දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ උතුරු දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇති බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.Sri Lanka Latest News
ඒ අනුව, අප්‍රේල් 09 වන දින සිට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා සිදුකෙරෙන බවයි එම නිවේදනයේ සඳහන්.
එමෙන්ම, අද දින සිට පෙරවරු 05.15ට ගල්කිස්ස දුම්රිය ස්ථානයේ සිට කන්කසන්තුරය බලා ධාවනය වන දුම්රියෙහි සහ පස්වරු 01.50 ට කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියවල ආසන වෙන් කිරීමේ පහසුකම්ද සපයා ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.










