• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙන්නම එකයි! විජේ සහ විජය! Sri Lanka Latest News

March 22, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
දෙන්නම එකයි! විජේ සහ විජය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දකුණු ඉන්දියාව නොහොත් කොලිවුඩය සහ ලංකාව අතර අතීතයේ සිටම විවිධාකාර අයුරින් සමීප සම්බන්ධතා තිබිණි. දේශපාලනය පැත්තෙන් මෙන්ම සංස්කෘතික කලා ක්ෂේත්‍රයන් පැත්තෙන්ද මේ සම්බන්ධකම් විහිදී පැතිරී තිබිණි. ඊට හොඳම උදාහරණය තමිල්නාඩුවේ හිටපු මහඇමැති එම්.ජී.ආර්. නොහොත් එම්.ජී. රාමචන්ද්‍රන් සහ ලංකාවේ හදවතේ ඇඳුණු සිනමා නළුවා වූ විජය කුමාරතුංග අතර පැවැති සම්බන්ධතාවයය.Sri Lanka Latest News

එම්.ජී.ආර්. යනු තමිල්නාඩු සිනමාවේ සිටි සුපර් හීරෝය. විජය යනු ලංකා සිනමාවේ සිටි සුපර් හීරෝය. එම්.ජී.ආර්.ගේ උපන් ගම ලංකාවේ නාවලපිටියය. විජය ගම්පහ කටානේය. එම්.ජී.ආර්. සිනමාවෙන් ලැබූ ජනප්‍රියත්වය මතින් දේශපාලනයට පිවිසියේය. විජයද සිනමාවෙන් ලැබූ ජනප්‍රියත්වය මතින් සිනමාවට පිවිසියේය. දෙදෙනාම ඒ වනවිට ලංකාවේ උතුරේ පැවැති යුද්ධයේ කොටස්කරුවෝ බවට පත්ව සිටියහ. එම්.ජී.ආර්. එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ට සහ එල්.ටී.ටී.ඊ. ඊළාම්වාදයට ප්‍රසිද්ධියේම උදව් කළේය. එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් තමිල්නාඩුවට ගෙන්වා පුහුණුවීම් ලබාදුන්නේය. දේශපාලනය ජයග්‍රහණය සඳහා එම්.ජී.ආර්.ට පාර කැපුණේ ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින් ඔවුන්ගේ ප්‍රශ්න කතා කිරීමය.

ඒ වෙලාවේ තමිල්නාඩුවේ බොහෝ දෙනා කීවේ එම්.ජී.ආර්. ඉන්දියාවේ ආණ්ඩු හදන තුන්වැනි බලවේගය බවට පත්වනු ඇතැයි කියාය. සමහරු එම්.ජී.ආර්. ඉන්දියාවේ අගමැති වනු ඇති බවටද අනාවැකි පළ කළහ. මන්ද ඉන්දියාවේ ඒ වනවිට බලය ඇල්ලුවේ සන්ධාන ආණ්ඩුය. තුන්වැනි බලවේගය බවට පත්වීමට හැකි ඕනෑම කෙනකුට ඉන්දියාවේ රජුන් තැනීමේ බලය තිබිණි.

විජයත් පටන් ගත්තේ මේ ආකාරයටමය. විජය දේශපාලනයට පිවිසෙන විට ලංකාවේ තිබුණේ ප්‍රධාන පක්ෂ දෙකකි. ඒ, එක්සත් ජාතික පක්ෂයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්ය. විජය ශ්‍රීලනිපයේ සිට පසුව ශ්‍රීලනිපය කඩාගෙන එළියට ඇවිත් මහජන පක්ෂය පිහිටෙව්වේය. එජාපයත්, ශ්‍රීලනිපයත් සිංහල බෞද්ධ බලවේගය මත පිහිටා ඡන්ද කරද්දී විජය දේශපාලනය කළේ උතුරේ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනීසිටිමිනි. ඒ හරහා විජය ප්‍රධාන මහ පක්ෂ දෙකට අභියෝග කරමින් මහජන පක්ෂය තුන්වැනි බලවේගය දක්වා ඉහළට අරගෙන ආවේය. උතුරේ දෙමළ පක්ෂය නිසි අයුරින් දුටු දකුණේ එකම නායකයා බවට විජය දෙමළ ජනතාව අතර මුල්බැස ගත්තේ ඒ ආකාරයටය.

ඒ කාලයේ විජය තමිල්නාඩුවට ගොස් එම්.ජී.ආර්.වද මුණගැසුණේය. උතුරේ ප්ලොට් නායක උමා මහේෂ්වරන්ද හමුවී සාකච්ඡා පැවැත්වූයේය. ටෙලෝ නායක සභාරත්නම් වැනි අයද හමුවී සාකච්ඡා කළේය. ඒ වනවිට විජය ලංකාවේ ජනප්‍රියම නළුවා සම්මානයද හිමිකරගෙන සිටියේය. දකුණේ ලොකුම ෆෑන් බේස් එක තිබුණේ විජයගේ ඔඩොක්කුවේය. වමට බර දේශපාලනයක නිරත වූ විජය අන්තිමේදී මෙරට වාමාංශික පතාකයන් වූ කොල්වින්ලා බර්නාඩ්ලාගේ නායකයා බවට පත්වන තැනටම වමේ සියලු පක්ෂ ඒකරාශී කළේය. එසේ කොට විජය එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකිරීමට පියවර ගත්තේය. එය එකල සැලකුණේ ප්‍රධාන පක්ෂ දෙකට අභියෝග කළ තුන්වැනි බලවේගය ලෙසටය.
87 ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරන අවස්ථාවේදී ජවිපෙ ඊට එරෙහිව දැවැන්ත විරෝධයක් රට ඇතුළේ මතු කළේය. ශ්‍රීලනිපය 87 පළාත් සභා ඡන්දය වර්ජනය කළේය. නමුත් විජය ඉන්දු-ලංකා ගිවිසුමට සහාය පළකරමින් මැතිවරණයට තරග කොට විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් දෙවැනි තැනට පත්විය. එවක පැවැති එජාප රජය විජයට බයවූයේ මේ ජයග්‍රහණයත් සමගය.

ජේ.ආර්. ඒ කාලයේ විජයට කොච්චර බයවූවාද කියනවා නම් නැක්සලයිට් චෝදනා එල්ල කොට විජයව හිරේ දැමීමට පියවර ගත්තේය. විජයගේ මුහුණ රූපවාහිනී තිරයෙන් ඉවත් කළේය. විජයගේ කටහඬට ගුවන්විදුලියේ කිසිදු තැනක් හිමිවූයේ නැත.

එම්.ජී.ආර්.ගෙන් පසු විජය වාගේම චරිතයක් නැවත වතාවක් දකුණු ඉන්දියාවේ බිහිව තිබේ. ඒ, තලපති විජේය. තලපති විජේත් එම්.ජී.ආර්.-විජය මෙන්ම මුලින්ම සිය ගමන ආරම්භ කළේ සිනමාවෙනි. තලපති විජේත්, එම්.ජී.ආර්.-විජය මෙන්ම උතුරේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න තමිල්නාඩු දේශපාලනය තුළ ප්‍රසිද්ධියේ කතා කළේය. එල්.ටී.ටී.ඊ.යට පක්ෂව තමිල්නාඩුවේ සත්‍යග්‍රහ, උපවාස කළේය. ඒ හරහා සිනමාවට එහා ගිය තවත් විශාල පිරිසකට කතා කිරීමට තලපති විජේට හැකියාව ලැබිණි.

තලපති විජේගේ මේ ඉදිරි ගමන ගැන තමිල්නාඩු දේශපාලනඥයන්ගේ හිත්වලද ලොකු බියක් තිබිණි. ඒ නිසා විජයට කළාක් මෙන්ම තලපති විජේටද තමිල්නාඩුවේ විවිධ තහංචි වැටිණි. ඔහුගේ චිත්‍රපට තහනම් කළේය. නමුත් ඒ කිසිවකින් තලපති විජේගේ දේශපාලන ගමන ආපසු හැරවීමට තමිල්නාඩු දේශපාලනඥයන්ට නොහැකි විය. මේ වනවිට තලපති විජේ සූදානමින් සිටින්නේ ලබන අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමිනි. ඒ අනුව වත්මන් මහ ඇමැති එම්.කේ. ස්ටාලින්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා බවට පත්ව ඇත්තේ තලපති විජේය.

බොහෝ දෙනා මේ වනවිට මත පළ කරන්නේ තලපති විජේගේ පක්ෂය ප්‍රාන්ත මැතිවරණයේ ආසන 275න් 70ත් 100ත් අතර ජයග්‍රහණය කරනු ඇතැයි කියාය. එසේ වුවහොත් ස්ටාලින්ගේ ඩී.එම්.කේ. පක්ෂය වැඩි ආසන ප්‍රමාණයක් ගනු ඇති අතර, ජයලලිතාගේ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය හෝ තලපති විජේගේ පක්ෂය දෙවැනි තැන ගනු ඇත. එසේ වුවහොත් විජය එක්සත් සමාජවාදී පෙරමුණ බිහිකොට ලංකාවේ පෙරළියක් සිදුකළා සේ තලපති විජේද ඉන්දියාවේ විශාල දේශපාලන පෙරළියක් සිදුකරනු නියතය.
බොහෝ දෙනා කියන්නේ විජයගේ නැගීමට බියවූ ජවිපෙ විජයට වෙඩිතබා මරාදැම්මා යැයි කියාය. මොකද ඒ වනවිට ලංකාවේ තරුණ තරුණියන් සිටියේ විජයට පිස්සු වැටීය. විජය තවදුරටත් සිටියහොත් ජවිපෙට දේශපාලන පැවැත්මක් නොමැති බව වටහා ගැනීම නිසා විජය දේශපාලනයෙන් පමණක් නොව ජීවිතයෙන්ද ඉවත් කළ බව ඒ දවස්වල බොහෝ දෙනාගේ මතය විය. අද තමිල්නාඩුවේ තලපති විජේද ඉන්නේ එදා විජය සිටි තැනමය. අද තමිල්නාඩුවේ පමණක් නොව ඉන්දියාවේම තරුණ තරුණියන් සිටින්නේ තලපති විජේට පිස්සු වැටීය.

මේ අතර, තමිල්නාඩුවෙන් එන අලුත්ම ආරංචියකින් කියැවෙන්නේ යම් හෙයකින් ප්‍රාන්ත මැතිවරණයේදී තලපති විජේ ආසන 100කට ආසන්න ප්‍රමාණයක් ජයග්‍රහණය කළහොත් මෝදිගේ පාලක බී.ජේ.පී. පක්ෂය තලපති විජේට තමිල්නාඩු මහඇමැති වීම සඳහා සහාය දැක්වීමට සූදානමින් සිටින බවය. මේ නිසා ලංකාවේ විජයට සිදුවූවාක් මෙන්ම තලපති විජේට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුව තිබේ. තලපති විජේව නොමරා මරන තැනට මේ ප්‍රශ්න ඔඩුදුවා ඇති බවක්ද දැකගන්නට තිබේ. ඒ අනුව බලන විට ලංකාවේ විජය සහ තමිල්නඩුවේ තලපති විජේ අතර ඇත්තේ විශාල දේශපාලන ඥාති සම්බන්ධතාවකි.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

හෝමූස්වලින් එන නැවකින් ‌ඩොලර් මිලියන 2ක් ගන්න ඉරානය තීන්දු කරයි! I Sri Lanka Latest News

Next Post

රටම ගල් කරන බාල ගල්අඟුර! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.