මාදුළුවාවේ සෝභිත හිමියන් විසින් නිර්මාණය කරන ලද සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබේ.
ඊයේ (18) දාතමින් යුතුව යවා ඇති මෙම ලිපිය මගින් 19 වැනි සංශෝධනය ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගේ අවධානය යොමු කිරීමට පියවර ගෙන ඇත.
එහිදී එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළ වෙනස් කළ යුතු දුර්වලතාවන් පවතින බව පිළිගන්නා නමුත් එහි ඇති සාධනීය කරුණු ඉවත් කරන්නේ නම් එය කිසිසේත්ම පිළිගත නොහැකි බවකි.
ඒ අනුව 20 වන සංශෝධනය හරහා 19 වන සංශෝධනය ශක්තිමත් කෙරෙන නීති සකස් කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විටෙක සාකච්ජා කිරීමට සූදානම් බවත් එම සංවිධානය අගමැතිවරයා වෙත දැනුම් දී ඇත.
මෙම ලිපියෙහි පිටපත් ජනාධිපතිවරයා සහ අධිකරණ ඇමැතිවරයා වෙත යොමු කිරීමටද එම සංවිධානය කටයුතු කොට තිබේ.











