• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජිත විජිතයට සුද්දො හරස් වෙයි! Sri Lanka Latest News

March 14, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
කිසිම බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් බෑ! අපි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා! සියලු විමර්ශන දේශීය යාන්ත්‍රණයක් හරහා පමණයි! විජිත ජිනීවා අමතයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විජිත හේරත් ඇමැතිතුමා, ඔබතුමාට ඉංග්‍රීසි බෑ කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. රටේ දේශපාලකයෙකුට ඉංග්‍රීසි බැරිවීම ගැටලුවක් නැහැ. අපි සිංහල රටක්. විජිත හේරත්ලා වගේ ඇමැතිවරු නිදහස් අධ්‍යාපනයේ ගේමක් ගහගෙන ඉස්සරහට ආපු මිනිස්සු. අපි කොළඹ හතේ ඉපදිලා නැහැ. අපේ ගෙවල්වල කුස්සියේ, කක්කුස්සියේ ඉංග්‍රීසියෙන් කතා කරලා නැහැ. කොළඹ මිනිස්සුන්ට නම් ආයා කතා කරන්නෙත් ඉංග්‍රීසියෙන්. කොළඹ අයගේ ආයත් ඉංග්‍රීසි දන්නවා. ගෙවල්වල නර්ස්ලා ඉන්නවා, ඒගොල්ලෝ ඉංග්‍රීසියෙන් කතා කරනවා. ඉස්කෝලවල, පෞද්ගලික පන්තිවල, යාළු මිත්‍ර සමාජවල හැමතැනම කතා කරන්නේ ඉංග්‍රීසියෙන්. හැබැයි අපිට එහෙම නැහැ. අපේ රටේ බහුතරයකගේ තත්ත්වය ඕක තමයි. විජිත හේරත් මහත්තයාගෙන් අපි දැක්කේ මේ රටේ පොදු මහජනයාගේ ගතිගුණය, ලක්ෂණය.Sri Lanka Latest News

සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසි ඉගෙන ගත්තත්, ඉංග්‍රීසි භාෂාවට ‘ඒ’ එකක් ගත්තත්, ඉංග්‍රීසි පුළුවන් කියලා කියන මට්ටමෙන් ඉංග්‍රීසි පුළුවන් වුණත් අපිට ඉංග්‍රීසි කතාකරන්න බැහැ. ලෝකය ඉස්සරහට ගියාට පස්සේ අපි ‘බබ්’ ‘බබ්’ ගානවා, ගොත ගහනවා, කියන එක පැහැදිලි නැති වෙනවා. චතුර ලෙස ඉංග්‍රීසි කතා කිරීමට අපිට බැහැ, චතුර ලෙස පැහැදිලි කිරීම් කරන්න අපිට බැහැ. ඔය ප්‍රශ්නය අපිට තියෙනවා. ඒකට හේතුව කොළඹ හතේ මිනිස්සුන්ට ඒක පුළුවන්, අපිට බැහැ. ඕක තමයි කාරණාව.

හැබැයි ආණ්ඩුවකට විදේශ අමාත්‍යවරු අවශ්‍ය වෙන්නේ එක්කෙනයි. නියෝජ්‍ය ඇමැතිතුමා ඇරුණාම එක්කෙනයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඇයි මේ විදේශ ඇමැතිකමට හරි කෙනෙක් දාගන්න බැරි කියන එකට උත්තරය අපිට අහන්න වෙනවා. විජිත හේරත් මහත්තයාට ඉංග්‍රීසි බැරි එක නෙමෙයි ප්‍රශ්නය තියෙන්නේ. දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් එකක් තමයි නියෝජ්‍ය ඇමැතිතුමාට හොඳට ඉංග්‍රීසි පුළුවන් කියලා කියනවා. අපි දන්නේ නැහැ එතුමාගේ තත්ත්වය, හැබැයි එතුමාට ඉංග්‍රීසි පුළුවන් කියලා මම දැක්කා තැන් තැන්වල දාලා තියෙනවා ඔහු භාෂා ප්‍රවීණයෙක් කියලත් දාලා තියෙනවා.

ඒ වගේම හරිනි අමරසූරිය අගමැතිතුමිය. අග්‍රාමාත්‍යතුමියට අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධව තියෙන අත්දැකීම් අඩුයි. එතුමිය නිදහස් අධ්‍යාපනය පිළිබඳ ලොකු දැනුමක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි එතුමිය හරියටම ගැළපෙනවනෙ මේ විදේශ කටයුතු ඇමැතිකමට. එතුමියට ඉංග්‍රීසි කතාකරන්න පුළුවන්, ජාත්‍යන්තර අත්දැකීම් තියෙනවා, එතුමියට ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. අනිත් එක කාන්තාවක් වීමත් හරි වැදගත්. මොකද අපි දන්නවා පහුගිය කාලවල ලංකාවේ විදේශ ඇමැතිවරු පත්කළේ හරිම උපක්‍රමශීලී විදිහට.

ජේ.ආර්. හමීඩ්ව පත්කරන්නේ එහෙම තමයි. හමීඩ් කියලා කියන්නේ සුළු ජාතික නියෝජනයක්. ඔහු ඉංග්‍රීසි භාෂා ප්‍රවීණයෙක්. වැඩේ කරගන්න පුළුවන්. ලෝකයත් එක්ක ගනුදෙනු කරද්දී ලෝකෙට බැහැ අපිට ඇඟිල්ල දික් කරන්න. අපි සුළු ජාතීන්ට විශාල ඉඩක් දීලා තියෙනවා. අපි දන්නවා කදිරගාමර් මහත්තයා ලංකාවේ විදේශ කටයුතු ඇමැති වෙලා ඉන්නවා. එතකොට ලංකාවට තිබිච්ච ලොකුම චෝදනාව තමයි අපි ද්‍රවිඩ ජාතිකයන්ට කරදර කරනවා කියලා, ද්‍රවිඩ ජාතිකයන්ට හිරිහැර කරනවා කියලා, ද්‍රවිඩ ජාතිකයන්ට අවශ්‍ය කරන වරප්‍රසාද ටික දෙන්නේ නැහැ කියලා. දෙමළ මිනිස්සු අපිට විරුද්ධව ආයුධ අරගෙන. ඕක තමයි අපිට තිබිච්ච තර්කය. ඒ තර්කය පැහැදිලිව බිඳලා දාන්න, ඒ තර්කය සම්බන්ධව ලෝකයේදී ප්‍රශ්න කරද්දී ඒකට උත්තර දෙන්න අපි ඒ කාලේ පත්කරගත්තේ ද්‍රවිඩ ජාතිකයෙක්. එතකොට ජාත්‍යන්තරය ඉස්සරහා අපි හරි ශක්තිමත්ව ඒ දේවල්වලට මුහුණ දුන්නා. ජාත්‍යන්තරය ඉස්සරහදි අපි නිරුවත් වුණේ නැහැ. අපේ රටේ බොහෝ වෙලාවට සමහර අමාත්‍යවරු ඇත්තටම අපි දන්නවා ඒගොල්ලන්ට චෝදනා තිබුණා. ඒගොල්ලෝ සම්බන්ධ ප්‍රශ්න තිබුණා. හැබැයි ඒගොල්ලෝ ලෝකය ඉදිරියට ගියාට පස්සේ ලෝකය ඉදිරියේ පැහැදිලිව උත්තර දුන්නා, පැහැදිලිව සාකච්ඡා කළා, කතාබහ කළා, ප්‍රශ්න විසඳගත්තා. මේ හැමදේම කළා. ඒ නිසයි විජිත හේරත් ඇමැතිතුමා ඔබතුමාට මේ ප්‍රශ්නය තියෙන්නේ. එහෙම නැතුව ඔබතුමා සම්බන්ධ ප්‍රශ්නයක් අපිට නැහැ. ඔබතුමා මේ ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන්න ඕනේ කෙනෙක්. පහළ තැන ඉඳලම මේ දේශපාලනයේ ඉහළට ආපු මනුස්සයෙක්. අද මාලිමාවේ ආණ්ඩුවේ ඉන්න ඉහළ තනතුරු දැරිය යුතුයි කියලා විශ්වාස කරන්න පුළුවන් පළමුවැනි දෙතුන් දෙනාගෙන් කෙනෙක් ඔබතුමා. විශ්වාස කරනවා ලාල්කාන්තලා වසන්තලාටත් වඩා ඔබතුමා ඉන්නේ ඉහළ ස්ටෙප් එකක. අනුර කුමාර දිසානායක, විජිත හේරත් කියන මේ දෙන්නා එක්ක එක ලෙවල් එකක තියන්න පුළුවන් ටිල්වින් සිල්වා විතරයි. ඒ තරම් ඔබතුමාලා ජ්‍යෙෂ්ඨතමයෝ. ඒ නිසා ඔබතුමාලා සම්බන්ධයෙන් පොදු මහජනතාවට වගේම අපිටත් ප්‍රශ්නයක් නැහැ. ඔබතුමා ඉහළම අමාත්‍යාංශයක තනතුරක් දැරිය යුතුමයි, අනිවාර්යයෙන් ඒක කළ යුතුයි. නමුත් ඔබතුමාට සංස්කෘතික කටයුතු ඇමැතිකම, සමහර විට ඔබතුමාට අධ්‍යාපන ඇමැතිකමත් මීට වඩා හොඳට කරන්න පුළුවන්කම තියෙන්න පුළුවන්. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වගේ එකකුත් ඔබතුමා ඉතාම හොඳින් කරයි. ඔබතුමා මේ රටේ මිනිස්සුන්ගේ හද ගැහෙන රාවය පපුව ගැහෙන සද්දේ හොඳට දැනෙන කෙනෙක්. අපි විශ්වාස කරනවා එහෙම.

හැබැයි ඉතින් බැරි ඉංග්‍රීසියක් කතාකරන්න ගිහිල්ලා වරිගෙ නහගන්නේ නැතුව, නිකන් රෙදි ගලව ගන්නේ නැතුව ලෝකය ඉස්සරහා ඔබතුමාත් හෑල්ලුවට ලක් වෙලා අපිවත් හෑල්ලුවට ලක්වෙලා රටත් විහිළුවක් කරගන්නේ නැතුව මේ අමාත්‍යාංශ ටික එහෙට මෙහෙට මාරුකරගෙන හරි මේ ප්‍රශ්න විසඳගන්න ඇමැතිතුමා. නිකන් අපරාදේ ඔබතුමාලා වගේ ජ්‍යෙෂ්ඨ මිනිස්සු වාර්තා තියලා ඡන්දෙ ගත්ත අය. මේ රටේ මිනිස්සු ඇත්තටම ආදරේ කරන මිනිස්සු. දේශපාලනයෙන් ඇත්තටම හරිහම්බ කරගත්ත දේවල්වලට වඩා දේශපාලනයෙන් ගේමක් ගහගෙන ඉහළට ආපු මිනිස්සු. අන්තිම බින්දුවේ ඉඳලා 3% ඉඳලා මෙච්චර ඉහළට නැගිටින තැන දක්වා මේ මිනිස්සුන්ව උස්සලා තියන්න කැපවෙච්ච මිනිස්සු.

මේ විදිහට ලෝකය ඉස්සරහා හෑල්ලු වෙන්න හොඳ නැහැ. ලෝකය ඉස්සරහා සවුත්තු වෙන්න හොඳ නැහැ. ඔබතුමා හිනාවෙනවා, ඔබතුමාට හිනාවෙනවා, අර ඉන්දියන්කාරයා හිනාවෙනවා, සියලු දෙනාම හිනා වෙනවා. මේක විහිළුවක්, මේක විකාරයක්. මේ අහන්නේ ජාත්‍යන්තර ප්‍රශ්න. මේ ලෝකේ හරිම තීරණාත්මක වෙලාවක්. ඔබ දෙන එක උත්තරයකින් මේ ලෝකේ වෙනස් වෙන්න පුළුවන්. ඔබ කතාකරන එක වචනයකින් අපේ රටේ ඉමේජ් එකට ඩැමේජ් වෙන්න පුළුවන්. ඔබතුමාලා කියන එක කාරණාවකින් අපිව ඉලක්කයට ලක්වෙන්න පුළුවන්. අපිට සම්බාධක වැටෙන්න පුළුවන්. අපිව ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්, අපිව අතහැරලා දාන්න පුළුවන්. අපි ලෝකෙ ඉස්සරහ හෑල්ලුවට ලක්වෙන්න පුළුවන්.

ඒ නිසා ජනාධිපතිතුමනි මේ අමාත්‍යාංශ බෙදලා දෙනකොට මීට වඩා කල්පනාකාරී වෙන්න. මේ මිනිස්සුන්ගේ පෞරුෂය, මේ මිනිස්සුන්ගේ තත්ත්වය, මේ මිනිස්සු ලෝකය ඉස්සරහ ගොඩනගාගෙන තියෙන ගෞරවය ආරක්ෂා වෙන විදිහට අමාත්‍යාංශ පත් කරන්න. එහෙම වුණොත් මේ වැඩේ කරන්න පුළුවන් වෙයි. නැත්නම් නම් මහත්තයෝ මේ වැඩේ ඉස්සරහට කරගෙන යන්න බැහැ. ඇත්තටම විජිත හේරත්ලා පව්.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

තෙල් අපනයන පර්යන්තයට එල්ල වූ අමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානය පිස්සු වැටෙයි! අමෙරිකාවට සහාය දෙන සියලු රටවල තෙල් සමාගම්වලට අපි ගහනවා! ඉරානය ඇහැට ඇහැක් ගන්න තීන්දුවක! I Sri Lanka Latest News

Next Post

දියගමට ගිනිතිබ්බ ත්‍රස්තවාදියා කවුද? Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.