කඩාවැටී ඇති රට ගොඩගැනීම සඳහා ඉදිරි මැතිවරණයකදී සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පසුගියදා පැවැති ජන හමුවක් අමතමින් සිරිවර්ධන මහතා සිදුකළ එම අදහස් දැක්වීම පහත පළවේ.Sri Lanka Latest News
‘ඉල්ලීමක් කරනවා ගමේ මිනිස්සුන්ට කියන්න එක පාරක් සජබය ප්‍රමුඛ අපිට දෙන්න කියලා. අපි මේක ඇත්තට හදන විදිය පෙන්නන්නම්.
හැබැයි කුමාරලා කරපු විදියට, මොන අර්බුදය ආවත් මන්ත්‍රීවරුන්ගේ ගෙවල්වලට ගහන එක, මාලිමාවේ මිනිස්සුන්ට ගහන එක, පාරවල් දිගේ මරන එක, ගහන්න යන ඒවා එකක්වත් සජබ පාක්ෂිකයෝ විදියට ඔබ කරන්න ඕනෙ නෑ. මොන අර්බුදය ආවත් ඡන්දයෙන් විතරයි අපි උත්තර හොයන්නේ. ඇයි අපි ජවිපෙකාරයෝ නෙවෙයි.
අපිට වුවමනා කරන්නේ යහපත් රටක්. ඒ රට මාලිමාවට හදන්න පුළුවන් නම් අපි උදව් කරන්න ඕනේ. ඒ රට පොහොට්ටුවට හදන්න පුළුවන් නම් අපි උදව් කරන්න ඕනේ. දැන් මේ ඔක්කොටම දීලා දීලා දීලා රටේ මිනිස්සු, ඉල්ලීමක් කරනවා ඔබ ගමේ මිනිස්සුන්ට කියන්න එක පාරක් සජබේ ප්‍රමුඛ අපිට දෙන්න කියලා.
අපි මේක ඇත්තට හදන විදිය පෙන්නන්නම්, බොරුවට හදන එක නෙවෙයි. බොරුවට හදපු කුමාරලා දැන් බොරුව උඩ රැවටි රැවටි වැටි වැටි යනවනේ, බොරු උඩ ලිස්ස ලිස්සා වැටෙනවනේ.
ඇත්ත කියලා අපි බලය ගමු. ඇත්තත් එක්ක එකතු වෙලා ඇත්ත කතාකරලා රට ගොඩනගන විදිය ගැන කියමු. මිනිස්සු ඇත්ත අහන්න ලෑස්තියි. දැන් මේ රටේ නූගතුන් නෙමෙයි ඉන්නේ. මිනිස්සු රැවටෙනවා සංවේදී බොරුවලට. ඒක ලේසි වැඩක් නෙවෙයි, ලස්සනට ඒක කියන්න ඕනෙ හරියට කුමාර බොරු කිව්වා වගේ.
එයා මේ රටේ ලොකුම බොරුකාරයා. ඊට අමතරව දැන් ලොකුම හොරකම් ආරක්ෂා කරන මිනිහා බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා දැන් එක පැත්තකින් කුමාරගේ බොරුවෙන් ජනතාව මුදාගන්නත් ඕනේ, අනිත් පැත්තෙන් කුමාරගේ හොරකමෙන් ජනතාව මුදාගන්නත් ඕනේ. කුමාරගේ බොරුවයි, කුමාරගේ හොරකමයි, කුමාරවරුන්ගේ හොරකමට විරුද්ධව කතාකරපු කුමාරගෙන් මේ රට ගලවා ගන්න නම් මේ විදිහට ග්‍රාමීය වශයෙන් අපි සංවිධාන වෙන්න ඕනේ.
අපි කුමාරවරුත් නෙවෙයි, කුමාරලත් නෙවෙයි. ඒ නිසා අපි කුමාරවරු වගේ හැසිරෙන්නෙත් නෑ, කුමාරලා වගේ හොරකම් කරන්නෙත් නෑ.’










