• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලලිත්ට මැතිනිට අනුරට පිහිට වුණු ජේ.ආර්.ගේ ඉස්පිරිතාලේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 28, 2026
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
ලලිත්ට මැතිනිට අනුරට පිහිට වුණු ජේ.ආර්.ගේ ඉස්පිරිතාලේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ජේ.වී.පී. එක පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ ඒ කාලේ හිටපු ජාතික ආරක්ෂක ඇමැති ලලිත් ඇතුලත්මුදලි මැරෙන්න ගියා කියලා දන්නවද?’Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ආණ්ඩු කාලයේ පාර්ලිමේන්තු කටයුතු වාර්තා කරපු ජ්‍යෙෂ්ඨ වයස්ගත මාධ්‍යවේදියෙක් තරුණ යූටියුබ්කාරයෙක්ගෙන් ඇසුවේය.

මේ තරුණ යූටියුබ්කාරයා ජනාධිපති අනුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරයාට වෙන්කොට තිබූ කාමරය ජනසතු කිරීම ගැන උද්දාමයට පත්ව සිටි අයෙකි.

‘ජේ.වී.පී. එක පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු වෙලාවේ මාරාන්තික තුවාල ලබපු ලලිත්ගේ ජීවිතය බේරාගත්තේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල. ලලිත් හිටියේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ජනාධිපතිවරුන්ට වෙන්කරපු කාමරයේ…’ ඔහු කියාගෙන ගියේය.

‘ඒ කාමරය තමයි දැන් ඔය ජනසතු කරලා තියෙන්නේ…’ ඔහු කීවේ උපහාසයෙනි.

1951 සැප්තැම්බර් මාසයේ ජේ.ආර්.ගේ 45 වැනි උපන්දිනයට පෙර ජේ.ආර්. සැන් ෆ්‍රැන්සිස්කෝ සමුළුවට ගොස් බුද්ධ වචනය උපුටා දක්වමින් වෛරයෙන් වෛරය නොසන්සිඳේ යැයි කියා ජපන් සාම ගිවිසුමට අනෙක් රටවල් එකඟ නොකරන්න දෙවැනි ලෝක යුද්ධයේ කළ විනාශයට ජපානයට ලොකු වන්දියක් ගෙවන්න නියමිතව තිබිණි. ජේ.ආර්. කීවේ ජපානයට වෛර නොකරන ලෙසත්, සමාව දෙන ලෙසත්ය. ජේ.ආර්.ගේ කතාවෙන් පසු අනෙක් රටවල් ජපානයට දඬුවම් දෙන්න ගෙන ආ වන්දි ලැයිස්තු ඉවත් කර ගත්හ.

ඒ, ජේ.ආර්. 1978 ජනාධිපති වී ජපානයේ ආරාධනයෙන් ජපාන සංචාරයකට ගියේය. ජපානය ලොව අධිරාජ්‍යවරුන්ට පමණක් පිරිනමන ආචාර වෙඩිමුර 21ක් ජේ.ආර්.ට පිරිනැමීය.
ඔහු ජපානයේ අධිරාජයා හමුවූ විට අධිරාජයා මෙසේ ප්‍රකාශ කළේය.

‘අප ජනතාව තුළ එදා ඔබේ කතාවට ගැඹුරු හැඟීම් ඇතිවිය. ඔවුන්ට අනාගතයේ කිසිදු විටෙක එය අමතක නොවනු ඇත. අපි මේ අවස්ථාවේදී අපේ කෘතවේදීත්වය පළකරනු කැමැත්තෙමු…’
ඉන් පසු ජේ.ආර්. ජපානයේ අගමැති හමුවිය.

‘ඔබ අපේ රටට කළ සේවය වෙනුවෙන් ඔබේ රටට පරිත්‍යාගයක් ලබාදීමට අප කැමැත්තෙන් සිටිනවා…’ ජපන් අගමැතිවරයා පැවැසීය.

‘මොන වගේ ත්‍යාගයක්ද ඔබ හිතාගෙන ඉන්නේ…?’ ජේ.ආර්. ඇසුවේය.

‘ඔබගේ රට නවීකරණ වැඩපිළිවෙළට සහාය දක්වන්න පුළුවන් ත්‍යාගයක්…’ ජපන් අගමැති කීවේය.

‘ආධාරය කොතරම් විශාලද…?’ ජේ.ආර්. ඇසුවේය.

‘එය තීරණය කළ නොහැකි ආධාරයක්….’ ජපන් අගමැති පෙරළා උත්තර දුන්නේය.

‘මම ඓතිහාසික කෝට්ටේ ජයවර්ධනපුර පරිපාලන නගරය කරන්න සැලසුම් කරලා තියෙනවා. එහි නවීකරණය කරන ලද ඉස්පිරිතාලයක් හදන්න ආධාර කරන්න පුළුවන් නම් වටිනවා…’
ජේ.ආර්. හොඳට හිතලා මතලා කීවේය. එවිට ජපන් අගමැති නිලධාරීන්ගෙන් ඇහුවේ ජපානය වෙනත් රටවලට ඉස්පිරිතාල පරිත්‍යාග කර ඇතිද කියාය. එවිට නිලධාරීන් කියා සිටියේ තායිලන්තයට පරිත්‍යාග කර ඇති බවය.

‘එම ඉස්පිරිතාලය කොපමණ විශාලද?’

ජේ.ආර්. නිලධාරීන්ගෙන් විමසා සිටියේය.

‘ඇඳන් 1000ක ඉස්පිරිතාලයක්…’ නිලධාරීහු කීහ.

‘එහෙනම් ඇඳන් 1001ක් හදන්න…’ ජේ.ආර්. කීවේය.

‘කාටද ඒ වැඩිපුර ඇඳ…?’ කුතුහලයට පත් ජපාන අගමැති ඇසුවේය.

‘මට…?’

ජේ.ආර්. කීවේ ඇඟට පතට නොදැනීය.

උපුටා ගැනීම ජපාන අගමැතිගේ ලේකම් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නිරීක්ෂණ චාරිකාවකදී කළ කතාව. 2002

ජේ.ආර්. තමාට ඇඳක් ඉල්ලුවාට කවදාවත් ඒ ඇඳ පාවිච්චි කළේ නැත. ඒ ඇඳ පාවිච්චි කළේ ජවිපෙ බෝම්බයෙන් තුවාල ලබපු ලලිත් ඇතුලත්මුදලි සහ හිටපු අගමැතිනි බණ්ඩාරනායක මැතිනියය. ජපානය තම රටට කළ සේවයට ජේ.ආර්.ට දුන්න එකම තෑග්ග ඉස්පිරිතාලය නොවේ. රූපවාහිනිය දුන්නේත් ජපානයය. ජපානයෙන් ලංකාවට තවත් විශාල වශයෙන් ආධාර ලැබිණි.

ජේ.ආර්. ජපානය සමග ඇති කරගත් සමීප සබඳතාව වගේ සබඳතාවක් ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකවරු සහ රාජපක්ෂවරු චීනය සමග ඇති කරගත්හ. මහින්ද ජනාධිපති වී චීනයට ගිය අවස්ථාවක ඔහු කොළඹ මහ ඉස්පිරිතාලයේ බාහිර රෝගී අංශයේ තදබදය දැක බාහිර රෝගී අංශයට නවීකරණය කරන ලද ඉස්පිරිතාලයක් හදා දෙන ලෙස ඉල්ලා සිටියේය. චීනය කැමැති විය. මහින්දගේ ඉල්ලීමක් මත ඉස්පිරිතාලය ලංකාවට ලැබුණාට එහි මුල්ගල තිබ්බේ 2017 මෛත්‍රීපාල සිරිසේනය.

2015 මෛත්‍රී ජනාධිපති වූ විට මෛත්‍රී චීනයට ගිය විටදී චීන ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය. එනම් පොළොන්නරුවේ සහ අනුරාධපුරයේ විශාල වශයෙන් වකුගඩු රෝගීන් සිටින නිසා ඔවුන්ට ප්‍රතිකාර කරන්න පොළොන්නරුවට වකුගඩු සඳහා රෝහලක් ලබාදෙන ලෙසය. චීනය මෛත්‍රීගේ ඉල්ලීම පිළිගනිමින් පොළොන්නරුවට අතිනවීන පහසුකම් සහ උපකරණවලින් සමන්විත වකුගඩු රෝහලක් ඉදිකර දුන්නේය.

මේ ඉස්පිරිතාල ජපානය සහ චීනය ලබාදුන්නේ ලංකාවේ ජනාධිපතිවරු එම රටවල් සමග ඇති කරගත් සමීප සබඳතා නිසාය. යූ.ඇන්.පී.ය සෑම විටම ජපානය වෙනුවෙන් පෙනීසිටියේය. ශ්‍රීලනිපය චීනය වෙනුවෙන් පෙනීසිටියේය.

‘අනුර පෙනීසිටින්නේ කා වෙනුවෙන්ද…?’

ප්‍රශ්නය තියෙන්නේ එතැනය. අනුරත් චීනයට ගියේය. අනුරත් ජපානයට ගියේය. ශ්‍රීලනිපයට වඩා දැඩි පක්ෂ සම්බන්ධයක් ජවිපෙට චීනය සමග තිබේ. රුසියාව සමග තිබේ.
‘ඇයි අනුරට ඒ සබඳතා පාවිච්චි කරමින් ලංකාවට අත්‍යාවශ්‍ය දෙයක් ඉල්ලන්න බැරි…?’

එසේ නොකර ජේ.ආර්.ට ජපානයෙන් දුන්න ඇඳ ජනසතු කිරීම විහිළුවකි. ලංකාවේ හොඳ සෞඛ්‍ය පහසුකම් තිබියදී දේශපාලනඥයෝ සිංගප්පූරුවට යෑම ගැන ජවිපෙ අවලාද නගති. ජේ.ආර්. තමා වෙනුවෙන් ජපානයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ එම ඇඳ ජපානයෙන් ඉල්ලා සිටියේ ඒ නිසාය. ලලිත් ඇතුලත්මුදලි සහ බණ්ඩාරනායක මැතිනිය එහි ප්‍රතිකාර ගත්තේ ඒ නිසාය. 2009 ඔපරේෂන් ලිබරේෂන් මෙහෙයුමේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දරුණු තුවාල ලබා රෝහල්ගත කළේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලටය. ඔහුට පමණක් නොව යුද්ධයෙන් තුවාල ලද හමුදා සහ පොලිස් ජීවිත බේරාගත්තේත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලය.

එපමණක් නොව 2015 නොවැම්බර් 02 වත්මන් ජනාධිපති අනුර පාර්ලිමේන්තුවේදී පපුවේ අමාරුවක් සෑදී රෝගී තත්ත්වයට පත්වූ විට ඔහුව රැගෙන ගියේත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලටය.
ජවිපෙ බෝම්බ ප්‍රහාරයට ලක්වූ ලලිත් සහ ජවිපෙ නායක අනුරත් ප්‍රතිකාර ගත් ශ්‍රී ජයවර්ධනපුර රෝහල ලංකාවට ලැබුණේ ජේ.ආර්. නිසාය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

රටට වෙන්න යන අනතුරු ගැන කල්තියාම කිව්ව විපක්ෂනායක සජිත් තවත් මහා අනතුරක් ගැන කල්තියාම කියයි! බරපතළ පොහොර හිඟයක් එනවා! මිටියක මිල 17,000ට නගිනවා! මෙන්න ප්‍රශ්නෙට විසඳුමත් කියනවා!VIDEO I Sri Lanka Latest News

Next Post

කොච්චර හම්බකළත් අතේ සතේ නැද්ද? සල්ලිවලට මොකද වුණේ කියලා හිතාගන්න බැරිද? අතමිට සරුවෙන අත්දුටු ෆෙන්ෂුයි ප්‍රතිකර්ම මෙන්න…! Sri Lanka Latest News

MORE NEWS

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

Load More
බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

ලබන 27 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිත මහා සංඝ සම්මේලනය සම්බන්ධයෙන් මල්වතු-අස්ගිරි පාර්ශ්වයන් දැනුවත් කිරීමට භික්ෂූන් වහන්සේලා ඊයේ දින කටයුතු කොට...

Read more
සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

ජී.එල්-රාජිත-පාඨලී ඉන්න ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුකමින් එළවා දමපු හැටි ප්‍රශ්න කරනවා..! අනේ පව්.. බලන්නකෝ කට්ටියගේ මූණවල්…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.