ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ.Sri Lanka Latest News
අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ.
එහි ප්‍රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම සහ ආරක්ෂිතව විවෘත කිරීමට ඉරානය එකඟ විය යුතුය.
මෙය දෙපාර්ශවයටම බලපාන “දෙපාර්ශවික සටන් විරාමයක්” (Double sided ceasefire) ලෙස හඳුන්වා දී ඇත.
මෙහිදී අමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සහ බෝම්බ හෙලීම සති දෙකක කාලයකට අත්හිටුවීමට යෝජනා කර තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ.
ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 95.47ක් දක්වා පහළ ගොස් ඇති අතර එය ඩොලර් 17.48ක පහළ යාමක් ලෙස වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස සියයට 15.48ක පහළ යාමක් බව සඳහන්ය
එමෙන්ම, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.84ක් දක්වා පහළ ගොස් ඇත.
මේ අතර මර්බන් වර්ගයේ බොරතෙල් මිලද ඩොලර් 106.51ක් දක්වා අඩුවී ඇත.
ඒ අනුව එය පෙර මිලට සාපේක්ෂව සියයට 18.85ක අඩුවීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.










