චීනය සහ රුසියාව විසින් නිෂේධ බලය භාවිතා නොකිරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහි යෝජනාවක් සම්මත කර ඇත. Sri Lanka Latest News
ගල්ෆ් කලාපයේ රටවල් වෙත ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර සහ කලාපීය ආරක්ෂාවට ඇතිවන තර්ජන හෙළා දකිමින් බහරේනය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් 15 න් 13 ක් පක්ෂව ඡන්දය ලබා දුන් අතර චීනය සහ රුසියාව ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සාමාජික රටවල් 15 කින් සමන්විත වන අතර එයින් 05 ක් ස්ථිර සාමාජිකයන් වන අතර ඔවුන්ට නිෂේධ බලය (Veto) හිමිවේ.රටවල් 135 ක සහය ලැබූ මෙම යෝජනාව මඟින් ඉරානය විසින් ගල්ෆ් රටවල් වෙත කරන ප්‍රහාර නැවතීමට හා මැදපෙරදිග කලාපීය සාමය ස්ථාපිත කරන එකඟතාවක් එම රටවල් ඇති කර ගත්තේය.
Source: Anadolu Agency, Khaleej Times










