එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට (25) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙහිදී පක්ෂයේ නව නායකත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ජාවක් සිදුකෙරෙනු ඇති බව දැනගන්නට තිබේ.
වාර්තාගත මහමැතිවරණ පරාජයත් සමග රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසට මේ වනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින අතර හිටපු කතානායක කරු ජයසූරීය මහතාද මේ වනවිට ප්‍රකාශ කොට ඇත්තේ තමන් එජාප නායකත්වය බාරගැනීමට සූදානම් බවකි.
ඒ අනුව හෙට දින පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් උණුසුම් වාදවිවාද කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ සිදුවනු ඇති බව එජාප ආරංචි මාර්ග සදහන් කරයි.










