2005 වසරේ සිට 2013 වසර දක්වා ඉරානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහමුද් අහමදිනෙජාඩ් (Mahmoud Ahmadinejad), අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කර තිබේ.Sri Lanka Latest News
ඊසානදිග ටෙහෙරානයේ ‘නර්නැක්’ (Narnak) ප්‍රදේශයේ පිහිටි අහමදිනෙජාඩ් මහතාගේ නිල නිවස ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
මෙම ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකු මියගිය බව ඉරාන මාධ්‍ය ආයතන තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
මහමුද් අහමදිනෙජාඩ් ජනාධිපති ධුරයට පත්වීමට පෙර අර්ඩබිල් පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසත්, ටෙහෙරාන් නුවර නගරාධිපතිවරයා ලෙසත් කටයුතු කර තිබේ.
ජනාධිපති ධුර කාලය අවසන් වීමෙන් පසු, ඔහුව උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි විසින් ‘උපායමාර්ගික උපදේශක මණ්ඩලයේ’ (Expediency Discernment Council) සාමාජිකයෙකු ලෙස පත් කර ඇත.
උත්තරීතර නායකයාගේ මරණයෙන් පසු, ඉරාන දේශපාලනයේ තවත් ප්‍රබල චරිතයක් වූ අහමදිනෙජාඩ් මෙලෙස මියයාම එරට පාලන තන්ත්‍රයට එල්ල වූ තවත් ප්‍රබල පහරක් ලෙස සැලකේ.









