තවමත් ප්‍රදේශ රැසකට ගෑස් හිඟයක් පවතින බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති.
දිවයිනේ ප්‍රධාන දිස්ත්‍රික්ක ගණනාවකට අයත් ප්‍රදේශ රැසකට ගෑස් සැපයුම තවමත් අඩාළ වී පවතින බවද, මෙම තත්ත්වයට අනුරාධපුර, මහනුවර, ගාල්ල, කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවලට අයත් ප්‍රදේශ රැසක පාරිභෝගික ජනතාවට දැඩි අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇති බවද පැවසේ.
තවමත් රට පුරාම ලිට්රෝ මෙන්ම ලාෆ්ස් යන ගෑස් දෙවර්ගයම දැඩි ලෙස හිඟව පවතින බවට පාරිභෝගික ජනතාව ‘මව්රට’ට පැවසූහ.
නන්දන ශ්‍රී දොරකුඹුර










