අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස්, කොත්තු සහ රයිස් ඇන්ඩ් කරි කෑම මිල රු 20කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News
එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා පවසා සිටියේ, පොල්තෙල් මිල අඩුවීම හේතුවෙන් කෙටි කෑම මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවය.
ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෑස් මිල විශාල ප්‍රමාණයකින් ඉහළ යෑම හේතුවෙන් මෙලෙස කෑම මිල ගණන් ඉහළ නංවා ඇති බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.










