• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 21, 2026
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ට්‍රම්ප් නිසා තමයි මේ ඔක්කොම…’
‘ලස්සනට රට කරගෙන ආවා…’
‘පව්… ආණ්ඩුව මොනවා කරන්නද?’
‘ගෝඨාගේ කාලේ තෙල් නැතිවුණේ සුද්දෙ නිසා. දැන් තෙල් නැතිවෙන්නේ යුද්ධය නිසා…’
‘අනුරට බැණලා වැඩක් නැහැ. මේ අර්බුදයට වගකියන්න ඕනෙ ට්‍රම්ප්…’ Sri Lanka Latest News

මේ දවස්වල ජවිපෙ සමාජ මාධ්‍ය කැම්පේන් එකේ ජනප්‍රිය තේමා පාඨ ඕවාය.

හැබැයි 1990 අගෝස්තු ඉරාකය කුවේට් ආක්‍රමණය කළ වෙලාවේ ඇතිවුණු ලෝක තෙල් අර්බුදය, ලෝක ආර්ථික අර්බුදය එවක ජනාධිපති ප්‍රේමදාස මැනේජ් කළ හැටි මේ කවුරුත් කතා කරන්නේ නැත.

ප්‍රේමදාස ජනාධිපති වුණේ 1988 දෙසැම්බරයේය.

‘මට භාරදුන්නේ රටක් නොවේ. දෙකොන පත්තුවෙන විලක්කුවක්…’

ප්‍රේමදාස එහෙම කීවේ නිකම්ම නොවේ. එහෙත් ජවිපෙ ලංකාව පුරාම ටී56 තුවක්කුවෙන් ඇඳිරිනීතිය පනවා මිනිස්සු ගෙවල්වල ලොක්ඩවුන් කොට තෙල් බවුසර්, බස් රථ ගිනි තියමින් රට විශාලා මහනුවරක් කොට තිබිණි. අනෙක් අතින් ඉන්දීය සාමසාධක හමුදාව උතුරු-නැගෙනහිර යකා නටමින් සිටියහ. මේ දෙකටම මැද්දේ එල්.ටී.ටී.ඊ.ය කොළඹ දෙමළ දේශපාලනඥයන් ඝාතනය කරමින් යුද්ධයට සූදානම් වෙමින් සිටියේය. උතුරු-නැගෙනහිර මහඇමැති වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත්කොට ඉන්දීය හෙලිකොප්ටරයකින් ඉන්දියාවට පැනගොස් තිබිණි.

ප්‍රේමදාස මේ නූල් බෝලය එකින් එක ලිහමින් පළමුව කවදාවත් යවන්න බැහැ කී ඉන්දීය හමුදාව පිටමං කළේය. දෙවැනුව ජවිපෙ භීෂණය අවසන් කළේය. ඒ, 1989 නොවැම්බරයේය. විජේවීර ඇතුළු ජවිපෙ දේශපාලන මණ්ඩලය ඝාතනය වුණේ 1989 නොවැම්බරයේය. ඔහු යාන්තම් හුස්මක් ගත්තේ 1990 පටන් ගන්නකොටය.

වැඩි කාලයක් ගියේ නැත. 1991 අගෝස්තු ඉරාකය කුවේටය ආක්‍රමණය කළේය. මේ වෙනකොට කුවේටයේ සහ ඉරාකයේ ලක්ෂයක් පමණ වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සිටියහ. ඉරාකය කුවේටය ආක්‍රමණය කිරීමත් සමග තෙල් යුද්ධය පටන් ගත්තේය. තෙල් මිල අහස උසට ගියේය. තෙල් සැපයුම අඩාළ විය.

ප්‍රේමදාස ආයෙත් හොම්බෙන් වැටුණි. ජවිපෙ විනාශ කළ ආර්ථිකය යළි ගොඩනගන්න ප්‍රේමදාස සැලසුම් සකස් කරමින් සිටියදී මැදපෙරදිග යුද්ධය පටන්ගත්තේය. ප්‍රේමදාස පළමුව කළේ මර බියෙන් වෙව්ලන කුවේටයේ සිරවී සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බේරාගැනීමය. ඔහු වහාම කුවේටයට මායිම් වන සෞදියේ තානාපති කාර්යාලයට කතාකොට කුවේටයේ සහ ඉරාකයේ සිරවී සිටින ලාංකිකයන් ලංකාවට ගෙන එනතුරු ඔවුන් රැකබලා ගැනීමට මධ්‍යස්ථාන සකස් කරන ලෙස නියෝග කළේය. ඒ වගේම තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙසද ප්‍රේමදාස නියෝග කළේය. ඔහු ඉන් පසු සෞදි රාජ්‍ය නායකයාට කතාකොට ලංකාවේ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ගුවන් යානා ලබාදෙන ලෙස ඉල්ලීමක් කළේය.

මේ වෙනකොට ප්‍රේමදාස ලංකාවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය වසා ඊශ්‍රායල තානාපති නිලධාරීන් පන්නා දමා අරාබි රටවල හොඳහිත දිනාගෙන තිබිණි. ඔහු ඊශ්‍රායල් කාර්යාලය වසා ඊශ්‍රායල් ජාතිකයන් රටින් පිටමං කළේ ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවයේ නිලධාරියකු විසින් රචිත පොතකින් ඊශ්‍රායල් මොසාඩ් ඔත්තු සේවය ලංකාවේ හමුදාවලටයි එල්.ටී.ටී.ඊ.යටයි දෙපාර්ශ්වයටම ආයුධ දී ඔවුන් දෙපාර්ශ්වයටම යුද පුහුණුව දුන් බව අනාවරණ වීමෙන් පසුවය. ප්‍රේමදාස කොමිසමක් පත්කොට මේ පිළිබඳ සොයාබලා කොමිසමේ නිර්දේශ මත ඊශ්‍රායල් කාර්යාලය වසා ඊශ්‍රායල් ජාතිකයන් පන්නා දැමීය.

ඔහු ගත් මේ තීරණයෙන් ඔහු අරාබි රටවල ජනප්‍රිය නායකයෙක් විය. ප්‍රේමදාස අරාබි රටවල නායකයන් සමග හොඳහිත වර්ධනය කරගෙන තෙල් අඩු මිලට ලබාගැනීමට කෝටා ක්‍රමයක් හදාගෙන තිබිණි. යුද්ධය ඇවිළුණු වෙලාවේ ඔහු අරාබියේ සියලු නායකයන්ට කතාකොට කුවේට්-ඉරාක යුද්ධය මැද මේ තෙල් කෝටාව නොකඩවා ලබාගැනීම සහතික කරගත්තේ තෙල් මිල වැඩිවීමත් තෙල් හිඟයක් ඇතිවීමත් වළක්වා ගැනීමටය.

එපමණක් නොව ඔහු කුවේට්වල සිට ඇඳිවතින් ආ ලංකාවේ ශ්‍රමිකයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳන්න කුවේටය සමග කතාකොට ලංකාවට පමණක් නොව එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා කුවේටයේ සේවය කළ විදේශ ශ්‍රමිකයන්ට වන්දි ලබාදෙන්න අරමුදලක් සකස් කර ගත්තේය. එය හැඳින්වූයේ කුවේට් අරමුදල ලෙසය. මෙයින් ලංකාවට විශාල විදේශ විනිමයක් ලැබිණි. යුද්ධය නිසා විදේශ ශ්‍රමික ඩොලර් අහිමි වීමේ අවදානම ඔහු වළක්වා ගත්තේ එසේය.

‘ඉරාක-කුවේට් යුද්ධය වෙලාවේ අපි කවදාවත් ලංකාවේ තෙල් පෝලිම් දැක්කේ නෑ…’

‘තෙල් මිල ලංකාවේ අහස උසට නැග්ගේ නැහැ…’

අදටත් ඉරාක-කුවේට් යුද්ධය මතක ලංකාවේ මිනිස්සු මේ කතාව කියති. ප්‍රේමදාස ඩොලර් හොයන්න ඇඟලුම් කර්මාන්ත පටන් ගත්තේ සංචාරක ව්‍යාපාරය නංවන්න කණ්ඩලම ඇතුළු හෝටල් ව්‍යාපාර පටන්ගත්තේ මේ කාලයේය. ඔහු මේ සියල්ල කරමින් උදාගම් නිවාස ක්‍රමය, දුප්පත් මිනිසුන්ට ජනසවිය, කැපකරු මාපිය ක්‍රමය වැනි සුබසාධන වැඩපිළිවෙළවල් දියත් කළේය.

ප්‍රේමදාසට පමණක් නොව රනිල්ගේ යූ.ඇන්.පී. ආණ්ඩුවටත් මැදපෙරදිග යුද්ධයකට මුහුණ දීමට සිදුවිය. ඒ 2003 මාර්තු මාසයේ ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කිරීමත් සමගය. ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ඔස්ටේ්‍රලියාව, ඩෙන්මාර්කය, පෝලන්තය, නෙදර්ලන්තය එක්ව දියත් කළ ඒ යුද්ධයෙන් මැදපෙරදිග පමණක් නොව ලෝකයම හෙල්ලුණි. ඒ වෙලාවේ රනිල්ගේ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ.ය සමග සාකච්ඡා පවත්වමින් තිබුණු අතර, එම සාම සාකච්ඡාවලට ඇමෙරිකාව ඇතුළු බටහිර රටවලින් සහාය පමණක් නොව දැවැන්ත ආධාර පැකේජයක් ලැබිණි. මේ නිසා ආණ්ඩුව ඇමෙරිකාව තරහා කරගන්න බය විය. රනිල්ගේ ආණ්ඩුව ඇමෙරිකානු ආක්‍රමණිකයන්ට සහාය පළ කරනවා කියා ශ්‍රීලනිප, ජවිපෙ ඇතුළු විපක්ෂය රට පුරා විරෝධතා උද්ඝෝෂණ සංවිධාන කළහ. මුස්ලිම් ජනතාව එයට සහාය පළ කළහ. ජවිපෙ ඇමෙරිකානු බඩු වර්ජනය කරන ව්‍යාපාරයක්ද දියත් කළේය.

ඒත් ආණ්ඩුව රට තුළ ව්‍යාප්ත වූ ඇමෙරිකානු විරෝධය මධ්‍යයේ තෙල් හිඟයකින් තොරව ලබාදුන්නේය. ලොව පුරා විදුලි වේගයෙන් ඉහළ යන තෙල් මිල සහනාධාරයක් දී අඩු මිලකට පවත්වාගෙන ගියේය. එකල තෙල් පෝලිම් දකින්න ලැබුණේවත් නැත.

‘මැදපෙරදිග යුද්ධ දෙකකදී ලංකාවේ දක්නට නොලැබුණු තෙල් සලාක ක්‍රමය දැන් දකින්නට ඇත්තේ ඇයි…?’

ආණ්ඩුව උත්තර දිය යුතු වන්නේ මේ ප්‍රශ්නයටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ධර්ම යුද්ධය – 2 දින 50 යි ! නැරඹුම් වාර මිලියනයයි !ආදායම ලක්ෂ 5000 ! Sri Lanka Latest News

Next Post

පෙට්‍රල් අප්‍රේල් 23! ඩීසල් අප්‍රේල් 12! ගුවන් තෙල් දින 30යි! මැයි මාසයේ ලංකාවෙත් අර්බුදයක්! Sri Lanka Latest News

MORE NEWS

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ වැඩ ගැන හොයලා බලයි! ලබන අවුරුද්දේ කරන්න යන් දේවල් ගැනත් අහයි! PHOTOS I Sri Lanka Latest News

Load More
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

ආර්.එෆ්.එම්.සුහෙල් - නුවරඑළිය හැටන් දික්ඔය නගර සභාවේ ආදායම් පරිපාලක ඇතුලු නිළධාරින් එම වෙළදුන්ට අනවසර ඉදි කිරිම් ඉවත් කරන ලෙසට දැනුම්...

Read more
සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.