ලබන සිංහල සහ හින්දු අලුත් අවුරුදු සමය අවසන් වනවිට ඉන්ධන, විදුලි සහ ජල යන අත්‍යාවශ්‍ය සේවාවන් තුනෙහිම දැවැන්ත කප්පාදුවකට යොමුවීමේ අවදානමක් මේ වනවිට මතුව තිබේ.Sri Lanka Latest News
මැදපෙරදිග ඇමෙරිකා-ඉරාන යුද්ධය හේතුවෙන් දැනටමත් ලෝකය පුරා ඉන්ධන බෙදාහැරීමේ බරපතළ අර්බුදයක් මතුව ඇති අතර, ඒ හරහා දැනටමත් ලංකාව ඇතුළේද ඉන්ධන මිල ඉහළ ගොස් ඇතුවා පමණක් නොව, ඉන්ධන බෙදාහැරීමද කිව්.ආර්. කේතය මත පදනම්ව සිදුකරනු ලබයි.
මුලින් ආණ්ඩුව ඉන්දියාව, ඇමෙරිකාව සහ ඇල්ජීරියාව යන රටවලින් ඉන්ධන ලබාගන්නා බව ප්‍රකාශ කළද, මේ වනවිට එම රටවල් තුනෙන්ම ඉන්ධන ලබාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති අතර, ආණ්ඩුව දැන් රුසියාවෙන් තෙල් ලබාගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කොට ඇති බවක් දැකගත හැකිය.
දැනට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මුල් අවස්ථාවේදී ඉන්ධන නෞකා දෙකක් පමණක් ලංකාවට ලබාදීමට රුසියාව කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත්, ඉදිරියටත් රුසියාවෙන් තෙල් ලබාගැනීමට අවශ්‍ය නම් අවුරුදු 5ක කාලයක් සඳහා ලංකාව රුසියාවෙන් තෙල් ලබාගැනීම සඳහා ගිවිසුම්ගත විය යුතු බවත්ය.
එසේ වුවත් විදුලි උත්පාදනය සඳහා මෙම තෙල්වලින් සැලකිය යුතු කොටසක් වැයකිරීමට සිදුව ඇති තත්ත්වයක් යටතේ තවදුරටත් ඉන්ධන සීමා කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව බලශක්ති විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ.
මේ අතර, විපක්ෂය දැනටමත් අවධාරණය කොට ඇත්තේ පසුගිය කාලය පුරා ආණ්ඩුව බාල ගල් අඟුරු ගෙන ඒම හේතුකොට ගෙන ලබන අප්‍රේල් මාසය වනවිට නියත වශයෙන්ම විදුලි කප්පාදුවකට යෑමට ආණ්ඩුවට සිදුවනු ඇතැයි කියාය.
දැනටමත් බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් අවශ්‍ය දෛනික මෙගාවොට් ප්‍රමාණය නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයෙන් නිෂ්පාදනය නොකෙරෙන බව පෙන්වා දෙන විපක්ෂ නියෝජිතයන් දෛනිකව අවශ්‍ය විදුලිය නිපදවීම සඳහා තෙල් ලීටර් ලක්ෂ අටහමාරක් පමණ වැය කරන බවද පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය දීර්ඝකාලීනව පවත්වා ගැනීමට නොහැකි නිසා නියත වශයෙන්ම විදුලිය සහ තෙල් කප්පාදුවකට යෑමට ආණ්ඩුවට සිදුවනු ඇති බවද ඔවුන්ගේ මතය වී තිබේ.
මේ අතර, පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ජල මූලාශ්‍ර සීඝ්රයෙන් සිඳී යමින් පවතින බැවින්, පානීය ජලය අපතේ නොයවා අරපිරිමැස්මෙන් පරිහරණය කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.
විශේෂයෙන්ම ජනතාව අනවශ්‍ය ලෙස ජලය පරිභෝජනය කිරීම නිසා උස් බිම්වල සහ නළ මාර්ගයේ අන්තයේ සිටින පාරිභෝගිකයන්ට අඩු පීඩනයක් යටතේ ජලය ලැබීමේ හෝ ජල සැපයුම ඇණහිටීමේ අවදානමක් පවතියි.
මේ හේතුවෙන් ගෙවතු වගාවන් සඳහා ජලය දැමීම, වාහන සේදීම සහ පදික වේදිකා පිරිසිදු කිරීම වැනි අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නළ ජලය භාවිත කිරීමෙන් හැකිතාක් වැළකී සිටින ලෙස නිලධාරීන් උපදෙස් දෙයි.










