ගල් අගුරු වංචාව, ඉන්ධන මිල සහ විදුලි බිල දරාගත නොහැකි ලෙස ඉහළ දැමීම ඇතුළු ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් මුල් කර ගෙන සමගි ජන බලවේගය විසින් ඊයේ (30) රාත්‍රියේ දී අම්පාර නගරයේ දී සාමකාමී විරෝධතාවක් සංවිධානය කරන ලදී.Sri Lanka Latest News
‘පච මදිවට හොරු අනුරට බෑ’ යන තේමාව මුල් කර ගත් මෙම සාමකාමී විරෝධතාව සඳහා අම්පාර ප්‍රදේශයේ ජනතාව ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නායකයන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් ඇතුළු පිරිසක් එක්විය. එහි දී ඔවුන් විදුලි බිල සහ ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන ලෙසත් ගල් අගුරු වංචාව සිදු කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් රජයට බලකිරීම සිදු කරන ලදී.














