• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඊයේ ඩොලර් 115ට නැග්ග බොරතෙල් බැරලය අද ඩොලර් 88ට බහී! I Sri Lanka Latest News

March 10, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආසියාවේ අඟහරුවාදා උදෑසන ගෝලීය වෙළඳ කටයුතු ආරම්භයේදී බොරතෙල් මිල පහත වැටුණි.Sri Lanka Latest News

බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 8.5% කින් පමණ පහළ ගොස් ඩොලර් 92.50 (£68.85) ක් ලෙස සටහන් විය. එක්සත් ජනපදය වෙළඳාම් කරන තෙල් බැරලයක මිල ද 9% කින් පමණ පහළ ගොස් ඩොලර් 88.60 ක් විය.

සඳුදා එක් අවස්ථාවකදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 දක්වා ඉහළ ගොස් තිබිණි.

ගැටුම ආරම්භයේදී තිබූ මිල ගණන් සමග සැසඳීමේදී බොරතෙල් බැරලයක මිල තවමත් 30% කින් පමණ ඉහළ ය.

2026 පෙබරවාරි 28 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වැඩි කිරීමෙන් දින 10කට පසු ශ්‍රී ලංකාවද (මාර්තු 9 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට යළි තෙල්මිල ඉහළ දැමීමට පියවර ගත්තේය.

මේ යටතේ පෙට්‍ර්ල්, ඩීසල්, භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල ඉහළ දමා තිබේ.

ඉන්ධන මිල ඉහළ දැමීමේ නිවේදනය

තෙල් මිල ආසියානු රටවල බලපා ඇති අයුරු

ඉරාන ගැටුම හේතුවෙන් ඇති වූ ඉහළ යන තෙල් මිල ගණන්වල බලපෑම සමනය කිරීම සඳහා ආසියාවේ ඇතැම් රටවල් පියවර රැසක් ප්‍රකාශයට පත් කර තිබේ.

දකුණු කොරියාවේ සහ තායිලන්තයේ බලධාරීන් පැවසුවේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම සඳහා සීමාවන් පනවන බවයි.

දකුණු කොරියානු නායකයින් ද තෙල් සමාගම්වලට අනතුරු අඟවා ඇත්තේ අර්බුදයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන ඕනෑම සමාගමකට එරෙහිව කටයුතු කරන බවයි.

අනෙකුත් රටවල් බලශක්තිය ඉතිරි කර ගැනීම සඳහා ගොඩනැගිලි වසා දමා ඇති අතර බංග්ලාදේශයේ විශ්වවිද්‍යාල සඳුදා සිට වසා දමා ඇත.

පිලිපීනයේ, රජයේ ආයතන ගිනි නිවන ස්ථාන සහ රෝහල් වැනි තීරණාත්මක සේවාවන් නිදහස් කරමින් දින හතරක වැඩ සති ප්‍රතිපත්තියක් ආරම්භ කර ඇත. වායු සමීකරණ යන්ත්‍ර සඳහා 24C (75F) ප්‍රමිතියක් ද නියම කර ඇත.

අද උදෑසන ආසියාවේ තෙල් මිල 10% කින් පමණ පහත වැටී ඇත. නමුත් ඒවා තවමත් යුද්ධය ආරම්භ වීමට පෙර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි ය.

යුද්ධය ‘ඉතා ඉක්මනින්’ අවසන් වන බවට ට්‍රම්ප්ගෙන් සංඥාවක්

යුද්ධය “ඉතා ඉක්මනින්” අවසන් වන බවට සඳුදා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව මෙම මිල පහත වැටීම සිදුව තිබේ.

ඉරානය ගෝලීය තෙල් ප්‍රවාහන මාර්ගයට බාධා කළහොත් ‘මරණය, ගින්න සහ කෝපය’ ඇති කරනු ඇති බවට ට්‍රම්ප් අනතුරු අඟවා සිටියේය.

හෝමූස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනාගමනයට බාධා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම කළේය.

“ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුළ තෙල් ප්‍රවාහනය නතර කිරීමට යමක් කළහොත්, මෙතෙක් එල්ල කළ ප්‍රහාරයට වඩා විසි ගුණයකින් දරුණු ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය පහර දෙනවා,” නිවේදනයක් නිකුත් කරමින් ට්‍රම්ප් කියා සිටියේය.

ලෝකයේ තෙල්වලින් 20% ක් පමණ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරන අතර යුද්ධය හේතුවෙන් මුහුදු ගමනාගමනය දැඩි ලෙස අඩු වී ඇති අතර ගෝලීය තෙල් මිල ඉහළ ගොස් තිබේ.

“ඊට අමතරව, අපි පහසුවෙන් විනාශ කළ හැකි ඉලක්ක විනාශ කරනවා, එමඟින් ඉරානය නැවත කිසිදා ජාතියක් ලෙස ගොඩනැගීමට නොහැකි වනු ඇත; ඔවුන් මරණය, ගින්න සහ කෝපය මත දැවෙනු ඇත – නමුත් එය සිදු නොවේවායි මම බලාපොරොත්තු වෙමි, යාච්ඤා කරමි!” ඔහු සඳහන් කළේය.

ජනාධිපති ඩොනල්ඩ් ෆ්ලෝරීඩාවේදී අදහස් දක්වමින් කියා සිටියේ, යුද්ධය “ඉතා ඉක්මනින් අවසන් වනු ඇත” යනුවෙනි.

“සතියක් ඇතුළත ඔවුන් අපට 100% පහර දෙන්නයි හිටියේ. ඔවුන් සූදානම් වෙලා හිටියේ. කිසිවෙකු සිතුවාට වඩා මේ සියලු මිසයිල ඔවුන් සතුව තිබුණා, ඔවුන් අපට පහර දෙන්නයි හිටියේ, ඔවුන් මුළු මැද පෙරදිගටම සහ ඊශ්‍රායලයටම පහර දෙන්නයි හිටියේ.”

“ඔවුන් ළඟ න්‍යෂ්ටික අවියක් තිබුණා නම්, ඔවුන් එය ඊශ්‍රායලයට එරෙහිව භාවිතා කරනු ඇත. මෙය විශාල ප්‍රහාරයක් වනු ඇත. මම දන්නවා ඔවුන් සතුව ඒ සියලුම මිසයිල ස්ථාන වලින් 80% ක් පමණ විනාශ කරලා තියෙන්නේ.”

හමුදාව “පුදුම සහගත” යැයිද ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

“මිසයිල බොහෝ දුරට බිම හෙළා තිබෙනවා. ඩ්‍රෝන යානා බිම හෙළා තිබෙනවා, අපි ඔවුන් ඩ්‍රෝන යානා නිපදවන ස්ථානවලට පහර දෙනවා,” ට්‍රම්ප් කියා සිටියේ ය.

“දැන්, ඔවුන් ඩ්‍රෝන යානා නිෂ්පාදනය කරනවා.දක්ෂ වැඩක්. නමුත් එවා විනාශ කළ වහාම අපට වඩාත් ආරක්ෂිත ලෝකයක් ලැබෙනු ඇති අතර එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇත.” ට්‍රම්ප් පවසයි.

BBC සිංහල

SendShareShare
Previous Post

ත්‍රීවීල් ගාස්තුවත් නග්ගන්න ඉල්ලයි! භාණ්ඩාගාරේ ට්‍රිලියන ගණන් සල්ලි තියාගෙන ඉන්නේ පුස්කන්නද? VIDEO I Sri Lanka Latest News

Next Post

ඇපීල් එකට මහින්දානන්දයි නලින් ප්‍රනාන්දුයි එකම මාංචු කුට්ටම දාගෙන උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.