මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් හටගෙන ඇති බලශක්ති හිඟයට පිළියමක් ලෙස, තායිලන්තයේ රාජ්‍ය නිලධාරීන්ට බලශක්තිය සුරැකීම සඳහා දැඩි සීමා පැනවීමට එරට අග්‍රාමාත්‍ය අනූටින් චාන්විරාකුල් ‘Anutin Charnvirakul’පියවර ගෙන ඇත.Sri Lanka Latest News
මේ යටතේ විදේශ සංචාර අත්හිටුවීම, විදුලි සෝපාන වෙනුවට පඩිපෙළ භාවිත කිරීම සහ නිවසේ සිට රාජකාරි කිරීම වැනි පියවර රැසක් හඳුන්වා දී තිබේ.
අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා සපයන නිලධාරීන් හැර සෙසු පිරිස නිවසේ සිට වැඩ කළ යුතු බවට එරට ජනතාවට දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තායිලන්තයේ බලශක්ති අමාත්‍යවරයාට අනුව එරට සතුව මේ වන විට පවතින්නේ දින 95 කට පමණක් සෑහෙන බලශක්ති සංචිතයකි.
තායිලන්තයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 68% ක්ම සපුරා ගන්නේ ස්වභාවික වායුවලිනි.
ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් මියන්මාරයෙන් ආනයනය කරන අතර, පවතින තත්ත්වය හමුවේ අමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව වැනි රටවලින් LNG වායූ ලබාගැනීමට තායිලන්තය උත්සාහ කරමින් සිටින බව සඳහන් වේ.
තත්ත්වය තවදුරටත් උග්‍ර වුවහොත්, වෙළෙඳසැල් සහ සිනමාහල්වල දැන්වීම් පුවරුවල ආලෝකය අඩු කිරීම සහ රාත්‍රී 10 වන විට පිරවුම්හල් වසා දැමීම වැනි අනිවාර්ය නීති පැනවීමට රජය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
එමෙන්ම පොදු ප්‍රවාහනය සහ රථ වාහන හවුලේ භාවිත කිරීම මගින් ඉන්ධන පිරිමසා ගැනීමට සහායවන ලෙස එරට රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.










