ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය Sri Lanka Latest News
උදරට කදුකර ප්‍රදේශයට බලපා ඇති දැඩි වියළි කාලගුණය සහ පවතින සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ඉතා සීඝ්‍රයෙන් අවට ප්‍රදේශ කරා පැතිර ගෑමක් ද දක්නට ලැබිණ ,
වතුකරයේ ස්ථාන කිහිපයකම මේ දිනවල විශාල වශයෙන් මෙවැනි ගිනි තැබීම් වාර්තා වන බව අප වාර්තාකරු පවසයි. මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පරිසර කලාප රැසක් විනාශයට පත්වෙමින් පවතින අතර ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිඳීයාමේ දැඩි අවදානමක් ද මතුව තිබේ. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශ මෙලෙස ගින්නට හසුවීම ඉදිරියේදී දැඩි ජල හිඟයකට මගපාදන බවයි.
ප්‍රදේශවාසීන් පවසන පරිදි, දඩයම් කිරීම සඳහා සතුන් පලවා හැරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් මෙම ගිනි තැබීම් සිදු කරනු ලබයි. කෙසේ වෙතත්, ගින්න හටගෙන පැය කිහිපයක් ගතවී ඇතත්, එය මැඩපැවැත්වීම සඳහා මෙතෙක් කිසිදු බලධාරියෙකු හෝ ආයතනයක් මැදිහත් වී නොමැති බවට ගම්වාසීහු මැසිවිලි නගති.



















