නවවැනි පාර්ලිමේන්තු සැසිවාරය සදහා සියලුම මන්ත්‍රීවරුන් සිය වාහනවලින් පැමිණෙද්දී නවක මන්ත්‍රීවරයකු බෝට්ටුවකින් පැමිණි ආකාරයක් දැකගත හැකි විය.
ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාය.
නවක මන්ත්‍රීවරයා බෝට්ටුවකින් පැමිණීම ගැන අදහස් පළ කරමින් කියා සිටියේ දියවන්නා ඔය සංවර්ධනය කිරීමේ ජනාධිපතිතුමන්ගේ සංකල්පය මත බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට ඒමට හැකියාව ලැබුණු බවයි.
කොළඹ ආශ්රිත මාර්ග වල ඇති දැඩි රථවාහන තදබදය මගහරවා ගැනීමට ජල මාර්ගවල ප්‍රවාහන මාධ්‍ය කෙරෙහි ජනතාව උනන්දු කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවද ඔහු කියා සිටියේය.










