ශ්‍රී ලංකාවට අනන්‍ය මුහුදු සීමාවේදී ඉරාන අයිරිස් ඩේනා නෞකාවට ටෝපිඩෝ ප්‍රහාර එල්ල කළ ඇමෙරිකානු සබ්මැරීනය පිළිබඳ ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා (06) පාර්ලිමේන්තුවේදී පියවර ගත්තේය.Sri Lanka Latest News
එහිදී විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ මෙම ඇමෙරිකානු සබ්මැරීනය ශ්‍රී ලංකාවට අනන්‍ය මුහුදු සීමාවට පැමිණ ප්‍රහාර එල්ල කර යන තෙක්ම ආණ්ඩුවට හඳුනාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැනනගින බවකි.
මේ හරහා රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් පැනනගින බව කී විපක්ෂ නායකවරයා එම සබ්මැරීනය හඳුනා ගැනීමට අවශ්‍ය තාක්ෂණය ලංකාව සතුව නැතිදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටීමටද කටයුතු කළේය.










