ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය පසුකරමින් පාසල් වලට ඇතුලත් වන දරුවන්ගෙන් 67 % නිසි මුඛ සෞඛ්‍ය තත්ත්වයකින් නොමැති බව හා දත් දිරායාම තත්ත්වය දක්වා වර්ධන වී තිබිම ඉතා කනගාටු දායක තත්ත්වයක් බව මස්කෙලිය කොට්ඨාසයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම් එච් ඒ එම් ඉර්ෂාඩ් මහතා පවසයි .
ඔහු ඒ බව පැවසුවේ මාර්තු 20 වන දිනට යෙදි තිබුන ලෝක මුඛ සෞඛ්‍ය දිනයට සමගාමීව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල පරිශ්‍රයේ පසුගියදා පැවති මුඛ සෞඛ්‍ය හා දත් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් දැනුම්වත් කරන ප්‍රදර්ශනය පැවති අවස්ථාවේ දීය .
වසර කීපයකට පෙර කරන ලද සායනික සමික්ෂණයක් මගින් ඉහත තත්ත්වය හදුනාගෙන තිබේ.අඹගමුව ,මස්කෙළිය හා බගවන්තලාව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල මෙම තත්ත්වය වඩාත් කනගාටු දායක වන අතර දරුවන් එයින් මුදවා ගැනිම සදහා වසර පුරා ක්‍රියාත්මක කරන වැඩ සටහන් අතරට මෙම ප්‍රදර්ශනය ද පවත්වනු ලැබේ .ඒ අනුව මෙවර මුල් ළමාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථාන සහභාගි කර ගනිමින් ඔවුන් විසින්ම කරන ලද නිර්මාණ ඇතුලත් නිරෝගි මුඛ සෞඛ්‍යක් සදහා යහපත් පුරුදු ඇතුලත් ප්‍රදර්ශනය පවත්වන ලද්දේ සිව්වන වතාවටය.
මෙලෙස දරුවන් හා දෙමාපියන් දැනුම්වත් කිරිම මගින් ඉහත අයහපත් මුඛ සෞඛ්‍ය මට්ටම සියයට 60 පමණ දක්වා අඩුකර ගැණිමට හැකිවි තිබෙන බවත් හෙතෙම පැවසිය .
ඒ අනුව මස්කෙලිය කොට්ඨාසයේ මුල් ළමාවිය සංවර්ධනය කිරිමේ මධ්‍යස්ථාන 36 න් පමණ නිර්මාණ ඉදිරිපත් කර තිබින . නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මුඛ සෞඛ්‍ය ඒකකය හා මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පාසල් දන්ත චිකිත්සක ඒකකය එක්ව සංවිධානය කල කල මෙම වැඩසටහන අවස්ථාවට නෝර්වුඩ් කොට්ඨාසයේ සහකාර ප්‍රාදේශිය ලේකම් ,නුවරඑළිය ප්‍රාදේශිය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ දන්ත වෛද්‍ය නිලධාරි ඩි.එන් රන්දෙණිය ,මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එම් එච් ඒ එම් ඉර්ෂාඩ් ,මස්කෙලිය දන්ත චිකිත්සක නිලධාරී ඉරුෂි චානිකා ඇතුළු පිරිසක් එක්ව සිටියහ .










