• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිංහල බලවේග රාජපක්ෂලාට එරෙහිව යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

August 22, 2020
in Exclusive, Gurudawa
Reading Time: 2 mins read
A A
සිංහල බලවේග රාජපක්ෂලාට එරෙහිව යයිද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මහින්ද රාජපක්‍ෂ අගමැති ධුරයේ දිවුරුම් දෙන්න කැලණි පන්සල තෝරා ගත්තේ නිකම්ම නොවේ. මහින්ද කැලණි පන්සල තෝරා ගත්තේ ජනාධිපතිවරණයේදී නාගයා මතු වුණු හින්දා කියල සමාජ මාධ්‍යවල හාස්‍යයට ලක්කළාට කැලණි පන්සල සංකේතවත් කරන්නේ ලංකාවේ සිංහල බෞද්ධ බලවේගවල නැඟිටීමයි. 1956 ටයි, කෝට්කාර කළු සුද්දන්ට එරෙහිව සිංහල බෞද්ධ බලවේය නැඟිට්ටේ කැලණි පන්සලේ බුද්ධරක්ඛිත හාමුදුරුවන්ගේ නායකත්වයෙන්ය. ඒකට කිව්වේ 56 විප්ලවය කියාය. යළිත් ඒ වගේ විප්ලවයක් දියත් වූයේ 2004 මහ මැතිවරණයේදී සහ 2005 ජනාධිපතිවරණයේදීය. ඒ දමිළ ජාතිකවාදයට එරෙහි සිංහල බෞද්ධ බලවේගයේ සටනයි. එකල ඒ බලවේගයට නායකත්වය දුන් චරිත දෙකක් විය. එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා සහ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයෙන් කොළඹ සම්බෝධි විහාරය රඟපෑවේ එක් චරිතයකි. අනෙක් චරිතය රඟපෑවේ සෝම හාමුදුරුවන්ගේ නාමය නායකත්වයට ගෙන හිමිවරුන් මන්ත්‍රිවරුන් කිරීමේ මෙහෙයුම දියත් කළ චම්පික රණවකගේ හෙළ උරුමයය. තෙවැනි විප්ලවය මුස්ලිම් ජාතිකවාදයට එරෙහි සිංහල බෞද්ධ බලවේගයේ සටනය. මේ සටන පටන්ගත්තේ ගලබොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ය. පසුව මේ සටනට අතුරලියේ රතන හාමුදුරුවෝ එක්වූහ. සටනේ ප්‍රධාන චරිත දෙක වූයේ මේ චරිත දෙක වුවත් පසුව කාදිනල් හිමි,
අස්ගිරි මහනාහිමි, අභයාරාම පන්සල, සම්බෝධි විහාරය, බෙල්ලන්විල පන්සල, ඇල්ලේ ගුණවංශ හිමිගේ පන්සල, කැලණි පන්සලද මේ සටනට වෙන වෙනම එක් විය.
56 සිංහල බෞද්ධ විප්ලවයේ හැරවුම් ලක්‍ෂය වූයේ එවකට අගමැති සර් ජෝන් කොතලාවල සම්බුද්ධ ජයන්තිය සමරන වසරේ ඡන්ද පවත්වන්න එපා යැයි හාමුදුරුවන් කළ ඉල්ලීමට පයින් ගසා ඒ වසරේම මහා ඡන්දය පැවැත්වීමය. 2004 – 2005 සිංහල බෞද්ධ විප්ලවයේ හැරවුම් ලක්‍ෂය වූයේ එවකට අගමැති රනිල්ගේ සටන් විරාම ගිවිසුමත්, සෝම හිමිගේ අපවත් වීමත්ය.
2019 සිංහල බෞද්ධ විප්ලවයේ හැරවුම් ලක්‍ෂය වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරයය. 1956 විප්ලවයේ ප්‍රධාන හතුරා ටයි-කෝට් ඇඳපු සර් ජෝන්ය. 2004 – 2005 විප්ලවයේ ප්‍රධාන හතුරා ප්‍රභාකරන් ඇතුළු ඔහුව වන්දනා කරන දමිළ දේශපාලනඥයන්ය. 2019 විප්ලවයේ ප්‍රධාන හතුරා මුස්ලිම් දේශපාලනඥයන්ය. 56 විප්ලවයේ දරුවා බණ්ඩාරනායකය. 2004 – 2005 විප්ලවයේ දරුවා මහින්ද රාජපක්‍ෂය. 2019 විප්ලවයේ දරුවා ගෝඨාභයය.
මේ විප්ලව සහ මේ විප්ලවවලට නායකත්වය දෙන බලවේග සහ එයින් බිහි වන නායකයන් ගැන සර් ජෝන් කොතලාවල අපූරු කතාවක් කීවේය.
‘මම බැඳල තිබුණු බල්ලෝ බණ්ඩා ලිහුවා. දැන් බණ්ඩා කනවෝ කනවෝ කියලා කෑගහනවා…’
සර් ජෝන් මේ කතාව කීවේ 1956 සිංහල බෞද්ධ බලවේගවල පිහිටෙන් අගමැති වූ බණ්ඩාරනායක, බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම අස්සන් කරන්න යද්දී එයට එරෙහිව මේ සිංහල බෞද්ධ බලවේගම දියත් කළ විරෝධතාවය නිසා බණ්ඩාරනායක අසරණ වූ හැටි දැකලාය.
බණ්ඩාරනායක මේ බලවේගවල කර මතින් බලයට ආවේ බලයට ආවාට පසු මේ බලවේග මෙල්ල කරගන්න පුළුවන් වෙයි කියා හිතාගෙනය. මේ බව ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානයේ සඳහන් වන්නේ මෙසේය.
‘තමන්ගේ නායකත්වය අපේක්‍ෂා කරන කලබලකාරී කණ්ඩායම් මෙල්ල කරගෙන ඉදිරිපත් විය හැකි අර්බුද ජය ගැනීමට තමාට හැකි වෙතැයි බණ්ඩාරනායක තුළ දැඩි ආත්ම විශ්වාසයක් තිබුණි.’
(ජේ. ආර්. චරිතාපදානය – පිට 458)
ඇත්තෙන්ම බණ්ඩාරනායක හිතුවා වැරැදිය. ඔහුට ඔවුන් මෙල්ල කරගත නොහැකි විය. ඔහු ඒ බලවේගයන්හි ගොදුරක් විය.
2004 – 2005 සිංහල බෞද්ධ බලවේගයේ සටනට නායකත්වය දුන් සරත් එන්. සිල්වා, ජනතා විමුක්ති පෙරමුණ, හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂට එරෙහිව නැඟී සිටියේද බණ්ඩාරනායකව බලයට ගෙන ආ සිංහල බෞද්ධ බලවේග ඔහුට එරෙහිව නැඟී සිටිය ආකාරයටය.
‘2019 සිංහල බෞද්ධ විප්ලවයේ දරුවා ගෝඨාභයටත් ඒ සන්තෑසියම වෙයිද…?’
ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මුස්ලිම් ජාතිකවාදයට එරෙහි සිංහල බෞද්ධ බලවේගයන්හි කරමතින් ජනාධිපති වූ ගෝඨාභය හරි අපූරු වැඩක් කළේය. එනම් මුස්ලිම් ජාතිකයෙක් අධිකරණ ඇමැති ධුරයට පත්කොට රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදීම ඔහුට බාර දුන්නේය. අලි සබ්රි අධිකරණ ඇමැති ධුරයට පත්කිරීමට එරෙහිව මහනායක හිමිවරු සහ කාදිනල් හිමි විරෝධය පළ කළ බව සති අන්ත පුවත්පත් වාර්තා කොට තිබුණි. ගෝඨාභය අලි සබි්‍රව අධිකරණ සහ ව්‍යවස්ථා සම්පාදක ඇමැති ලෙස පත්කළේ ඒ විරෝධය නොතකාය. ගෝඨාභයට ජනාධිපති වෙන්න සිංහල බෞද්ධ රැල්ල නිර්මාණය කළ ජාතික සංවිධානද මේ පත්වීමට විරෝධය පළකොට තිබුණි.
ගෝඨාභයට ජනාධිපති වෙන්න මේ මුස්ලිම් විරෝධය රට පුරා පැල කළේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ය. මුලදී සිංහල බෞද්ධයෝ එම හිමියන්ව එතරම් ගණන් නොගත්තත් පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු එම හිමියන් කීවේ ඇත්ත යැයි හිතන්න පටන්ගත්හ. ඊළඟට පාස්කු බෝම්බ ප්‍රහාරයට පසු රට පුරා මුස්ලිම් විරෝධයට ගිනි තිබ්බේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆිට එරෙහි සිංහල බෞද්ධ රැල්ලක් නිර්මාණය කළ එම රෝහලේ අධ්‍යක්‍ෂ සරත්වීර බණ්ඩාරය. ඊළඟට මුස්ලිම් විරෝධී ගින්න ආණ්ඩුව ඇතුළේ පත්තු කළේ මුස්ලිම් ඇමැතිවරුන්ට ඉවත් වන්න යැයි බලපෑම් කරමින් දළදා මාලිගාව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කළ අතුරලියේ රතන හිමිය. ඊළඟට රට පුරා සමාජ මාධ්‍ය හරහා විශාල අර්බුදයක් ඇති කළ අමිත් වීරසිංහලාය. මේ චරිත නැතිනම් ගෝඨාභයට 2019 ජනාධිපතිවරණය ජයගැනීම ලෙහෙසි වන්නේ නැත.
ගෝඨාභය ජනාධිපති වී මහ මැතිවරණයට සූදානම් වෙද්දී අතුරලියේ රතන හිමි පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය ඉල්ලුවත් ඒ හිමියන්ට පොදුජන පෙරමුණේ අපේක්‍ෂකත්වය හිමි වූයේ නැත. මේ නිසා ගලගොඩඅත්තේ ඥානසාර හිමිට සහ අතුරලියේ රතන හිමිට මැතිවරණයට තරග කරන්න අලුත් සන්ධානයක් හදාගන්න සිදුවිය. ගලගොඩඅත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ ලැයිස්තුව ප්‍රතික්‍ෂේප විය. අතුරලියේ රතන හිමි පරාජයට පත්විය. දැන් අතුරලියේ රතන හිමිත්, ගලගොඩඅත්තේ ඥානසාර හිමිත් ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයට සටන් කරමින් සිටී. මහසෝන් බළකායේ අමිත් වීරසිංහ තමාව පරාජය කරන්න පොහොට්ටුවෙන් කුමන්ත්‍රණයක් දියත් කළා යැයි චෝදනා කරමින් සිටී. අලි සබි්‍රගේ පත්වීම ගැන කාදිනල් හිමි, මහානායක හිමිවරු, ජාතික සංවිධාන කණස්සල්ලෙන් සිටී. කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තය ඉන්දියාවට දීමට එරෙහිව ගෝඨාභය බලයට ගෙන එන සිංහල බෞද්ධ බලවේගයේ ප්‍රධාන චරිතයක් රඟපෑ ඇල්ලේ ගුණවංශ හිමියන් වරාය වැඩවර්ජනයට එක් වූයේද තමා ආණ්ඩුව ගැන කලකිරී ඇතැයි පවසමින්ය.
‘මේ බලවේග නිහඬව සිටියිද..?’
‘අඬන්න බලාගෙන ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇන්නා වගේ’ යැයි කතාවක් තිබේ. ගෝඨාභය මහින්ද ආණ්ඩුව ඇමෙරිකානු මිලේනියම් ගිවිසුම අස්සන් කරන්න තීරණය කළහොත් පාරට බහින්න ඇඟිලි ගැන ගැන ඉන්න මේ බලවේග පාරට ඇදලා දැමීමකි.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රනිල්ට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද ගේමට බසී

Next Post

දකුණු ආසියාවේ අක්කයි නංගියි- අයියයි මල්ලියි (විමලසිරි ජයලත්ගේ ‘රටේ පැත්ත’)

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.