අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය සඳහා තමාගේ නම යෝජනා කරමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත වේදිනිගම විමලතිස්ස හිමි විසින් බාරදී තිබූ ලිපිය මේ වනවිට ඉල්ලා අස්කරගෙන ඇති බව දැනගන්නට තිබේ.
දිවුරුම් ප්‍රකාශයක් මැතිවරණ කොමිසම වෙත ලබා දෙමින් විමලතිස්ස හිමි මේ බව දැනුම් දී ඇත.
මෙහිදී සිය නම වෙනුවට විමලතිස්ස හිමියන් විසින් මන්ත්‍රී ධූරය සඳහා පුජ්‍ය අතුරලියේ රතන හිමිගේ නම යෝජනා කර ඇති බවද දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් අපේ ජන බල පක්ෂයේ ලේකම් ධුරයෙන් වේදිනිගම විමලතිස්ස හිමි පසුගිය 7 වනදා උදෑසන 8 සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කර තිබීම හේතුවෙන් කිසිදු පත්කිරීමක් හෝ එම පක්ෂය වෙනුවෙන් පෙනී සිටීමක් නිත්‍යානුකුල නොවන බවද දැනගන්නට ඇත.
ඒ අනුව පක්ෂයේ වර්තමාන ලේකම් නිශාන්ත රත්නායක මහතා විසින් පක්ෂයේ අනුමැතියෙන් නම් කෙරු පක්ෂ සභාපති සමන් පෙරේරා මහතාට අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවීමට ඉඩකඩ ඇති අතර පත්වූ වහාම ඉල්ලා අස්වී තමාගේ අසුන පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට ලබා දෙන බව ඒ මහතා පසුගියදා මාධ්‍ය අමතමින් සඳහන් කර තිබිණ.










