ඉන්දීය සාගරයේ ඇති ප්‍රධානම අමෙරිකානු නාවික කඳවුර ලෙසින් සැලකෙන චාගෝස් දූපත් සමූහයේ පිහිටි දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානය අතරමැදි දුර බැලස්ටික් මිසයිල 2ක් එල්ලකර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
කෙසේ නමුත් අමෙරිකානු සහ මහා බ්‍රිතාන්‍යයේ පාලනය යටතේ පවතින මෙම හමුදා කඳවුරට ඉන් බලපෑමක් සිදුනොවූ බව අමෙරිකාව පවසා තිබේ.
මෙම මිසයිල ප්‍රහාරයෙන් එකක් ගුවනේ දී විනාශ වී ඇති බවත්, අනෙක් මිසයිලයට අමෙරිකානු යුද නැවක් ප්‍රහාරයක් එල්ලකර ව්‍යර්ථ කළ බවත් වාර්තා වේ.
කෙසේ නමුත් ධවල මන්දිරය මෙන්ම අමෙරිකාවේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය සිදුකළ විමසිම්වලදී ඊට පිළිතුරුදිමෙන් වැළකී ඇත.
දියාගෝ ගාර්ෂියා කඳවුරට ඉරානයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 3,800 සිට 5,200 (ඉරාන භූමියේ කිනම් හෝ ස්ථානක සිට) අතර දුරක් තිබේ.
පසුගියදා ශ්‍රී ලංකාව ආසන්න මුහුදු සීමාවේදී අමෙරිකාව විසින් ‘අයිරිස් ඩේනා’ යුද නෞකාවට ටෝපිඩෝ ප්‍රහරයක් එල්ලකළ සම්මැරීනය පැමිණියේ මෙම දූපතේ සිට බවටද තොරතුරු වාර්තා විය.
එම දූපතට ශ්‍රී ලංකාවේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 1,600 ( සැතපුම් 1,000)ක ආසන්න දුරක් තිබේ.










