විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා යෝජනා වී ඇති ගයන්ත කරුණාතිලක මහතාගේ නමට මතුවෙමින් පැවැති විරෝධය මේ වනවිට උත්සන්න වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අවසන් තීන්දුවක් ගැනීම සදහා මේ වනවිට පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමක් කැදවා ඇති බව දැනගන්නට ඇත.
අද සවස් වරුව වන විට කරුණාතිලක මහතාගේ නම වෙනුවට හරීන් ප්‍රනාන්දු සහ කබීර් හෂීම් යන මහත්වරුන්ගේ නම් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරය සදහා නම් වී තිබිණ.
ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් මෙම පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ රැස්වීමේදී ගනු ඇති බවද දැනගන්නට තිබේ.










