• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුඩුම්බිගල ඛේදවාචකය! චෙක් හිමියන් ගියේ බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගයේද? Sri Lanka Latest News

April 5, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
කුඩුම්බිගල ඛේදවාචකය! චෙක් හිමියන් ගියේ බුදුන් වහන්සේ දේශනා කළ මාර්ගයේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නිහඬ වනාන්තරයක නිරන්තර ඇසෙන පක්ෂීන්ගේ සහ වන සතුන්ගේ හඬ අතර සසර දුක නිවා ගැනීමේ උතුම් අපේක්ෂාවෙන් භාවනායෝගීව දිවිගෙවූ විදෙස් ජාතික ස්වාමින්වහන්සේ නමකට පසුගිය 26 වැනිදා අත්වූ කනගාටුදායක ඉරණම අප සියල්ලන්ගේම හද කම්පනයට පත්කළ සිදුවීමක් වුණා. වනය අයිති සතුන්ටය යන සරල සත්‍යය අප බොහෝ විට අමතක කරමු. මනුෂ්‍යයන් ලෙස අප ඒ සීමාව ඉක්මවා යන විට එහි ප්‍රතිවිපාකවලට අනිවාර්යයෙන්ම අපට මුහුණ දීමට සිදුවෙයි.Sri Lanka Latest News

යාල වනෝද්‍යානයට ආසන්න බඹරගස්තලාව ප්‍රදේශයේ පිහිටි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයෙන් අසන්නට ලැබුණු මෙම ශෝචනීය සිදුවීමට මුහුණ දුන්නේ චෙක් ජාතික භික්ෂුන් වහන්සේ නමක් වූ නන්ද ස්වාමින්වහන්සේයි. 43 හැවිරිදි මෙම ස්වාමින් වහන්සේ ගිහි කල මෘදුකාංග ඉංජිනේරුවරයකු වූ අතර, පසුව ඒ සියලු ලෞකිය සැප සම්පත් අතහැර නිවන් මාර්ගය සොයා මෙරටට පැමිණ සිටියහ. තමා ලද මනුෂ්‍ය ජීවිතයේ අරුත කුමක්ද යන ප්‍රශ්නයට පිළිතුරු සොයමින් සිටියදී උන්වහන්සේට ගිහි ගෙදර සිටියදී බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට ලැබී තිබුණේ අහම්බෙනි. ඉන් පසුව ධර්මය කෙරෙහි නැඹුරු වූ සිත් ඇතිව 2021 වසරේදී මෙරටට පැමිණ පැවිදි දිවියට ඇතුළත්ව නැවත සිය මවු රටට වැඩම කරන උන්වහන්සේ, 2025 වසරේ ජනවාරි මස නැවතත් කුඩුම්බිගල ආරණ්‍යයට වැඩම කර තිබුණා. එදා පටන් උන්වහන්සේ මෙරට හිමිවරු දෙනමක්ද සමග කුඩුම්බිගල සේනාසනයේ වැඩ සිටියා.

නන්ද හිමියන් වෙනදා මෙන් පසුගිය 26 වැනිදා උදෑසන දානය ලබාගැනීමට නොපැමිණීම උන්වහන්සේගේ සහෝදර හිමිවරුන්ට ගැටලුවක් වී තිබුණා. ඒ අනුව නන්ද හිමියන්ගේ සහෝදර හිමිනමක් වන පූජ්‍ය සියඹලාවැව ජිනාලංකාර හිමියන් නන්ද හිමියන් වැඩසිටි ගල්ලෙනට වැඩම කර තිබුණේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසා බැලීමටයි. ඒ අනුව උන්වහන්සේට දැකගන්නට ලැබී තිබුණේ ඇස් අදහා ගැනීමට නොහැකි දර්ශනයකි. ඒ, ලෙන තුළ සාදා තිබූ කුඩා කුටිය තුළ ලේ විලක් මැද මුනින් අතට වැටී සිටි නන්ද හිමියන්ගේ මෘත දේහයයි. වනාන්තරයේ නිතර සැරිසරන කොටියකුගේ පහරදීමෙන් නන්ද හිමියන් අපවත් වී ඇති බව ඒ අනුව අනාවරණ වුණා.

නන්ද ස්වාමින් වහන්සේගේ බෙල්ලේ දරුණු දත් පහරවල් තිබූ බවයි පොලිසිය සඳහන් කර තිබුණේ. එමෙන්ම සේනාසනයේ වැඩවාසය කරන අනෙකුත් ස්වාමින්වහන්සේලා සඳහන් කර තිබුණේ කොටියෙකු මේ ස්ථානයට නිතර පැමිණෙන බවයි. එම ප්‍රදේශය කොටි සහ වළස්සු සුලබව ගැවසෙන ප්‍රදේශයක් මෙන්ම මනුෂ්‍ය වාසයට අනාරක්ෂිත කලාපයක් බව වනජීවී සංරක්ෂණ සංසදයේ ලේකම් නයනක රන්වැල්ල මහතා පවසා සිටියා.

‘ලංකාවේ ජීවත් වන ‘පැන්තරා පාලුස්’ කියන කොටි විශේෂය හිටගෙන ඉන්න මිනිස්සුන්ට පහරදීම් කරන්නේ නැහැ. මිනිස්සු වාඩිවෙලා ඉඳිද්දි මේ කොටියාට හිතෙනවා කුඩා ක්ෂීරපායී සතෙක් තමයි මේ ඉන්නේ කියලා. එහෙම හිතලා පහරදීම් කරනවා. හාමුදුරුවන්ගේ පිටිපස්සෙන් ඇවිල්ලා බෙල්ලෙන් ඇල්ලුවා කියලා හිතන්න පුළුවන්. මේ වගේ කොටි ගැවසෙන ප්‍රදේශ අවදානම්සහගතයි. අපිට මේ ස්වාමින්වහන්සේගේ බෙල්ලේ දරුණු දත් පහරවල් දැකගන්නට ලැබෙනවා…’ යනුවෙන් ඔහු පවසා සිටියා.
ඒ වගේම කුමන ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක බුද්ධික විදානගේ මහතා පවසා තිබුණේ බඹරගස්තලාව සහ කුඩුම්බිගල අතර ගල්ගුහාවක මෙම සිදුවීම සිදුව ඇති බවයි. සිද්ධිය සැලවීමෙන් පසු පස්වරු 1.00 පමණ වනවිට වනජීවී නිලධාරීන් එම ස්ථානයට ළඟා වී ඇති බවත්, නැවත පස්වරු 5.00ට එම පමණ කොටියා මරණයට පත් භික්ෂුවගේ ශරීරයේ ඉතිරි කොටස් කෑමට නැවත එහි පැමිණ ඇති බවත් වාර්තා වනවා. කෙසේ වෙතත් කොටියා අලි වෙඩි ගසා පලවා හැරි බවත්, රාත්‍රී 10.00ට පමණ නන්ද හිමියන්ගේ දේහය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ කොටියා අසල මාර්ගයේ රැඳී සිටි බවත් පවසන වනජීවී නිලධාරීන් දන්වා සිටියේ මෙම කොටියා මිනී මස් කන්නට හුරුවී ඇති නිසා ප්‍රදේශවාසීන් සහ භික්ෂුන්වහන්සේලා බඹරගස්තලාව ප්‍රදේශයට පැමිණීමෙන් වැළකී සිටින ලෙසයි.

මෙම ආරණ්‍ය සේනාසනය කුමන ජාතික වනෝද්‍යානයේ පිවිසුමේ සිට කිලෝමීටර් 12ක පමණ දුරකින් ඝන වනාන්තරය මධ්‍යයේ පිහිටා තිබේ. විශාල ගල් පර්වතවලින් සමන්විත ප්‍රදේශයක මෙම ආරණ්‍ය සේනාසනය ක්‍රිස්තු පූර්ව 246දී මෙරට පාලනය කළ රජු විසින් භාවනායෝගී භික්ෂුන් වහන්සේලාගේ පරිහරණය සඳහා ගොඩනගන ලද්දක් බව ඓතිහාසික මූලාශ්‍රවල දැක්වේ.

බ්‍රාහ්මී ලිපි සහිත ලෙන්, පැරණි දාගැබ් නටබුන්වලින් සමන්විත මෙම ප්‍රදේශය වන සතුන්ගේ වාසභූමියක් බව දැනගන්නට තිබේ. විශේෂයෙන් කොටි, අලි, වළසුන් මෙහි නිතර සැරිසරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර සහ අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් පරිදි පානම පොලිස් නිලධාරීන් සහ වනජීවී නිලධාරීන් එක්ව මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරති. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අම්පාර මූලික රෝහලේ වෛද්‍ය නිලධාරී කමල් බණ්ඩාර මහතා විසින් සිදුකරනු ලැබුවා. ස්වාමින් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙරටදී සිදුකිරීමට නියමිත බව පූජ්‍ය සියඹලාවැව ජිනාලංකාර හිමියන් පසඳහන් කර තිබුණා.

මෙම අනුවේදනීය සිදුවීම පානම ප්‍රදේශයේ වැඩවාසය කරන ස්වාමින්වහන්සේලාට දැඩි සංවේගයක් ඇතිකර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පවා දේශනා කර තිබෙන්නේ ආරක්ෂිත ස්ථානයක ජීවත් වන ලෙසයි. දරුණු වන සතුන් ගැවසෙන ස්ථාන, අවදානම්සහගත බෑවුම් සහිත ස්ථානවල කුටි ඉදිකිරීම පවා උන්වහන්සේ අනුමත කර නැහැ. ‘පතිරූප දේස වාසෝච’ යනුවෙන් සුදුසු තැනක වාසය කිරීමටයි උන්වහන්සේ අනුදැන වදාළේ. බුදුරදුන් දුෂ්කර ක්‍රියා කර නිවන් මාර්ගය අවබෝධ කරගත්තද, නිවන් දැකීමට වෙහෙසන අනෙක් ස්වාමින් වහන්සේලා එලෙස දුෂ්කර ක්‍රියා කළ යුතු බව උන්වහන්සේ දේශනා කර නැහැ. මැදුම් පිළිවෙතට අනුගතව ආරක්ෂිත ස්ථානයක භාවනා කටයුතු කළයුතු බවයි බුදුරදුන් අනුදැන වදාළේ. කෙසේ නමුත් ආරණ්‍යයක ගල් ලෙනක් තුළ භාවනානුයෝගීව හිඳිමින් සසර දුක නිවන මග සොයන්නට වෙහෙසුණු ඒ උත්තම ස්වාමින්වහන්සේට අවසානයේ සිදුවුණේ සොබාදහමේ නියමයට යටත්ව මෙලොව හැර යාමටයි.

‘හොඳම දේ ඔතැනින් අයින් වෙන එක. කොටියාට මිනිස් ලේ රස වැටිලා තියෙන්නේ. ඉන්න හැම කෙනෙකුගේම ජීවිතවලට තර්ජනයක්. ඌට මිනීමරු කොටියෙක් කියලා වැඩක් නැහැ. සත්තු ජීවත් වෙන්නෙ කැලෑවල. මනුෂ්‍යයෝ වශයෙන් අපි ඒ ස්ථානවලින් අයින්වෙලා ආරක්ෂිත ස්ථානවලට යෑම නුවණට හුරුයි….’ කියලා බොහෝ දෙනෙකු පවසා තිබුණා. කැලේ අයිති සතුන්ට බව අපි දැනගත යුතුයි.

විදේශයක ඉපදී අප පින්බිමේ ආරණ්‍යයක නිවන් මාර්ගය වඩමින් සසර කෙටිකර ගැනීමට වෙහෙසුණු ඒ ගෞරවනීය හිමිනමගේ අපවත්වීම අප රටට පාඩුවක් වනු නියතය. සොබාදහමේ රුදුරු බව හමුවේ දැයෙන් සමුගත්තද උන්වහන්සේ අපට ඉගැන්නුවේ ජීවිතයේ ඇති අනියත බව පිළිබඳ වටිනා පාඩමකි. ධම්මපදයේ එන මෙම වටිනා ගාථා රත්නය මෙම සිදුවීමේ ඇති යථාර්ථය කදිමට පෙන්වා දෙයි.

‘සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඥාය පස්සති
අථ තිබ්බින්දති දුක්ඛේ
ඒස මග්ගෝ විසුද්ධියා…’

(සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ප්‍රඥාවෙන් දැනගත් කල්හි දුක සැප දෙක කෙරෙහිම අවබෝධයෙන් කලකිරේ. එම කලකිරීමම කෙළෙස්වලින් දුරුවී පරම විශුද්ධිය වන නිර්වාණාවබෝධයට මාර්ගය වෙයි)

නන්ද ස්වාමින්වහන්සේ සෙවූ ඒ අජරාමර නිවන් සුවය වැඩිදුරක නොවේවායි අපද ප්‍රාර්ථනය කරමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

දොස්තර කෙනෙක් ඇමැති වෙලා උද්දච්ච වුණාම.. හිතුවක්කාර වුණාම ප්‍රතිපලය තමයි මේ..! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ සාම පාගමනට ලෝකෙම දන්න ‘ආලෝකාත්’ එකතු වෙනවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.