• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ ස්ථාවරය හැමදාම එකයි! දේශපාලන මත ප්‍රකාශ නොකොට පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් රටට හෙළිකර මියගියවුන්ට සාධාරණය ඉෂ්ට කරන්න! කව්ද සොනික් සොනික්..? අන්තවාදයට සල්ලි දීපු ඊබ්‍රහිම් පවුල ගැන හෙව්වාද? ප්‍රහාරය වෙද්දි හිටපු නැගෙනහිර ආඥාපති දැන් ආරක්ෂක නියෝජ්‍ය ඇමැති! පාස්කු ප්‍රහාරය ගැන අවුරුදු 7කට කලින් කියපු දේම සජිත් අකුරක්වත් වෙනස් නොකොට අදත් කියයි! VIDEO I Sri Lanka Latest News

April 9, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ජවිපෙ දේශපාලන බල්ටිවල ඉතිහාසය සජිත් කළුතරදී අනුරට මතක් කර දෙයි! මතකද කැබිනට් ඇමැතිකම් දරපු අය පක්ෂය හැර ගියා! මතකද විමල් වීරවංශ මහින්ද ගාවට ගියා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වසර 7ක් ගත වී ඇතත් පත් වූ සෑම ආණ්ඩුවක්ම මේ මිලේච්ඡ ප්‍රහාරයේ මහමොළකරු අත්අඩංගුවට ගන්නා බවට ප්‍රතිඥා දුන්නද අද දක්වා එම ප්‍රතිඥා ඉටු නොකිරිම ගැන කණගාටුවට පත් වන බවත් මේ සම්බන්ධයෙන් සිදු කළ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභා වාර්තා ගබඩාවලට සහ පුස්තකාලවලට පමණක් සීමා වීම නිසා යුක්තිය ඉටු වීමේ ගමන්මග තවමත් දේශපාලන ප්‍රචාරණ උපක්‍රමවල ගොදුරු බවට පත්ව ඇති බවත් එම නිසා සත්‍ය හෙළිකර ගැනීමට මෙතෙක් සිදු කළ සියලු පරීක්ෂණ වාර්තා මහජන පරිශීලනයට ලබා දීමටත් ස්වාධීන හා විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය වගවීම සහිත යාන්ත්‍රණයක් තුළින් අපරාධකරුවන් හදුනා ගැනීමට සහ වින්දිතයන්ට සාධාරණය ඉටු විය යුතු බවට මෙම සභාවට යෝජනා කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය ගැන අවස්ථා ගණනාවක අදහස් යෝජනා ඉදිරිපත් කළ බවත් 2023 සැප්තැම්බර් 22, 2024 අප්‍රේල් 24, 2025 ජූලි 9 වැනිදා පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කරමින් එදත් අදත් හෙටත් පැහැදිලි ස්ථාවරයක සිටි බවත් පාස්කු ප්‍රහාරයට ලක්වූ ජිවිත අහිමි වූ අවයව අහිමි වූ නෑදැ හිතමිතුරන් අහිමි වූ සියලු දෙනාටම සාධාරණය ඉටු විය යුතු බවත් වේලාසනින්ම තමන් තමන්ට හිතෙන ආකාරයේ දේශපාලනික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් වාසිදායක මතයක් ගොඩනගා තමන්ගේ දේශපාලන මතය ශක්තිමත් කරවන දේශපාලන නායකයන් ශක්තිමත් කරවන තොරතුරු කරුණු කාරණා ඉදිරිපත් කර නිගමනවලට එළැඹීම ප්‍රතික්ෂේප කරන බවත් සත්‍ය හෙළිදරව් කිරිම අරමුණ විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අපේ ස්ථාවරය එදත් අදත් හෙටත් වෙනස් වෙන්නේ නෑ

මේ ප්‍රහාරය පිටුපස ඇති මහමොළකරුවන් ආදී සත්‍ය හෙළිදරව් කර ඔවුන් සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් දැඩි දඩුවම් පැනවිය යුතු බවත් ඒ ස්ථාවරය වෙනස් නොවන බවත් මෙහි සත්‍ය සොයා ගැනීමට නම් සියලු පරීක්ෂණ විනිවිදභාවයෙන් යුක්ත විය යුතු සත්‍ය සොයන්න නම් වගකීම වගවීම විනිවිදභාවය සුරක්ෂිත වන පරික්ෂණයක් කරා යා යුතු නිසා දේශීය පර්යේෂණ සේම ජාත්‍යන්තර ආරක්ෂක සංවිධාන එකතු කර ගෙන පරීක්ෂණ සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විනිවිදභාවයෙන් යුක්ත පරීක්ෂණ සිදුවිය යුතුයි.

2018 වව්නතිව්වල පොලිස් නිලධාරීන් 2ක් මරා දැමීම අජන්තන් යන LTTE සාමාජිකයකු කර බවට කියන බවත් මේ ගැනත් විමර්ෂණය කළ යුතු බවත් මෙහි ඇත්ත රටට හෙළිදරව් කළ යුතු බවත් දෙසැම්බර් 5, 8, 13 හා ජනවාරි 4 වැනිදා විවිධ බුද්ධි අංශ වාර්තා මෙය LTTE කළ බවට කියන නිසා මෙහි සත්‍ය හෙළිදරව් කළ යුතු බවත් වව්නතිව් පොලිස් නිලධාරීන් මැරු ආයුදය හමුවූ තැන ආදිය සොයා බැලිය යුතු බවත් සත්‍ය හෙළිදරව් කිරීම මිස පූර්ව නිගමනවලට ගොස් දේශපාලන මත තහවුරු කිරිම පරීක්ෂණ වැරදි ආකාරයට ක්‍රියාත්මක කිරිම නොව විනිවිදභාවයෙන් යුක්තව ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පළිගැනීම් නොකර සත්‍ය අනාවරණය කර ගත යුතුයි

FBI මේ ප්‍රහාරයෙන් පසුව මෙය සොයන්න දායකත්වය දුන් බවත් ඔවුන්ට IP ලිපිනයක් හමුවන බවත් මේ හරහා වැඩිම වාර ගණනක් සහරාන් සමග කතා කළ දුරකථන සම්බන්ධතාව සොයා ගන්නා බවත් මේ IP ලිපිනය හා දුරකථනය සෙවිය යුතු බවත් වාර්තා වන ආකාරයට මේ හරහා සහරාන් සමග කතා කර ඇත්තේ බුද්ධි අංශය කියන බවත් මේ ගැන ඇත්ත නැත්ත සෙවිය යුතු බවත් එස්. පී. දර්ශිකාට කළ බලපෑම් ගැන මේ ගැන පරීක්ෂණ නොකරන ලෙස සිටින ලෙස පැවසූ කතා ගැන ඇත්ත නැත්ත සෙවිය යුතු බවත් මේවා සෙවිය යුත්තේ පළිගැනීමට නොව විනිවිදභාවයෙන් යුක්තව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කවුද මේ සොනික් සොනික් කියන්නේ?

පොඩි සහරාන් සමග සම්බන්ධ වූ සොනික් සොනික් යන කෙනාගේ IP ලිපිනය සොයාගෙන යන විට එය බුද්ධි අංශවලට සම්බන්ධ අයකු බවට කියන බවත් මේ ගැන ඇත්ත සෙවිය යුතු බවත් මේ සොනික් සොනික් පොඩි සහරාන් සමග කතා කර පරීක්ෂණ කරන්න කටයුතු කරන විට බලපෑම් ආ බවට වාර්තා වෙන බවත් මේ සෑම සත්‍යයක්ම දැන්වත් අනාවරණය විය යුතු බවත් ටාජ් සමුද්‍රා එක පුපුරවන්න සිට ජමීල් කියන ත්‍රස්තවාදිය ටොෆිකල් ඉන් හෝටලයට යාමටත් පල්ලියකට යන්න උත්සාහ කිරීමක් ගැනත් ඇති බවත් මේ හැමදෙයක්ම කතා නිසා මේ ගැන සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජීවිත අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටුවිය යුතුයි

මේ ප්‍රහාරයෙන් ජිවිත අහිමි වූ පවුලේ අය අහිමි වූ සියලු දෙනා වෙනුවෙන් සත්‍ය සෙවිය යුතු බවත් ජමිල්ගේ නිවසට ගියා කියන බුද්ධි අංශ නිලධාරින් භාවිත කළ ටෙලිෆෝන්වල පරීක්ෂණයක් කරන විට එය බෞද්ධාලෝක මාවතේ ලිපිනයකට සම්බන්ධ බවත් මේ දුරකථන භාවිත කර ලසන්ත වික්‍රමතුංග කීත් නොයාර් උපාලි තෙන්නකෝන් ඝාතන හා ප්‍රහාරවලට සම්බන්ධ බවට වාර්තා වන බවත් 2021 සිට මේ ගැන පාර්ලිමෙන්තුවේ කියූ බවත් මේ ගැන කරුණු සොයන්න කියූ බවත් මේ ගැන පරීක්ෂණ අවශ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.‍

පෞද්ගලික අරමුණු නැතිව මේවා ගැන මහමොළකරුවන් ගැන හරියට සෙවිය යුතුයි

පෞද්ගලික අරමුණු නැතිව මේවා ගැන මහමොළකරුවන් ගැන හරියට සෙවිය යුතු බවත් මේ සත්‍ය අවබෝධ කර ගතයුතු බවත් මේවා ගැන විමර්ෂණය කළ යුතු බවත් සයින්දමරුදු පිපිරීමේදී ගිනිඅවියක් හමුවන බවත් එය 2008 එරාවුර් පොලිසියේ ආදම් ලෙබ්බේ කෙනෙක්ට බවත් ඒ අවියෙන් වව්නතිව් ඝාතනය සිදු කළ බවට වාර්තා වන නිසා විවෘත මනසින් ඇත්ත සෙවිය යුතු මේ සයින්දමරුදුවලට අදාළව ඩීඑන්ඒ පරික්ෂණ 3ක් කරන බවත් මේවා ගැන තවමත් හරිහමන් කරුණු නොමැති බවත් දේශපාලන තරහමරහකම් ඉලක්ක කර නොගෙන යුක්තිය සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමති එදා නැගෙනහිර ආඥාපති

මේ සිදුවීම කාලයේ වත්මන් ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා නැගෙනහිර පළාත් ආඥාපතිවරයා බවත් ඔහුගේ වගකීම කළාද නැද්ද කියා සෙවිය යුතු බවත් සහරාන් ත්‍රස්තයාගේ බිරිද විසින් ත්‍රීමා ඇප් එකකින් අබුහින් යන කෙනෙක් සමග කතා කරන බවට කට උත්තර දී ඇති බවට වාර්තා වන බවත් මේ සත්‍ය දැන්වත් විමර්ෂණය කළ යුතු බවත් මේ ප්‍රහාරය ගැන විදේශ බුද්ධි අංශවලින් දැනුවත් කරන බවත් මේ ගැනත් සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඊබ්‍රහියිම්ගේ පුත්තු ගැනත් සොයන්න

ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂකයකු වු ඊබ්‍රහියිම්ගේ පුත්තු 2 මරාගෙන මැරෙන බෝම්බකරුවන් බවත් මේ සම්බන්ධතා ගැන සෙවිය යුතු බවත් මේ ඊබ්‍රහියිම් ත්‍රස්තවාදීන්ට මූල්‍ය පහසුකම් දුන් බවට කියන නිසා මේ ගැන සත්‍ය හෙළිදරව් විය යුතු බවත් සමගි ජන බලවේගය ස්ථාවරය වෙනස් වී නොමැති බවත් විවිධ දේශපාලන කෝණවලින් මේ ගැන නොබලා සත්‍ය හෙළිදරව් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දේශපාලන මත පළ කරන්න එපා. සත්‍ය හෙළිදරව් කරන්න.

මේ ප්‍රහාරයේ මහමොළකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවා විවිධ අය නම් කළ බවත් රිෂාඩ් බදියුදීන්, හිජාස් හිස්බුල්ලා ආදීන් මෙන්ම දැන් මුජිබර් රහුමාන් මන්ත්‍රීතුමා මහමොළකරුවන් යැයි චෝදනා කරන බවත් මේ ගැනත් සොයන බලන ලෙසත් මේ සමාජයේ විවිධ ආගම් ජන කොට්ඨාස සමාජ හිතන ආකාරය පදනම් කර ගෙන පාස්කු ප්‍රහාරය ගැන මත පළ නොකරන බවත් දේශපාලන වාසි අවාසි මත පදනම්ව මේ ගැන නොසෙවිය යුතු බවත් සත්‍ය අනාවරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා විශ්වාසය මේ පරීක්ෂණ ගැන පලුදු වී ඇති නිසා විදේශීය විමර්ෂණ ආයතන සමග එකතු වී මේ පරීක්ෂණ විනිවිදභාවයෙන් සිදු කළ යුතු බවත් සාධාරණය සැමටම ඉටුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

අපේ මිනිස්සුත් පුදුම හරක් ජාතියක් තමයි! ඊයේ විවෘත කරපු කොටුව බස් ස්ටෑන්ඩ් එක පැය 24ට විනාශ කරලා! හැම තැනම බුලත් කෙළ ගහලා! වතුර බට කඩලා! සිමෙන්ති කුට්ටි කඩලා! බෝතල් ෂොපින් බෑග් හැම තැනම දාලා! මුන්ට දඩයක් හරි ගැහුවෙ නැත්නම් මාසයක් යන්න කලින් මේක විනාසම කරලා දානවා..! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිල කෙළින් මිනිහෙක්! මොකද්ද මේ බිමල් පාර්ලිමේන්තුවේ කරපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.