Lanka Latest News

ශබ්දය එකක් වුණාට හිත ඇතුළේ මැවෙන රූප වෙනස්. ඒ වෙනස තීරණය වෙනව එකිනෙකාගෙ සමාජ ආර්ථික මට්ටම් එක්ක. සමාජයේ මූලික ඒකකය වෙන පවුල ඉන්නෙ ගෙවල් ඇතුළෙ. ගෙයක් මිනිස් ජීවිතයකට වගේම මිනිහෙකුගෙ සිතීමට බලපානවා. ගෙයක් නැති මිනිහෙක් කියන්නෙ එක්තරා විදියක සමාජ ඛේදවාචකයක්. ඒක මූලික මිනිස් අවශ්‍යතාවක්.

ගෙයක් මොකටද මිනිස්සුන්ට?
මානව ශිෂ්ටාචාරයේ ප්‍රාථමික අවධියේ මිනිස්සු තමන්ගෙ විරුද්ධ ලිංගිකයා සමග ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදුණා තමන්ට ඕනෙ ඕනෙ වෙලාවට. හරියට සත්තු වගේ. මේකත් එක්ක විශාල ගැටුම් ඇති වුණා. ගෑනුන්ට පිරිමි මරාගත්ත. ඒව යුද්ධ බවට පත්වුණා. අතන මෙතන සත්තු වගේ ලිංගික සංසර්ගයේ යෙදෙනකොට සමහර මිනිස්සු ගල් ගහන්න ගත්තා. නිදහසේ සංසර්ගයේ යෙදෙන්න ඕනෙ නිසා මිනිස්සු වෙනම තමන්ට කියල භූමියක් වෙන් කරගත්ත. ආවරණයක් ගෙයක් වුණා. සමූහය තුළ පුද්ගලික ඉසව් නිර්මාණය වුණා. කොයි කවුරුත් වෙහෙස මහන්සි වෙලා අම්බ කට්ටක් කාලා හොඳ ජොබ් කරලා සල්ලි හම්බ කරල ඉඩම් අරන් ගෙවල් හදාගන්නෙ නිදහසේ ඉන්න.
ඔන්න ඉතින් හම්බවෙනව දරුවො. රාගයෙන් ආදරය උපදිනව. කුටුම්බය හරියකට නිර්මාණය වෙන්න ගෙයක් හරියකට බලපානවා. නිදහසේ කෙළිනවට අමතරව අව්වෙන් වැස්සෙන් බේරෙන්නත් ගෙවල් මිනිස්සුන්ට උදව් වුණා.

90 දශකයේ අග භාගයේ ඉඳල තවමත් ගලා එන කතිකාවක් තමයි ගම්වල ඉන්න ගොඩයො නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන විභාග පාස්වෙලා කැම්පස් ඇවිත් උපාධිත් අරන් හොඳ රස්සාවකුත් කරලා, කොළඹින් ඉඩම් අරන්, මහා විශාල තාප්ප දාලා, තඩි ගෙවල් හදාගෙන, සුදු ගෑනු අරන්, කොළඹ බින්න බැස්ස විතරක් නෙවේ රජයේ අමාත්‍යාංශවල ඉහළ පුටුවල ඉඳගෙන මේ රටේ පහළ වෙච්ච දේශපාලකයන්ට අහු නොවෙන්න හොරකම් කරන්න කියලත් දුන්නා කියන කාරණාව.

මම තදින් විශ්වාස කරනවා නූගත් ගැමි මෝඩයෙක් කරන කපටිකමකට වඩා සූක්ෂ්මයි උගතෙක් කරන කපටිකමක්. මෙන්න මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත රාජ්‍ය නිලධාරියා මේ දේශපාලනයේම ගොදුරක් වෙලා රට තක්කඩි බවට නිර්මාණය වුණා. මේ හැමෝම තඩි ගෙවල් හැදුවා. මේ තඩි ගෙවල් මිනිස්සුන්ගෙ හීනමාන ගැටලු බවට පත්වුණා. සමහරු ලොකු ලෝන් දාලා මහා තඩි බංගසාල ගෙවල් එයාල පැන්ෂන් යනකම්මත් හදනවා. ගේ හැදිලා ඉවර වෙනකොට වයසයි.

ඉතින් ලාල් දැන් ඔයාට ගෙයක් තියෙනවා. දැන් ඔයාට වයස අවුරුදු 62ක්. අනේ ඉතින් දැන් ඔයාට ඔයාගෙම කියලා ගෙයක් තියෙනවා කොළඹින්. මට නම් හරිම සතුටුයි. ලාලුත් සතුටෙන් නේද? ලාල් ඇත්තටම සතුටෙන් නම් මටත් හරි සතුටුයි.

මට මතක් වෙනව ලාල් කතාවක්. ඒත් ගෙයක කතාවක්. ඔයා මෙයා ගැන දන්නවා. මිනිහා ඇවිල්ල ගුණරත්න වීරකෝන්. මිනිහ 71 කැරැල්ලෙ ප්‍රබල සාමාජිකයෙක්. ඔය විජේවීර කරන්දෙණියෙ ධර්මදාස ජයසිංහලගෙ ගෙදර ඇල්පිටි සාකච්ඡාව කරන වෙලේ ලොකු වැඩ ටිකක් කළා. ඌරගහ හිපංකන්දෙ නාගස්ගොඩැල්ලෙ ඉතාම දුප්පත් පවුලක ඉපදිලා හිපංකන්දෙ පොඩි ඉස්කෝලෙන් විභාගෙ පාස්වෙලා කරන්දෙණියෙ මහා විද්‍යාලයට පයින් බඩගින්නෙ ආපු ඉතිහාසයක් තියෙන අන්ත දුක් විඳල ඉගෙනගත්ත කෙනෙක්. විද්‍යෝදයෙන් භූගෝල විද්‍යාවට විශේෂ උපාධියක්. ජීවිතේ යාන්තම් බේරගෙන හිරේ ලැගලා එළියට ඇවිත් ආපහු පක්ෂෙ වැඩ කළා. හැබැයි 88/89 කාලෙ බැහැලා වැඩ කළේ නෑ. පස්සෙ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙට සෙට් වුණා. කොටින්ම මහින්දගෙ තංගල්ලෙ කාල්ටන් ගෙදර නැවතිලා බෙලිඅත්තෙ ඉස්කෝලෙට ගියේ. ඔය මහින්ද දෙවැනි වර ජනාධිපතිවරණයෙදි තංගල්ලට වඩා කරන්දෙණියෙන් මහින්දට අරන් දුන්නා.

මෙයා අන්තිමට උතුරු – නැගෙනහිර නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ඇමැති වෙලා හිටියා. කරුණා අම්මාන් තමයි නියෝජ්‍ය ඇමැති. ගුණරත්න වීරකෝන් කැපුවා සජින් වාස්. ඒකෙ ප්‍රතිඵලයක් විදියට තමයි මහින්ද ගීතා කුමාරසිංහ පෙන්නලා ‘මේ තමයි අපේ විහාරමහාදේවි’ කියලා වීරකෝන්ට හඳුන්වා දීලා ගීත උඩට ගෙනාවෙ. පස්සෙ මිනිහා මහින්ද එක්ක තරහ වෙලා මෛත්‍රී එක්ක සෙට් වුණා. මෙයා වැඩ කළා. මෙයා ගොඩක් හම්බ කළා. ඒ හොරකම් කරලා නෙවේ. මිනිස්සුන්ගෙන් ගත්තා සහ දුන්නා. හැබැයි මිනිහා වැඩ කළා. එයා කරපු ලොකුම වැඩේ තමයි කරන්දෙණියෙන් වැලිවිටිය – දිවිතුර ගලවලා වෙනම පරිපාලන ඒකකයක් හදපු එක. මෙයා ගොඩාක් වැඩ කරපු අඩුවෙන් හොරකම් කරපු කෙනෙක්.

පිස්තෝලෙ ඔළුවට තියලා අක්කර හත්සිය පනහක් ආණ්ඩුවට ලියවගෙන ගම්මාන ගොඩාක් හදපු මිනිහෙක්. මිනිහ භූගෝලය කාපු එකෙක්. ඊ රෝඩ් ව්‍යාපෘතිය යටතේ බලප්‍රදේශයේ පාරවල් ප්‍රධාන පාරට සම්බන්ධ කරන මැප් එක වීරකෝන් ඇන්දෙ ලොකු සුදු කොළ උඩ අතින්. ග්‍රාමසේවක වසම් හැටෙන් භාගයක් වගේ අහුවෙන්න පාරවල් පද්ධතිය හැදුවා. ඒ භූගෝලය ඇට ලේ මස් නහරවල දිරවන් හිටිය නිසා. පාරවල් හදන එකට විරුද්ධ වෙච්ච මිනිස්සුන්ව ගස් බැඳලා පාරෙ කොන්ක්‍රීට් එක වේලෙනකම් ඌට කන්න බොන්න දීලා කසිප්පුත් පෙව්වා.

ලංකාවේ එදා මෙදාතුර කුඩාම පිස්තෝලය හම්බ වුණේ මෙයාගෙ ගෝලයෙක් වෙච්ච ඩොනල්ඩ් සම්පත්ට. ඒව දිග කතා. මිනිහා වැඩක් කළා. මිනිහගෙ ගෝලයෙක් වෙච්ච හිටපු සභාපතිට බාර් එකක් දුන්නා රනිල්. වීරකෝන්ගෙ ප්ලස් මයිනස් ඕනෙ තරම්. මිනිහා පක්ෂයෙන් ගිය පන්තිය පාවා දුන්නෙක් කියා කිව හැකත් ඔහු නිර්ධනයාට පුළුවන් උපරිමයෙන් වැඩ කරපු කෙනෙක්. මිනිහා එක විදියක චරිතයක්.

ඉතින් ලාල් ඔන්න ඔය වීරකෝන් මිනිස්සුන්ට ඉඩම් බෙදලා ගෙවල් හදන්න ලෝන් දුන්නා. ඒව හරියටම කළා. මිනිස්සු වීරකෝන්ට ගඩොල් සිමෙන්ති වැලි ගෙනත් දුන්නා. තට්ටු දෙකේ ගෙයක් හැදුවා මාලිගාවක් වගේ. එක සතයක් ගියේ නෑ. වැඩ කළේ මිනිස්සුමයි. උදේට බඩගින්නෙ කිලෝමීටර හතරක් පයින් ඉස්කෝලෙ ආපු වීරකෝන් සියලු සැප සම්පත් සහිත බලය ධනය පිළිගැනීම තියෙන කාලෙක වේදිකාවක කිව්වා ‘මට දැන් බාත්රූම් පහක් තියෙන ගෙයක් තියෙනවා’ කියලා. කෙල්ලට මහින්ද ස්කොලර් එකක් දුන්නා. පස්සෙ එයා ඔසී ගියා. පුතයි අම්මයි කොළඹ ගියා. අන්තිම කාලෙ බිව්වා. ජනාධිපති අරමුදලෙන් කරාපිටියෙ ඉස්පිරිතාලෙන් බයිපාස් කරපු එකම ඇමැති. පස්සෙ ලෙඩ වුණා. බිව්වා දිගට. රේස් තුණ්ඩු දැම්මෙ ගෙදරට ගෙන්නං. මිනිහ කට්ටියගෙන් සල්ලි ඉල්ලනවා. පස්සෙ පස්සෙ මිනිහගෙ ෆෝන් කෝල්වලට ආන්සර් කළේ නෑ ගොඩක් අය. ඒ තට්ටු දෙකේ ගේත් විකිණුවා.

මම දවසක අන්තිම කාලේ ගියා බාගයකුත් අරන්. තනියම පහළ තට්ටුවේ කොරිඩෝවෙ පුටුවක් තියාගෙන ඉස්සරහ තියෙන මිනිහම හදපු පිට්ටනිය දිහා බලාගෙන ඉන්නවා. ඒ ඇවිල්ලා මිනිහව නැත්තටම නැතිවෙච්ච කාලෙ අපි බිබී කයිය ගැහුවා. මම ඇහුවා උඩ තට්ටුවට එහෙම යනවද කියලා. පඩිපෙළ නගින්න බෑ කිව්වා. අවුරුදු පහකින් විතර උඩ තට්ටුවට ගියේ නෑ කිව්වා. ජනේලයක්වත් ඇරල නෑ කිව්වා අවුරුදු ගානකින්. මකුණු දැල් පිරිලයි කිව්වා.

මම කිව්වා මාක්ස් එංගල්ස් ලෙනින් හොඳට අතපත ගාපු පන්ති පහ උගන්වපු 71 ආයුධ සන්නද්ධ කැරැල්ලට සජීවීව දායක වෙච්ච වමේ මිනිහගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනව අහන්නද කියලා. ‘හා’ කිව්වා මම ඇහුවා අර ඉස්සර සර් වේදිකාවක උද්දාමයෙන් කිව්වෙ මට දැන් බාත්රූම් පහක් තියෙන ගෙයක් තියෙනව කියලා. අන්න එතැන හිටියෙ සුළු ධනේෂ්වර පන්තියට අවිඤ්ඤාණිකව ආස කරන පීඩිතයා’ නේද කියල? මගේ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා කිව්ව ‘පුතා මම දැන් ආස පුංචි කාමරයකුයි ඇටෑච් බාත්රූම් එකකුයි, ගෑස් කුකර් එකකුයි තියාගන්න පොඩි තැනකට’යි කියලා.

මට ආරංචි වුණා තලංගම ඉස්පිරිතාලෙ මැරිලා කියල. මම ගියා. මම තමයි මිනිය අඳුරගන්න මෝචරියට ගියේ. ට්‍රෝලියෙ උඩුබැලි අතට හිටියෙ. කට ඇරිලා තිබුණා.
ලාල්ගෙ ගේ දකිනකොට මට ඉතින් මේ කතාව මතක් වුණා. ගෙයක් හරි ෂෝක් ලාල්. නිකන් හම්බවුණා වුණත් කමක් නෑ ඒක රස විඳින්න ඕනෙ. මේ එක එක වටපඩයො කුහකකමට කියන කතා තඹ සතේකට මායිම් නොකර බැල්කනියට වෙලා පොඩි අඩියක් ගහන්න තනියෙං රෑට.

සරත් ප්‍රේමතිලක

SendShareShare
Previous Post

නැවට එන්න නොදුන්නත් චීන තානාපති සතුටින් ඉන්නේ ඇයි? Sri Lanka Latest News

Next Post

ඉදිරි මාස කීපයේදී ලංකාවේ වෙන්න යන බය හිතෙන දෙයක් ගැන ආසියානු සංවර්ධන බැංකුව කල්තියා කියයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.