• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාකච්ඡා සාර්ථකයි! ට්‍රම්ප්ගෙන් දින 5ක සටන් විරාමයක්! ඉරානයෙන් නොසිතූ පිළිතුරක්! සාකච්ඡා කතා බොරු! ඔය හදන්නේ තෙල් මිල බස්සගන්න! I Sri Lanka Latest News

March 23, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මැදපෙරදිග යුද ගැටුම් සම්බන්ධව පූර්ණ විසඳුමකට පැමිණීම සම්බන්ධව ඉරානය සමඟ ඉතා ඵලදායී සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව දින පහක කාලයක් සඳහා ඉරානයේ කිසිදු බලාගාර හෝ බලශක්ති මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල නොකිරීමට තීරණය කළ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.Sri Lanka Latest News

ඔහු මේ බව සඳහන් කර තිබුණේ ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.

ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයේ සඳහන් වන්නේ, 

“පසුගිය දින දෙක පුරා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර මැදපෙරදිග පවතින ගැටුම් සම්පූර්ණයෙන්ම සහ සහමුලින්ම විසඳා ගැනීම පිළිබඳව ඉතා යහපත් හා ඵලදායී සාකච්ඡා පැවැත්වුණු බව මම සතුටින් දන්වා සිටිමි.

මෙම සතිය පුරා අඛණ්ඩව පැවැත්වෙන සාකච්ඡාවල ස්වභාවය අනුව, ඉරාන බලාගාර සහ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කිරීමට නියමිතව තිබූ සියලුම හමුදා ප්‍රහාර දින පහක කාලයකට කල් තබන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට (Department of War) උපදෙස් දුන්නෙමි. මෙම තීරණය දැනට පවතින රැස්වීම් සහ සාකච්ඡාවල සාර්ථකත්වය මත රඳා පවතී. මේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කිරීම ගැන ස්තූතියි! ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප්.”

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ලබා දී තිබූ 48ක අවසාන නිවේදනය අවසන් වීමට මොහොතකට පෙර මෙම තීරණය ගැනීම නිසා කලාපයේ ඇතිවීමට ගිය මහා විනාශයක් තාවකාලිකව වැළකී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

දෙපාර්ශවයම ගැටුමකට වඩා සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹීමට උනන්දුවක් දක්වන බව මෙයින් පැහැදිලි වේ.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළෙඳපොළේ ඉහළ යමින් තිබූ බොරතෙල් මිල යම් මට්ටමකට ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම දින පහක සහන කාලය තුළ පැවැත්වෙන සාකච්ඡා අසාර්ථක වුවහොත් නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ අවදානම පවතින බැවින්, මුළු ලෝකයේම අවධානය දැන් මෙම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා දෙසට යොමුව ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

ජනාධිපති ට්‍රම්ප්ගේ ‘Truth Social’ සමාජ මාධ්‍යයේ සටහන පහතින්,

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය සමඟ “ඵලදායී සාකච්ඡා” පවත්වන බවට කළ ප්‍රකාශයන් ඉරාන විදේශ අමාත්‍යාංශය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර තිබේ.

ඉරාන රජයට අනුබද්ධ මාධ්‍ය වාර්තා කරන්නේ, ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශ හුදෙක් ලෝක වෙළෙඳපොළේ ඉහළ යන බලශක්ති මිල ගණන් පහත දැමීමට සහ අමෙරිකානු හමුදා සැලසුම් සඳහා කාලය ලබාගැනීමට ගන්නා උත්සාහයක් බවය.

ඉරාන විදේශ අමාත්‍යාංශය උපුටා දක්වමින් මෙහර් ‘Mehr’ පුවත් සේවය වාර්තා කර ඇත්තේ, කලාපීය නොසන්සුන්තාව අවම කිරීම සඳහා ඇතැම් රටවල් විසින් ඉදිරිපත් කරන ලද “යෝජනා” කිහිපයක් පවතින බවය.

“මෙම යුද්ධය ආරම්භ කළ පාර්ශවය අප නොවේ. එබැවින් මෙම සියලු ඉල්ලීම් සහ යෝජනා යොමු කළ යුත්තේ වොෂින්ටනය වෙතයි,” යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය ‘Lily Lanka’ නිල වශයෙන් ඇරඹෙයි! සංචාරකයා සවිබල ගන්වන, දේශීය සේවාදායකයා නංවාලන සහ මෙරට සංචාරක ආර්ථිකය ශක්තිමත් කරන දේශීය ඩිජිටල් දොරටුව! Sri Lanka Latest News

Next Post

බස් ගාස්තුව 12.19%කින් නගී! අවම බස් ගාස්තුව 30ක් වුණා! බස් සංගමුත් සතුටින්! I Sri Lanka Latest News

MORE NEWS

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Exclusive

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

රඹුක්කන නිරායුධ මිනිස්සුන්ට වෙඩි තියපු උන්ට වැඩ වරදින්නයි යන්නේ! (VIDEO)
Exclusive

පොලිස් උත්තමාචාර සහිතව සී.ඩී.ගේ අවසන් කටයුතු හෙට! Sri Lanka Latest News

Load More
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

රාජ්‍ය සේවයට සම්බන්ධ ක්ෂේත්‍ර රැසක පවතින උග්‍ර සේවක පුරප්පාඩුව පියවා ගැනීම සදහා වන පිළියමක් ලෙස, එම ක්ෂේත්‍රවලට අදාලව විශ්‍රාම යන...

Read more
මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මාග්‍රට් තැචර් ලංකාවවට ආ වෙලාවේ යාපනය කොටුවේ සිරවී සිටි සෙබළුන් 250ක් බේරාගන්න දියත් කළ ඓතිහාසික රාත්‍රී මෙහෙයුම ඇතුළු තවත් මෙහෙයුම් රැසක්! හිටපු ගුවන් හමුදාපති ඔලිවර් රණසිංහයන්ගේ ස්වයංචරිතාපදානය එළිදකී! Sri Lanka Latest News

මුට්ටිය දාලා බැලුවේ කව්ද-කොහෙන්ද? මොන විරෝධය ආවත් වැඩේ කරනවා! අනුර ගත්ත තීන්දුවේම ඉඳියි! රාජ්‍ය රහස්! Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News

නාඋල සමූපයත් පොදු විපක්ෂය දිනයි! මාලිමාවට 20යි! සජබය තනිවම 26ක් අරන්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගම් පෙරළිය දිගටම! කරුවලගස්වැව සමූප ඡන්දයෙන් සජබය ප්‍රමුඛ විපක්ෂය ජයගනී! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.