ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා කවුරුන්ද යන්න පිළිබඳව මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා පවසයි. Sri Lanka Latest News
අද (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
වසර එකහාමාරක පමණ කාලයක් පුරා පර්යේෂණයක් සිදු කර ‘පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයායාම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් සකස් කළ බවත් එය එළැඹෙන මාර්තු මස 31 වනදා සවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී එළි දැක්වීමට බලාපොරොත්තු වන බවත් උදය ගමන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගමන්පිල මහතා,
”පාස්කු ප්‍රහාරය වසර 7ක් සිට විකුණුවා.. ආණ්ඩු හැදුවා ආණ්ඩු පෙරලුවා කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරය යොදා ගත්තා.. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත්”










