එක්සත් ජනපද විශේෂ බළකා සෙබළුන් සිකුරාදා (06) දිනය වනවිට ඉරාන දේශසීමාව ආසන්නයට ගොඩබැස ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කොට තිබේ.Sri Lanka Latest News
ඒ අනුව සතියක කාලයක් පුරා එල්ල කරනු ලැබූ දැඩි ගුවන් ප්‍රහාර රැල්ලකින් අනතුරුව ඇමෙරිකාව මේ වනවිට ඉරානය තුළ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානමින් සිටින බව එම වාර්තා සඳහන් කොට තිබේ.
කෙසේ වෙතත් මෙම සෙබළුන් ඉරාන දේශසීමාවට ගොඩබැස්සේ විශේෂ මෙහෙයුමක් සඳහාද, එසේත් නැත්නම් ඉරානයට එරෙහිව සටන් වදින කුර්දි සටන්කරුවන්ට සහාය ලබාදීමටද යන්න පිළිබඳ මෙතෙක් නිල වශයෙන් තොරතුරු වාර්තා වී නැත.
ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මේ දක්වා එල්ල කරන ලද ගුවන් ප්‍රහාරවලින් ඉරානය සතු සියලු ගුවන් බලය සහ නාවික බලය බිඳදැමීමට ඇමෙරිකානු සෙබළුන් සමත්වී ඇති බවකි.










