බාල ගල් අගුරු නිසා අදත් නොරොච්චෝලෙ හරියට වැඩ නෑ
මේ යුද්ධය නිසා අභ්‍යන්තර කම්පනයක් අප රටේ ඇති බවත් අද දවසෙත් නොරොච්චෝල බලාගාරයේ මෙගවොට් 165ක් අඩුවෙන් නිෂ්පාදනය කර ඇති බවත් මාර්තු 12 වැනිදා සිට මේ බලාගාරයෙන් නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් විදුලිය නිෂ්පාදනය වූ බවත් ඊයේ දින පවා මෙගවොට් 165ක් අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කර ඇති බවත් බලශක්ති දාමය සුරක්ෂිත යැයි කිව්වත් බාල ගල් අගුරු නිසා නියමිත විදුලිය උත්පාදනය නොවීමත් පරිසර විනාශයක් සිදුවීමත් සෞඛ්‍ය ගැටලු මතු වීමත් සිදුවන බවත් මෙසේ අඩුවෙන් විදුලිය උත්පාදනය කරන්න සිදුවන විට ඩීසල් බලාගාරවලින් විදුලිය නිෂ්පාදනය කරන්න සිදුවන බවත් අඛණ්ඩ විදුලි සැපයුමට මේ නිසා බරපතල තර්ජනයක් සිදුවන බවට විපක්ෂය මෙන්ම මහජන උපයෝගීතා කොමිසම පවා ප්‍රකාශ කර ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.Sri Lanka Latest News










