• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාපනේ හිරගෙදරින් විජේවීරව පන්නන්න ගහපු රහස් සැලැස්ම අම්පාරේ ජවිපෙ නායකයා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News

March 29, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
යාපනේ හිරගෙදරින් විජේවීරව පන්නන්න ගහපු රහස් සැලැස්ම අම්පාරේ ජවිපෙ නායකයා පළමු වරට හෙළිකරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ නායක රෝහණ විජේවීර 1971 මාර්තු මස අම්පාරේදී අත්අඩංගුවට ගෙන සිටියදී කිසිදු අවස්ථාවක පහරදීම ආරම්භ කරන ලෙස දැන්වූයේ නැති බව ඔහු සමග අත්අඩංගුවේ සිටි බටපොල වඩුතන්ත්‍රිගේ සිරිල් හෙවත් දෙයනෙත්ති ලාල් සෝමසිරි ප්‍රකාශ කරයි.Sri Lanka Latest News

රෝහණ විජේවීර සමග අම්පාරේදී අත්අඩංගුවට ගත් හතර දෙනාම හමුවූ මෙම ලේඛකයා ඔවුන් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කළේය. ඒ ඉදිරියේදී නිකුත් වන ‘ජවිපෙ 1 වැනි කැරැල්ල හෙවත් 71 අප්‍රේල් 05 කැරැල්ල’ ග්‍රන්ථය සඳහාය. ඉකුත් දශක දෙකකට ආසන්න කාලයක් තුළ 1971 අප්‍රේල් කැරැල්ල තුළ සැබෑම නායකයන් සහ ක්‍රියාකාරිකයන් 173 දෙනකු ලේඛකයා ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් හමුවිය. පහත පළවන්නේ බටපොල ලාල් සෝමසිරි සිදුකළ දීර්ඝ අදහස් දැක්වීමෙන් කොටසකි.

‘මම බටපොල ලාල් සෝමසිරි. ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරයෙක් හැටියට මම වැඩ කළා 1970 ඉඳලා. 1971දී තමයි මම අම්පාරේ කාඩර්වරයෙක් හැටියට වැඩකරන්න නිශ්ශංක සහෝදරයා විසින් එක්ක ගියේ. එහිදී උහන පොලිස් කොට්ඨාසයේ මම වැඩ කළේ. ඒ අතරතුරේ තමයි මාර්තු 13 වැනිදා විජේවීර සහෝදරයා, කෙලී සේනානායක, අම්පාරේ ප්‍රේමරත්න, නිශ්ශංක සහෝදරයා ඇතුළු පිරිස අත්අඩංගුවට අරන් තිබුණේ ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදරදි.

ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදර ඉඳලා ඒගොල්ලෝ අරන් එනකොට මමත් ප්‍රේමතිලක කියලා තව කාඩර්වරයෙකුත්, ප්‍රේමරත්න සහෝදරයාගේ ගෙදරට යනකොට තමයි අපි දෙන්නත් අත්අඩංගුවට ගත්තේ. අත්අඩංගුවට අරන් අම්පාර පොලිසියට ගෙනිච්චා. ඊට පසුව අපිව මඩකළපුව බන්ධනාගාරයට ගෙනිච්චා. මඩකළපුව බන්ධනාගාරයේ ඉඳලා 13 වැනිදා රෑම නැවත අපි කොළඹ සී.ආර්.පී. එකට ගෙනාවා. සී.ආර්.පී. එකේ ඉඳලා මමත්, ප්‍රේමරත්නත්, රෝහණ විජේවීර සහෝදරයාත් ගෙනාවා යාපනයට.

මගේ මතකයේ හැටියට 30 නැත්නම් 29 වැනිදා අපිව ගෙනියනවා කිව්වා කල්මුණේ උසාවියට, මායි ප්‍රේමරත්නයි. ඒ වෙලාවේ තමයි විජේවීර සහෝදරයා කතාකරලා කිව්වේ, ‘ඔයගොල්ලන්ව දැන් නිදහස් කරාවි, මාව නිදහස් කරන්නේ නෑ’ කියලා. ප්‍රේමරත්නට කිව්වා ගිහිල්ලා ප්‍රේමතිලක සහෝදරයා හම්බවෙන්න කියලා. මට කිව්වා සනත් සහෝදරයා හම්බවෙන්න කියලා. හම්බවෙලා කියන්න පෝස්ටර් ගහන්න විජේවීර සහෝදරයා නිදහස් කරගන්න කියලා. උත්සාහ ගන්න එයාව නිදහස් කරගන්න කියලා. බැරිම වුණොත්, පහර දෙනවා නම් එයාව නිදහස් කරගන්නත් පන්සීයක වගේ කණ්ඩායමක් යාපනයට එවන්න කියලා කිව්වා.

ඒක තමයි ලොකු ආන්දෝලනයකට පත්වෙලා තියෙන පණිවුඩය. විජේවීර සහෝදරයා කිව්වේ නෑ කොයි වෙලාවකවත් පහර දෙන්න කියලා. එයා කිව්වේ පහරදීමක් සිදුවෙනවා නම් එයාව නිදහස් කරගැනීම සඳහා යාපනයට පන්සීයක පමණ කණ්ඩායමක් එවන්න කියලා.

1971 සහ 1988-89 කාල පරාසය තුළ ජේවීපී එකේ කටයුතු ගැන පොත් ලියන ධර්මන් වික්‍රමරත්න මහත්මයට මම මේ තොරතුරු කිව්වේ. මගේ ගෙදරදි…’

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

ඉරානය ඉලක්ක ලැයිස්තුවක් හදයි! හමුදා කඳවුරු නෑ! ජලයටයි-බලයටයි ගහන්න යයි! රටවල් 6ක්! Sri Lanka Latest News

Next Post

අපේ මුහුදට ඇවිල්ලා අමෙරිකාව ගහපු සබ්මැරීනය මොකද්ද කියලා අද වනතුරු එකෙක්වත් දන්නෙ නෑ! සජිත් ප්‍රශ්න කළාම ගොන්නු වගේ මඩ ගැහුවා! හෝමූස් එක වහන්න යන්නේ වහාම ලෑස්ති වෙන්න කිව්වාම හිනාවුණා..! ගණන් ගත්තෙ නෑ! හෝමූස් වැහුවා.. අපිට තෙල් නැතිවුණා..! මෙන්න අලුත්ම එක..! බාර්බ් අල් මන්දාබ් සමුද්‍ර සන්ධියටත් ලොකු තර්ජනයක්! වහාම සූදානම් වෙන්න..! සජිත් කියනවා..! ගොන්නු ටික හිනාවෙයල්ලා.. තියෙන ටිකත් නැති වුණාම අඬපල්ලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.