• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොහොමද විශේෂ ආර්ථික කලාපයේ තිබ්බ ඉරාන නැවට අමෙරිකාව ටෝපිඩෝ ගහන්නේ? ඉන්දියාවෙ ඉඳන් අරාබි මුහුදට යන ගමන්ද? නැත්නම් නැව ලංකාවට එන ගමන්ද? නාමල්ටත් ප්‍රශ්නයක්! I Sri Lanka Latest News

March 5, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

අද තවත් පුවතක් එනවා මොකක්ද ලංකාවේ මුහුද තීරයේ නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරයේ හැබැයි දැනගන්න ලැබෙන්නේ එක exclusive economic zone එක ඇතුලෙ කියලා නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල වෙච්ච කට්ටිය ගෙනිහිල්ලා ගාල්ලේ රෝහලටත් ඇතුලත් කරලා තියෙනවා.දැන් ගරු සභාපතිතුමා එකසිය ගානක් අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ සීමාවට ආසන්නව ආවේ. අපට දැනගන්න ඕනේ එක්කෝ විශාකාපට්නම් වල තිබිච්ච ජාත්‍යන්තර යුද අභ්‍යාසයට සහභාගී වෙලා ආයෙ අරාබි මුහුදට යන ගමන්ද එහෙම නැත්නම් ඒ මුහුදේ ඉඳලා ලංකාවට ආපු එකක්ද.ඒ නිසා ඔබතුමන්ලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි.මොකද එක පැත්තකින් අපේ රටේ ධීවර ජනතාව දකුණු වෙරල තීරයේ මාලු අල්ලන මුහුදට යනවා.මොකද අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරය උනාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ exclusive economic zone එක ඇතුළේ EEZ එක ඇතුළේ.එතකොට අපිට නාවික ආරක්ෂාව ලබාදෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුළේ.කොහොමද ඉරාන නෞකාවකට අපේ මුහුදු තීරය ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණය සම්බන්ධව ඔබතුමන්ලා රට දැනුවත් කළ යුතුයි ඒ වගේම තමයි ඔබ තමුන්නාන්සේලා ඒ සම්බන්ධව ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ.මොකද පැහැදිලිවම එක්කෝ ඔබතුමන්ලා බුද්ධි අංශ එක්ක පැහැදිලිව කටයුතු කරන්නේ නෑ.යහපාලන ආන්ඩුවත් ඇවිල්ලා කරේ බුද්ධි අංශ දුර්වල කලා අදත් ඔබතුමන්ලා බලයට ඇවිල්ලා ඔබතුමන්ලාගේ ආණ්ඩුව ඇතුලේ ඉන්න පාස්කු ප්‍රහාරයේ බුද්ධි අංශ වාර්තා හංගගත්තු අය ආරක්ෂා කරන්න ඕන නිසා සලේව ගෙනල්ලා අත්ඩංගුවට ගන්නවා.රැදවුම් නියෝග ගන්නවා මොකද්ද කියන්නේ පාස්කු ඉරිදා සම්බන්ධයෙන් කතා කරනවා.හැබැයි ඒ අත්අඩංගුවට ගැනීම පාක වින්දිතයන්ට සාධාරණයක් කිරීම කෙසේ වෙතත් ඔබතුමන්ලාගේ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කර ගන්න කියන කාරණය දැන් හොඳටම පැහැදිලි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේදීය.Sri Lanka Latest News

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ.

“තව පැත්තකින් දැන් මැද පෙරදිග යන්නේ මේ යුද්ධය.ඊශ්‍රාලය ඇමරිකාව, ඉරානය එක්ක යුද්ධ කරනවා.හැබැයි අවසානයේ ඔබතුමන්ලා ගිවිසුම් අත්සන් කරානේ හොරාට දැන් මේ නෞකාවත් අපේ මුහුදු තීරයේ අසල වෙච්ච හානිය ඒ හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක් ද.ඒ පිළිබඳව වගකිවයුතු කෙනෙක් ප්‍රකාශයක් කළ යුතුයි.ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිවරයා ඉන්නවා ඔබතුමාගේ විෂය මේක.එහෙම අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද එහෙම නැත්නම් ඔබතුමන්ලා අධ්‍යයනය කරන්න අද මැද පෙරදිගට මොකක්ද වෙලා තියෙන්නේ කියලා.මැද පෙරදිග එක්ක ඉරානේ ගහගන්නේ නෑ හැබැයි ඇමරිකානු කඳවුරු වලට ගහන්නේ.ඇමෙරිකානු කඳවුරු වලට ගැහුවට පස්සේ ඒකේ වින්දිතයා වෙන්නේ කවුද ඒ ඒ රටවල්.ඒ නිසා ඔබතුමන්ලා හොරාට ගිවිසුම් අත්සන් කරනකොට මේව ගැන අධ්‍යනය යොමුකරන්න.

තවත් පැත්තකින් මම දැක්කා ගරු ජනාධිපතිතුමා ඇවිල්ලා මේ පිළිබඳව විග්‍රහයක් කරනවා.විග්‍රහයේ ඵලක් වෙන්නේ නැහැ.2009න් පස්සේ අපේ ආණ්ඩුව ඇතුළුව ආපු ආණ්ඩු බොහොමයක් මේ භූගෝලිය දේශපාලනයේ වෙනස්කම් සහ භූගෝලීය දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරේ නැහැ ඒක තමයි ඇත්ත කතාව.ඒ හින්දා තමයි අපිට ක්‍රමානුකූලව කාලානුරූපව නොයෙක් අභියෝගවලට අර්බුදවලට මුහුණ දෙන්න වුණේ.ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබට වගකීමක් තියෙනවා දැන්වත් අඩුම ගානේ මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ තත්ත්වයත් එක්ක ලංකාවට ඇතිවෙන බලපෑම මොකක්ද.ඒ බලපෑමට අපි මුහුණ දෙන්නේ කොහොමද,ඒකෙන් අපිට යම්කිසි ආර්ථික ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් නාවික සහ ගුවන් මාර්ග හැදෙනවද, ඒ පිළිබඳව ආණ්ඩුව මේ වෙනකොට අධ්‍යනයක් කරලා තියෙනවද.ඒ වගේම තමයි එක පැත්තකින් විදේශ සම්ප්‍රේෂණ වලට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්.බලපෑමක් වෙන්න පුළුවන් අනිවාර්යෙන් .අද ලෝකයේ සංචාරක ව්‍යාපාරයෙන් බොහොමයක් මේ අරාබි ගල්ෆ් ගුවන් සීමාව හරහා තමයි යන්නේ. ඒ තුළින් අපේ රටට ඇතිවන බලපෑම කොහොමද ඒ තුළින් ඔබ ආණ්ඩුවක් විදියට මුහුණ දෙන්නෙ කොහොමද රටක් විදියට අපි සූදානම් වෙන්නේ කොහොමද ඒ වගේම තමයි තවත් පැත්තකින් අපේ රටේත් තේ ඇතුළු අපනයන නිෂ්පාදන ගල්ෆ් කලාපය වගේම ලෝකයේ අනිත් කලාපවලටත් යනවා.මේකට මොකද්ද අපි අලුත් වෙළඳපොළකට යනවද අපි කොහොමද මේ රටවල් එක්ක තවදුරටත් කාරණා ඉෂ්ට කරන්නේ කියන කාරණය පිළිබඳව ආණ්ඩුවක් විදිහට මෙතෙක් දුරට කොතරම් අවධාන යොමු කරල තියෙනවද කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒ වගේම තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ අපිට බැනලා අපි කරන වැඩ ගැන,අපි ඒ කාලේ කරන්න හදනකොට විරුද්ධ වෙච්ච අය ඔය.ඒ කාලේ තෙල් ටැංකි හදනකොට විරුද්ධවෙච්ච අය තමයි ඔය.හැබැයි ඒක නෙවෙයි උත්තරේ.ඒ හින්දා අනිවාර්යයෙන් ඔබ තමුන්නාන්සේලා මුහුණ දෙන්නේ කොහොමද මේ සඳහා රටක් විදියට මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණය පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.ඒවගේම ආණ්ඩුව මේක දේශපාලන කෝණයෙන් බලන් නැතුව කරුණාකරලා මේ එක තෙල් පෝලිමක් ගැස් පෝලිමක් දිහාබලලා මේක මේ සතියක වැඩක් මාසෙක වැඩක් කියන එක නෙවෙයි.ලෝකයේ ප්‍රධාන අනෙකුත් හැම රටක්ම මේ අර්බුදයත් එක්ක පැන නගින අතුරු අර්බුද වලට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා අපේ සූදානම මොකක්ද.මේ පිළිබඳව ඔබතමුන්නාසේලා රට දැනුවත් කරන්න ඕනේ.

දැන් එක වේලාවක ඔබතුමන්ලාගේ දේශපාලන න්‍යාය පත්‍රය අනුව ඔබතුමන්ලාට වීරයෝ ඉන්නවා ඉල්මහ විරුවෝ ඉන්නවා.හැබැයි යුද්ධය අවසන් කරපු කෙනා සෙබලා.එල්ටීටීඊ ත්‍රස්තවාදියෝ එක්ක හැප්පුනු කෙනා හැබැයි දැන් කල්පනා කරලා බලන්න එල්ටීටීඊය ත්‍රස්තවාදයක් විදියට මේ රටේ ක්‍රියාත්මක වෙලා තිබුනනම් අද ලෝකෙ තියෙන තාක්ෂණයත් එක්ක අර කුරුම්බැට්ටි ප්ලේන් නෙවෙයි කොළඹට එන්නේ ඩ්‍රෝන් වලින් ගහලා යන්නේ උන් හිටි තැන් හොයාගන්න බැරි වෙන්න.හැබැයි ඒ ත්‍රස්තවාදය නැති කරන්න මැදිහත් වෙච්ච බුද්ධි අංශය අය අද හිරේ දානවා ත්‍රස්තවාදය අතැරලා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට ආපු අයව හිරේ දානවා රණවිරුවෝ සෙබළු බවට පත්වුණා ඔබතුමන්ලා ඉල් මහවිරුවෝ සමරගන්න අපිට ප්‍රශ්නයක් නෑ.රණවිරුවා සෙබළා බවට පත්වුණා. අනිත් පැත්තෙන් අපේ ගරුතර මහා සංඝරත්නය ආගමික නායකයෝ වනචාරී බවට පත් කරලා ඔබ තමුන්නාන්සේලා.ඔබතුමන්ලාගේ ඇමතිවරුන්ගේ ප්‍රකාශ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ වලින්,අනිත් පැත්තට මේ මාතෘ භූමිය ගොඩනගන්න මාතෘ භූමිය බේරගන්න කැපවීම් කරපු ඉතිහාසයක් තියෙන රටක්.ඒ මාතෘ භූමිය අද හුණ්ඩුවක් බවට පත් කරලා.ඔබතුමන්ලාගේ තියෙන මානසිකත්වය හිතුම් පැතුම් හිතන විදිහ ඒ හුණ්ඩුවට සීමා වෙන්න පුළුවන්.හැබැයි මේ රට ගොඩනගන්න සහ අභිමානය ගොඩනගන්න ලෝකෙ තියෙන ඕනම රටක් ලෝකෙ තියෙන පොඩිම රටක උනත් පුංචිම දූපතක උනත් තමන්ගේ රටේ නායකය ඇවිල්ලා තමන්ගේ රට හුණ්ඩුවක් කියලා කියාගන්නේ නෑ.එහෙම කරන්නේ නෑ මොකද අභිමානයක් තියෙන්න ඕනේ තමන්ගේ රට පිළිබඳ තමන්ගේ ජාතිය පිළිබඳව තමන්ගේ ආගම පිළිබඳව .එහෙම තමන්ගේ ආගම ජාතිය පිළිබඳව අභිමානයක් නැත්නම් එතනින් එහාට ඒ රටේ නායකයා ගන්න තීන්දු තීරණ පිළිබඳව දිගුකාලීන සැලැස්මකට මේ රටේ අනාගත පරම්පරාවට මුහුණ දෙන්න පුළුවන් විදිහේ තීන්දු තීරණ ගන්න රාජ්‍ය නායකයෝ බිහිවෙන්නේ නෑ.ඉතින් ඒ හින්දා අපි ඔබෙන් ඉල්ලන්නේ දැන් මේ දේශපාලනය අපි ඔබ විසඳගන්න පුළුවන් හැබැයි කරුණාකරලා මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇතිවෙලා තියෙන අභියෝගයක් තියෙනවා අර්බුදයක් තියෙනවා ඒ ගල්ෆ් කලාපයේ ඇමරිකානු කඳවුරු විතරක් නෙමෙයි සිවිල් පුරවැසියන් ආර්ථික කේන්ද්‍රස්ථාන ගුවන් කේන්ද්‍රස්ථාන වරායවල් වලට හානි වෙනවා මේ නිසා අපේ රටට කෙටි කාලීන මධ්‍යකාලීන වගේම දිගුකාලීන ආර්ථික බලපෑමක් ඇතිවෙන්නන පුළුවන් ඒ නිසා කරුණාකරලා ඔබතුමන්ලාගේ ඔය හුණ්ඩු මානසිකත්වය පැත්තක තියලා තිරසාර සැලැස්මකට අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලනවා.

SendShareShare
Previous Post

එක නැවක් අමෙරිකාවෙන් ටෝපිඩෝවක් ගහලා ගිල්ලුවා! තවත් ඉරාන නැවක් ලංකා මුහුදු සීමාවේ නවත්වගෙන ඉන්නවා! ආණ්ඩුව වහාම මේ ගැන ප්‍රකාශයක් කරන්න! සජිත් තවත් ‘බෝම්බයක්’ පත්තු කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හොර රට සිගරැට් නුවරඑළියේ එළවලු කඩයක! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

Load More
බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

මහින්ද සමරසිංහ මහතා තානාපති ධූරයේ නොසිටියේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම අත්සන් කිරීමට සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකාවේ...

Read more
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.