• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ යුද්ධයේදී අපි මධ්‍යස්ථයි! මොන පීඩනයක් ආවත් මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නෑ! ඉරාන නැව් 3 ගැනයි අමෙරිකානු ගුවන් යානා දෙක ගැනයි කවුරුත් නොදැන සිටි කතාවක් අනුර පාර්ලිමේන්තුවේදී හෙළිකරයි!  I Sri Lanka Latest News

March 20, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉරාන නෞකාවලට මෙරට මුහුදු සීමාවට පැමිණීමට අවසර නොදුන් හේතුව ජනාධිපතිවරයා අද (20) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කිරීමක් සිදු කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වමින් පැවසුවේ පසුගිය පෙබරවාරි 26 වැනි දින මාර්තු 9-13 දිනවල මෙරට සහයෝගීතා වර්ධනය කිරීම සඳහා පැමිණීමට අවසර ඉල්ලූ බවත් ඒ සම්බන්ධව මෙරට විසින් අධ්‍යනයක නිරත වෙමින් සිටි බවය.

එමෙන්ම එදිනම සවස එක්සත් ජනපදය විසින්ද නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට පැමීණීමටද අවසර ඉල්ලා සිටි සිටියද ශ්‍රී ලංකාව මධ්‍යස්ථභාවයෙන් යුතුව කටයුතු කරමින් සිටින රටක් බැවින් එම රටවල් දෙකටම අවසර ලබා නොදීමටද පියවර ගත් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරයා සිදුකරන සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

“විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙනඑන ලද අයට ස්තූතිවන්ත වෙනවා. 

විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසා කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ  මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ. 

නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ. 

පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය. 

අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා. 

ඊට පස්සේ 27 වෙනිදා IRIS Bushehr කියන නෞකාවේ එක් නාවික සෙබළෙක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා එම නාවික සෙබළාත් ඔහු සමඟ නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා අපේ මධ්‍යස්ථභාවය ජාත්‍යන්තර බැඳීම තමයි ඒ වෙලාවේ සහායදීම. අපි ඒ නාවික නිලධාරියාත් නාවික සෙබළාත් 27 පෙබරවාරි රැගෙන එම නෞකාවට සැපයීම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින්. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් අපි පැමිණ තිබෙන එකඟතාවය. ඊට පස්සේ නැවත 4 වැනිදා අපිට වාර්තා වුණා. අපේ ආර්ථික කලාප සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව මොකක්ද අපේ බැඳීම. අපිට ඕනේ නම් අහක බලාගෙන ඉන්න තිබුණා. අපේ මුහුදු කලාපයේ නොවේ ආර්ථික කලාපයේ. ආර්ථික කාලපයේ ගහගන්නත් පුළුවන්. නැව්වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. අපේ මුහුදු සීමාව නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කළා. 

ජාත්‍යන්තර ප්‍රමිතීන්වල තියෙනවා එවැනි පිපිරීමක් වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතු ද.? එය රළ හමන දිශාව අනුව කොච්චරක් දුර අවේක්ෂණය කළ යුතු ද කියලා. අපි ඒ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කළා. ප්‍රහාරයක් සිද්ධ වුණාම ජීවිත සහ මළ සිරුරු ගළවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තියෙනවා. ඒ මුළු දුරම ගියා. 

ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළසිරුරු 84ක් අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. මේක අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ. ඒ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කළා. ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩාවැටීමක් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපේ කොළඹ වරයාට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙතැන බොහෝ අය කිව්වා, පැය 11කට කලින් ගියා නම්.. කොහෙද පැය 11කට වැඩි වෙලාවක්. පළමු ඉල්ලීම ආවේ, පෙබරවාරි 26 වෙනිදා ඉල්ලීම ආවේ මාර්තු 9 එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පටලගෙන ද දන්නේ නෑ. 

පළවෙනි නෞකාවට ප්‍රහාරය එල්ල කළාම තමයි අපෙන් ඉල්ලීමක් කළේ දෙවෙනි නෞකාව එහෙත් එංජින් ආබාධයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ගමන් කරන්න බැහැ. අපේ කොළඹ වරයාට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකක්ද ජාත්‍යන්තර නීතිය ඔවුන් අපේ මුහුදුසීමාවට ඇතුළු වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්නට දෙන්න පුළුවන්කම තියෙන්නේ, පැය 24යි. පැය 24න් පසුව ඔවුන් යා යුතුයි. අපිට එහෙම තියාගන්න බැහැ. එහෙම තියාගන්නවා නම් ඒකේ තේරුම මොකක්ද.? යම් යුද ගැටුමක් තිබෙනවා. යම් කණ්ඩායමක් අනතුරට මුහුණදීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්න කණ්ඩායම අපි බේරගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒ කියන්නේ අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවානේ. ඒ නිසා අපිට උපරිම තියාගන්න පුළුවන් කාලය පැය 24යි. ඊට පසුව හරවා යැවිය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එතකොට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කළේ අපේ මධ්‍යස්ථභාවය මත. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපේ භාරයට එන්න කිව්වේ. අපේ භාරයට ආවයින් පස්සේ අපි කිව්වා සම්පූර්ණ කාර්ය මණ්ඩලය බහින්න ඕනේ කියලා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා කාර්ය මණ්ඩලය රැඳෙන්න ඕනේ කියලා. අපේ ඒකේ හිටිය නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට අරන් ආවා. 

අපි මේ 206ම එකට තියලා නැහැ. සොල්දාදුවන් ආතතීයකට මුහුණදීලා තියෙනවා. කවර ආකාර තත්ත්වයක් වර්ධනය විය හැකි ද.?  ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන දුන්නා. මෑතකදී කෙනෙක් රෝගාබාධයකට ලක් වුණා. ඔහු අපි වැලිසර නාවික හමුදා රෝහලට පිටත්කර හැරියා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව රැකබලාගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනයවීම.

අනතුරුව ඔවුන් ඉල්ලා සිටියා ඔවුන්ගේ මළසිරුරු රටට රැගෙන යාමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබාදුන්නා. පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා ඔවුන්ගේ මළසිරුරු අරන් ගියා. තුවාල වුණ 32ක් කරාපිටිය රෝහලේ හිටියා. ඔවුන් සියලු දෙනා සුවය ලැබුවයින් පස්සේ ඒ ආසන්නයේ තියෙන කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැඳිසිටිනවා. 

ඒ නිසා අපේ ජාත්‍යන්තර යුද්ධයේදී අපේ ප්‍රතිපත්තියට හැමවිටම මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම. ඒ වගේම පහුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කවුන්සිලයට යෝජනාවක් ආවා. මේ ප්‍රහාරයන් පිළිබඳව. බොහෝ රාජ්‍යයන් ඒකට සමදායකත්වය ලබාදී තිබුණා. අපි ලබාදුන්නේ නැහැ. අපි ලබා නොදුන්නේ, ඒ යෝජනාව අඩයි සත්‍යය. රටවල් 130ක් එම යෝජනාවට සහයෝගීතාව පළ කරලා තිබුණා. අපේ පළ කළේ නැහැ. අපි එහෙම නොකළේ ඒ යෝජනාව අඩක් අසත්‍යයි. අපි හැමවිටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය අපි ජාත්‍යන්තර වේදිකාවට ගෙනියනවා. ඒ අනුව අපි කටයුතු කරලා තියෙනවා.

ඒ නිසා මා කියන්නේ හැමවිටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දු තීරණ, අපේ සම්මුතීන් මේ සියල්ලේදී අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් අපි කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමිය අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත් ආරක්ෂා කරගැනීම සඳහා තියෙන ක්‍රමවේදය. කිසිසේත්ම වචනයකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. පාර්ලිමේන්තුවෙත් පැය 11කට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුණා වගේ බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අනිත් හැම ප්‍රශ්නයක්ම. ඩීසල්, ආහාර ප්‍රශ්න තියෙනවා. මේවා අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. හැබැයි මෙවැනි ප්‍රශ්නයේදී ලෝකය කැලඹෙමින් තියෙන වෙලාවක අපි සත්‍ය කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. 

අසත්‍ය චෝදනා කිරීමෙන් මොනවාද කරන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුව මඟහැරීම නිසා තමයි පළමු නෞකාව බිලි වු‌ණේ කියලා මතයක් හදනවා. ඒක සහසිකයි. ඒක අමානුෂිකයි. ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තොත්, අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. 

මට කියන ඒවා, අපේ අගමැතිතුමියට කියන ඒවා අපි පිළිගන්නේවත් නැහැ හොඳේ. මේ ප්‍රශ්නයේදී තමන් වහන්සේලා මීට වඩා වගකීමෙන් කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේක තමයි සත්‍යය. 

එක්සත් ජනපදයේ ගුවන්යානා දෙක අපෙන් ඉල්ලා සිටියේ 04 සහ 08 යන දෙදින තුළ මත්තල රඳවා තබන්න. ඔවුන් සතුව නෞකා නාශක මිසයිල 8ක් එම ගුවන් යානාවල පියාපත්වල එල්ලා ඇති බව සඳහන් කර තිබුණා. අපේ එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමට එළැඹිලා තිබෙන නිසා අපිට මේ යුද්ධයේ පාර්ශ්වකරුවෝවීම වළක්වන්න බැහැ කියලා. ඒක අසත්‍යයි. 

අපි ඇවිත් තියෙන එකඟතාවල කිසිසේත්ම මෙවැනි යුද්ධයකදීම හවුල්කාරයෙක්වීම පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. අපි අතර යම් සම්මුතීන් තිබෙනවා. යම් අවබෝධතාවයන් අත්සන් කරලා තියෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රීත ක්‍රියාකාරකම් සේවා, නඩත්තු හා සම්බන්ධ පුහුණු වැඩසටහන්. සමුද්‍රීය බලප්‍රදේශවල දැනුවත්භාවය. මේවා තමයි සහයෝගීතා ගිවිසුමේ තියෙන කරුණු. සයිබර් ආරක්ෂාව සහ සුරක්ෂිත සන්නිවේදනය තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒ සඳහා විශාල පහසුකම් සහ විශාල පුහුණුවීම් එක්සත් ජනපදය විසින් අපට ලබා දෙනවා. මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාර. ඒ අනුව තමයි C-113 ගුවන් යානා දෙකක් දිට්වාවලදී ආවේ. යුද්ධයකදී අපි කවර පාර්ශ්වය ද ගන්නේ කියන එක අවබෝධතා ගිවිසුම්වල නැහැ. 

අපි  පැහැදිලිව ජාත්‍යන්තර ප්‍රතිපත්තිය රකිමින් සිටිනවා. ඊට කලිනුත් මා කියලා තියෙනවා මේ යුද්ධයේ ස්වභාවය. එක් පාර්ශ්වයක් මේ යුද්ධය තීව්‍ර කරමින් සහ යුද්ධයේ ගැටුමට අවතීර්ණය වෙලා තියෙන්නේ, මුළුමනින්ම රාජ්‍යයේ තිබෙන පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ අරමුණින්. මේ පාලන තන්ත්‍රය හරි ද වැරදි ද ඒක ඒ ජනතාවගේ අයිතිය. එය වෙනස් කිරීමේ අරමුණින් තමයි මේ යුද්ධයට මැදිහත්වෙලා තිබෙන්නේ. අනිත් පාර්ශ්වය මේ යුද්ධයේ ක්‍රියාකාරකමට එක්වෙලා ඉන්න අයට ශක්තිමත් යුද බලයක් නැත්නම් ඔවුන්ගේ යුද්ධයේ උපක්‍රමය බවට පත්වෙලා තියෙන්නේ, ලෝක පරිමාණයෙන් ආර්ථිකයට එල්ල කළ හැකි පීඩනය. ඒ අනුව තමයි ආරම්භයේදී ගුවන්තොටුපළවල්, පසුව වරායවල්, පසුව තෙල් පිරිපහදු, පසුව තෙල් ගමන් කරන නාවික යාත්‍රා. ඒකෙන් පෙන්නුම් කරන උපක්‍රමය මොකක්ද.? ආර්ථිකය වශයෙන් ලෝකය පීඩනයට ලක් කිරීම තමයි ඔවුන්ගේ ආරක්ෂාව කියලා ඔවුන් කල්පනා කරනවා. පිටින් ඉඳන් අපිට ඔවුන්ගේ යුද්ධය විශ්ලේෂණය කරන්න පුළුවන්. එක පාර්ශ්වයකට අවශ්‍යයි මේ රෙජිමය වෙනස් කරන්න. අනිත් පාර්ශ්වය තමයි ලෝක ආර්ථිකය පීඩාවට පත් කරලා ඒ හරහා තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරගැනීම. ඒක තමයි මේ යුද්ධයේ තිබෙන අන්ත දෙකෙහි ස්වභාවය කියලා අපි තේරුම් අරන් තියෙනවා. 

මැදපෙරදිග කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රභවයන් දෙකක් තියෙනවා, ප්‍රධාන වශයෙන්. අපනයන වෙළෙඳාම පසෙකින් තිබ්බත්. එක ඒ හරහා ගොඩනැගිලා තියෙන, ගෑස් සහ ඉන්ධන සැපයුම් මාර්ග. අපිට ආර්ථිකය වැදගත්. දෙක විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්. ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් එම කලාපයේ වැඩ කරනවා. ඒ නිසා විදේශ සංක්‍රාමවල ගැටුමක් ඇති වෙන්න පුළුවන්. දෙක සැපැයුම් මාර්ග අඩපණවීම නිසා අපේ බලශක්ති සැපයුමට මතු වෙන්න පුළුවන් ප්‍රශ්නයක්. මේ බාහිර කම්පනයෙන් අපිට බලපාන්නේ කොහොමද කියලා බලන්න ඕනේ.” 

” 

SendShareShare
Previous Post

අධිකරණ ඇමැතිතුමා මැදඟිල්ල පෙන්නලා දිව එළියට දාලා මොකද්ද පෙන්නුවේ..?

Next Post

අනුර කරපු කතාවට ඒ මොහොතේම විපක්ෂනායක සජිත් නැගිට සැර උත්තරයක් දෙයි! මධ්‍යස්ථ නම් ඇයි යුද්ධය හෙළා දැක්කේ නැත්තේ? ආණ්ඩුවට හුස්මක් කටක් ගන්න බැරිවෙන්නම දිගට හරහට පහර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.