සාකච්ඡා සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වීමක් වශයෙන් ඉරානය විසින් තෙල් නැව් 10 කට හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබා දී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.Sri Lanka Latest News
ධවල මන්දිරයේ පැවැති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම පියවර හඳුන්වාදී ඇත්තේ ඉරානයෙන් තමන් වෙත ලැබුණු “විශාල තෑග්ගක්” (Present) ලෙසයි.
තමන් අවංක සහ ස්ථාවර බව පෙන්වීම සඳහා විශාල තෙල් නැව් 08 කට අවසර ලබා දෙන බව ඉරානය මුලින් ප්‍රකාශ කළද, අවසානයේදී නැව් 10 කට එලෙස අවසර ලැබී ඇති බව ට්‍රම්ප් පවසනවා.
මෙම තෙල් නැව් පාකිස්තානු ධජය යටතේ යාත්‍රා කළ නැව් විය හැකි බවට ජනාධිපතිවරයා සැක පළ කළ නමුත්, ඒ පිළිබඳ වැඩිදුර විස්තර ධවල මන්දිරය විසින් මෙතෙක් නිකුත් කර නැහැ.










