තරුණ මන්ත්‍රීවරුන් සිව් දෙනකු හට විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ධූර ලබා දීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.
නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි එම සිව්දෙනාය.
මේ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා නාමයෝජනා වී මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධය මැද විසිවූ ගයන්ත කරුණාතිලක මහතා හට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් ප්‍රධානී වශයෙන් නව තනතුරක් නිර්මාණය කොට ලබාදීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.










