දෙරණ මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය සමග දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබේ.
අමෙරිකානු තානාපතිනියගේ ආරාධනාවකට අනුව ජයවීර මහතා මෙම දිවා භෝජන සංග්‍රහයට සහභාගීව ඇති බව දැනගන්නට ඇත.
මෙම හමුවේ ඇති විශේෂත්වය වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී සාකච්ජා කිරීමෙන් අනතුරුව අමෙරිකානු තානාපතිනිය හා දිලිත් ජයවීර මහතා අතර මෙම හමුව සිදුවීමය.
දිලිත් ජයවීර මහතා යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතිසමීපතමයකු ලෙසත්, ජාතිකවාදී ව්‍යාපාරයේ නියමුවකු ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය විසින් හදුනාගෙන තිබීම මෙම හමුව සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
කෙසේවෙතත් මෙහිදී දෙපාර්ශ්වය අතර හමුව බොහෝ වේලාවක් පැවතියත් සාකච්ජා වී ඇති කරුණු මොනවාද යන්න පිළිබදව අනාවරණය වී නැත.
මේ සම්බන්ධයෙන් දිලිත් ජයවීර මහතාගේ ෆේස්බුක් පිටුවේ ජායාරූප කිහිපයක් පළ කිරීමටද ඒ මහතා කටයුතු කොට ඇත.












