• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලුසියානෝ මරන්සිත් ආ මොනරාගල පුංචි සීගිරිය! Sri Lanka Latest News

March 15, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
ලුසියානෝ මරන්සිත් ආ මොනරාගල පුංචි සීගිරිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මොනරාගල කොටියාගල මයිල්ල පර්වතයේ පිහිටි පුරාණ රුහුණු රටට අයත් ලෙන් විහාරයක් ලෙස කොටියාගල මයිල්ල ලෙන් විහාරය හැඳින්විය හැකිය. මෙම විහාරයේ ඇති නටබුන් පරීක්ෂා කිරීමේදී අනුරාධපුර යුගයේ ඉදිකළ විහාරස්ථානයක් බව පෙනීයයි. මොනරාගල පොතුවිල් සියඹලාණ්ඩුව මාර්ගයේ ඇතිමලේ (මහාවංශයේ සඳහන් උරුවෙල නගරය හා වැව කොටියාගල අසල වූ ඇතිමලේ බව හඳුනාගෙන ඇත) හා සැතපුම් භාගයක් පමණ වූ ඇතිමලේ වැව් බැම්ම හරහා කොටියාගල ගම්මානයට පිවිස එතැන් සිට සැතපුම් දහයක පමණ දුරක් ගෙවා ගම්මානය මැදින් වනය හරහා මයිල්ල පර්වත විහාරයට ළගා විය හැකිය. ගමන් මාර්ගයේ දුෂ්කර බව හේතුවෙන් යතුරුපැදියක් හෝ අත්ට්‍රැක්ටරයක් වැනි වාහනයක් භාවිත කිරීම යෝග්‍ය වේ. 1967 වසරේදී පුරාවිද්‍යා ඕවර්සියර් කෙනකු වූ එම්.එච්. මාර්ෂල් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැන්වීමෙන් පසුව මෙම ලෙන් විහාරය පිළිබඳ ලෝකයට කරුණු අනාවරණ විය.Sri Lanka Latest News

අනුරාධපුර යුගයට අයත් සැතපෙන පිළිම වහන්සේ නමක්, එමෙන්ම අනුරධපුර යුගයට අයත් බිතුසිතුවම් සහ චෛත්‍යක් පැවතීම හේතුවෙන් ශාසනික වශයෙන් වැදගත් ස්ථානයක් වූ මෙම මයිල්ල පර්වත විහාරයේ දැනට ශේෂව ඇත්තේ පුරාණ ගල් ලෙන් පමණි. එහි කටාරම් කොටා තිබෙන අතර දිගින් අඩි 73ක්ද පළලින් අඩි 42ක්ද වන මෙම ලෙනෙහි සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් දක්නට ඇත. එම සැතපෙන පිළිම වහන්සේ අනුරාධපුර යුගයට අයත් බවට ඇතැමුන් මත පළකර ඇති අතර, මයිල්ල පර්වත විහාරයේ පිළිමවහන්සේ ගඩොල්වලින් මූලික හැඩය මතු කර මැටි බදාම ආදිය යොදා නිර්මාණය කර තිබේ. සුදු මකුළු මැටි තට්ටුවක් ආලේප කොට නිමාකර ඇති ඉතා විශිෂ්ට නිර්මාණයක් වූ එහි සිවුර සිරුරට ඇළුණු ආකාරයට දක්වමින් සජීවී කලා ලක්ෂණයන් ගෙන් යුක්තව නිමවා ඇත. අද වනවිට මෙම විහාරයේ පිළිම වහන්සේ විනාශ වී ඇති නමුත් එම පිළිම වහන්සේගේ මුහුණෙන් කොටසකුත් ශරීරයේ උඩ කොටසත් ඉතිරිව තිබේ. ප්‍රධාන ලෙනට බටහිරින් තවත් කුඩා ලෙන් හතරක් පිහිටා ඇත.

මෙම පර්වතය මුදුනෙහි දාගැබක් පැවති බවට සාධක හමුවන අතර, මේ වනවිට නිධන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් පස් ගොඩක් පමණක් දක්නට ලැබේ. මුල් කාලීන ලක්ෂණ සහිත චෛත්‍යයේ ඡත්‍ර ගල ගැලවී ගොස් පිළිම වහන්සේ ඉදිරියේ වැටී තිබෙනු දක්නට ලැබෙන අතර ගම්වාසීන් වර්තමානයේ එය මල් ආසනයක් ලෙස භාවිත කරයි.
මෙම විහාරයේ ඉතාම වැදගත් අංගයක් ලෙස ලෙන් විහාරයේ වියනෙහි පවතින ඉපැරණි බිතු සිතුවම් දැක්විය හැකිය. ලුසියානෝ මරන්සි විසින් මෙම චිත්‍ර සංරක්ෂණ කර ඇත.
රෝහණයේ ඇති පැරණිම සිද්ධස්ථානවලින් එකක් වන මෙහි චිත්‍ර අයත් වන්නේ අනුරාධපුර යුගයටය. එම සිතුවම් දැඩි සේ විනාශ වී ඇත. ඒවා පිළිබඳ ඇතැමුන් කාල නිර්ණය සම්බන්ධයෙන් විවිධ අදහස් දරන අතර මෙය 3 හෝ 4 සියවස්වලට අයත් බව ඇතැමුන්ගේ මතයයි. තවත් අය මෙය 8වැනි සියවසට අයත් බවට මත පළකරන අතර මයිල්ල පර්වතය පිළිබඳ වැඩිදුර අවධානයක් යොමු වී නොමැත.

මෙහි බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයට ඉහළින් අලංකාර සැරසිල්ලක් දැකිය හැකිය. ඒ සඳහා සාම්ප්‍රදායික කලා මෝස්තර යොදාගෙන ඇති අතර එහි තනි රතු බදාමයක් සහිත පසුබිමේ සුදු පාටින් සැරසිලි මෝස්තර යොදා තිබේ. එක් තැනක වෘත්තාකාර මෝස්තර ද අලියකුගේ රූපයක් ද දැකිය හැකිය. ඒ සඳහා භාවිත කර ඇත්තේ රතු හා සුදු පාට පමණක් වන අතර, එහි තවත් කොටසක උද්‍යානයක් මෙන් චිත්‍රණය කර ඇත. එයින් කියැවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව සොයාගෙන නැති අතර එහි නෙළුම් මල්, කොළ, පොහොට්ටු ආදිය පිරුණු පොකුණක් දක්වා තිබේ. ඇතුන්, බූරුවන්, මුවන් ආදී සතුන් ද එහි නිරූපිත අතර ඊට නුදුරින් විමානයක් වැනි මණ්ඩපයක් දැකිය හැකිය. ඒ තුළ පුද්ගල රූප කිහිපයක් ද චිත්‍රණය කර ඇත. ඒවායෙන් නිරූපණය වනුයේ බෝධිසත්ත්ව යුවළක් බව ඇතැමුන් ගේ මතය වන නමුත් ඒ මතය තහවුරු කර නැත. ඉතා සියුම් රේඛාවන් ගෙන් විසිතුරු කළ අලංකාර රූප කිහිපයක් තිබෙන අතර සීගිරි අප්සරාවන්ට බෙහෙවින් සමාන රූපයක් දැකගත හැකිය. සීගිරි චිත්‍ර වල මේ වන විට අපට දැක ගත හැකි වන්නේ සීගිරි අප්සරාවන්ගේ උඩුකය රූප වුවත් මෙහි සම්පූර්ණ කාන්තා රූපය නිරූපණය කර තිබීම විශේෂත්වයකි. මෙම විහාරයේ ඇති චිත්‍රවල අනෙක් වැදගත් කරුණ නම් ශීර්ෂාවරණය, ඔටුන්න, ග්‍රීවාබරණ, හස්තාභරණ, වස්ත්‍ර ආදියේ ඇති සියුම් නොකැඩුණු රේඛාවලින් චිත්‍රණය කර තිබීමයි. එමගින් කලා කරුවාගේ ප්‍රතිභාව මැනැවින් පෙන්නුම් කෙරේ.
මෙම විහාරය කිසිවකුගේ අවධානයට ලක් නොවීම හේතුවෙන් කැලෑවට යටවී ගොස් ඇති අතර නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක්වීම හේතුවෙන් සියලු ඉදිකිරීම් විනාශයට පත්ව තිබේ. මයිල්ල පර්වත විහාරය පිහිටා ඇති කොටියාගල ගම පසුගිය කාලයේ දී විවිධ ත්‍රස්ත උවදුරුවලට ලක්වුණු ගම්මානයක් වන අතර, හේන් ගොවිතැන ජීවන උපාය කරගත් සිංහල බෞද්ධ පවුල් කිහිපයක් ඵමණක් දැනට මේ ගම්මානයේ ජීවත් වේ.

කාලයේ වැලිතලාවෙන් වැසීගොස් ඇති මෙවැනි පෞරාණික වටිනාකමකින් යුත් සිද්ධස්ථාන හැකි ඉක්මනින් සංරක්ෂණය කොට අනාගත පරපුරටත් දායාද කිරීමේ වගකීම අප සතුව පවතී. එබැවින් මේ පිළිබඳ ඔබේත් මගේත් යුතුකම ඉටුකිරීමට අප්‍රමාදී වීම සම්බුද්ධ ශාසනය තවත් චිරාත් කාලයකට මෙසිරිලකෙහි ආරක්ෂා කරගැනීමට කරන්නා වූ මහඟු මෙහෙයක් වනු ඇත.

SendShareShare
Previous Post

ලංකාව ගිය පාරෙම ගිය නේපාලය! සමානකම් ගොඩයි! Sri Lanka Latest News

Next Post

ත්‍රීවීල් රියැදුරෝ ජනාධිපති කාර්යාලය වටලන්න ලෑස්ති වෙයි! ඔන්න නොකිව්වයි කියන්න එපා! ආණ්ඩුව වැට්ටුවේ අපි කියලා කියන්න එපා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.