‘වෙහෙසකර අභියෝගයක් සාර්ථකව ජය ගත් පසු එහි අග්‍ර ඵලය ලබන්න නිහඬව ටික කලක් බලා සිටිය යුතුයි’ යනුවෙන් ආන්දෝලනාත්මක එෆ්.බී. සටහනක් තැබීමෙන් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් එවැනිම එෆ්.බී. සටහනක් තැබීමට පියවර ගෙන ඇත.
එමගින් සිරිසේන මහතා කියා ඇත්තේ ‘2016 වසරේ ආරම්භ කරන ලද මන්නාරම සුළං විදුලි බලාගාරය මගින් රටම එළිය කරන සුභ දිනය වැඩි ඇතක නොවේ.’ යනුවෙනි.











