නීතිපති දෙපාර්තමේන්තුව විසින් පසුගිය මාස 18ක් තුළ ළමා අපයෝජන නඩු 12,968ක් අවසන් කර ඇති බව නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ප්‍රකාශ කරයි.
එමෙන්ම එහි ළමා ආරක්ෂක ඒකකයේ නඩු 851ක් අවසන් වෙමින් පවතී බව ද ඇය සඳහන් කර සිටී.
වසර 136ක් වන නීතිපති දෙපාර්තමේන්තු ඉතිහාසයේ මෙතරම් වේගයකින් ළමා අපයෝජන නඩු අවසන් කළ පළමු අවස්ථාවද මෙයයි.










