• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

28 ගැසට් එක ගැහුවොත් රටම කළුවරේ! ලංවිම අලුත් වෙයිද? Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
උපයෝගිතා කොමිසමේ තටු කැපිල්ල කැබිනට්ටුවේ සාකච්ජා වෙයි
Share on WhatsAppShare on Facebook

බලශක්ති ක්ෂේත්‍රයේ හදවත බඳු ලංකා විදුලිබල මණ්ඩලය අද පවතින්නේ සිය ඉතිහාසයේ දරුණුතම සහ තීරණාත්මකම සන්ධිස්ථානයකය. එය හුදෙක් එක් ආයතනයක් ලාභ හෝ පාඩු ලැබීම පිළිබඳ තාක්ෂණික ගැටලු‍වක් නොව, මේ රටේ සාමාන්‍ය වැසියාගේ බත් පතේ සිට මහා පරිමාණ කර්මාන්තශාලාව දක්වා දිවෙන සමස්ත ජාතික ආර්ථිකයේම පැවැත්ම තීරණය කරන සාධකයකි. එහෙත්, අවාසනාවකට මෙන් අද වන විට පාලක පන්තියත්, නිලධාරීවාදයත් එකට එක්ව මෙම මහා වෘක්ෂය මුලින්ම උදුරා දමා, එහි අතු පතර කුට්ටිකර හිතවතුන් අතර බෙදා දීමේ රුදුරු සැලසුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව පෙනේ. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය සටහන් වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 28 වැනිදාය. එදිනට නිකුත් කිරීමට නියමිත ලංකා විදුලිබල මණ්ඩලය ඈවර කිරීමේ හෝ ප්‍රතිව්‍යුහගත කිරීමේ ගැසට් පත්‍රය, ඇත්ත වශයෙන්ම මේ රටේ බලශක්ති ස්වෛරීභාවයේ මරණ සහතිකය ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.Sri Lanka Latest News

ප්‍රතිසංස්කරණයේ නාමයෙන් රජය පවසන්නේ විදුලිබල මණ්ඩලය සමාගම් කිහිපයකට බෙදා වෙන් කිරීම හරහා එහි කාර්යක්ෂමතාවය ඉහළ නැංවිය හැකි බවයි. නමුත් මෙම තර්කයේ ඇති හිස් බවත්, වංචනික බවත් පසක් වීමට වැඩි වෙලාවක් ගත නොවේ. වෘත්තීය සමිති නායකයින් ඉතාමත් පැහැදිලිව පෙන්වා දෙන පරිදි, දැනට එක් අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ එක් සභාපතිවරයෙකු යටතේ පවතින මෙම ආයතනය සමාගම් හයකට කැඩීම යනු පරිපාලන පිරිවැය හය ගුණයකින් වැඩි කිරීමකි. අද වනවිට සභාපති, සාමාන්‍යාධිකාරී සහ අධ්‍යක්ෂ මණ්ඩලයේම පාලන වියදම රුපියල් ලක්ෂ 15ක් වැනි මට්ටමක පවතින අතරතුර, අලු‍තින් පිහිටුවීමට යන එක් එක් සමාගමේ ප්‍රධානීන් සඳහා පමණක් රුපියල් ලක්ෂ 20ක හෝ 30ක අධික වැටුප් ගෙවීමට රජය සැරසෙන්නේ කිනම් පදනමකින්ද යන්න බරපතළ ප්‍රශ්නයකි. මෙය ඇත්ත වශයෙන්ම ආයතනය ගොඩගැනීමක් නොව, පාලකයින්ගේ අන්තේවාසිකයින්ට සහ හිතවතුන්ට ඉහළ සැප විහරණ සහිත රැකියා උත්පාදනය කරන ”‍නිලධාරීවාදී මඩිය තර කිරීමේ”‍ ව්‍යාපෘතියක් බව ඔවුන්ගේ අදහස වී තිබේ. විදුලි බිල දරාගත නොහැකිව සාමාන්‍ය ජනතාව විදුලි පහන් නිවා දමද්දී, ඒ ජනතාවගේම මුදලින් නඩත්තු වීමට යන මෙම නව ”‍සමාගම් රජවරුන්”‍ බිහි කිරීම ජාතික අපරාධයක් බව ඔවුහු පවසති.

මීට අමතරව, මෙම සමස්ත ක්‍රියාවලිය පිටුපස ඇති තවත් කළු පැල්ලමක් වන්නේ ගල් අඟු‍රු ආනයනය සම්බන්ධයෙන් වන මහා පරිමාණ දූෂණ සහ අක්‍රමිකතාය. තාක්ෂණික කමිටු හෝ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලීන් නොතකා හරිමින්, හිතවතුන්ට ටෙන්ඩර් පිරිනැමීම හරහා රජයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන හතකට වඩා අධික බව වාර්තා වේ. නැව් ප්‍රමාද ගාස්තු (Demurrage) ලෙස පමණක් කෝටි ප්‍රකෝටි ගණනින් මහජන මුදල් කාබාසිනියා කර ඇති පසුබිමක, එම පාඩුව පියවා ගැනීමට පාලකයින් සොයාගෙන ඇති එකම විසඳුම වන්නේ විදුලි බිල ඉහළ දැමීමයි. සියයට 100කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් විදුලි බිල වැඩි කරමින් ජනතාව පීඩාවට පත් කරන පාලකයින්, තමන් සිදුකරන දූෂණවල පිරිවැය අහිංසක පාරිභෝගිකයාගේ කර මත පැටවීම අතිශයින්ම පිළිකුල්සහගතය. මේ වන විට අනාවරණය වී ඇති දත්තවලට අනුව, ගල් අඟු‍රු වංචාව හරහා පමණක් රටට අහිමි වූ මුදලින් සමස්ත රටේම විදුලි පාරිභෝගිකයින්ට සැලකිය යුතු සහනයක් ලබා දීමට හැකියාව තිබුණි. එහෙත් එම මුදල් ගලා ගියේ ඩීල්කරුවන්ගේ සහ තැරැව්කරුවන්ගේ සාක්කුවලට බවට සැක මතුවීම වැළැක්විය නොහැක.

විදුලිබල මණ්ඩලය කැබලි කිරීමට එරෙහිව සේවකයින් දියත් කරන අරගලය හුදෙක් වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනක් ලෙස ලඝු කළ නොහැක. එය මේ රටේ පොදු දේපළ ආරක්ෂා කර ගැනීමේ අවසන් අරගල සටනයි. වෘත්තීය සමිති අවධාරණය කරන්නේ පෙබරවාරි 28 වැනිදා ගැසට් පත්‍රය නිකුත් කළහොත්, ඔවුන් ස්ථිර වශයෙන්ම දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවයි. දැනට පවතින සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගේ අනාගතය පිළිබඳ සලකා ඔවුන් මෙතෙක් ඉවසීමෙන් කටයුතු කළද, රජයේ උද්දච්ච පිළිවෙත වෙනස් නොවුණහොත් විභාගය අවසන් වූ සැණින් මුළු රටම අඳුරේ ගිල්වන මට්ටමේ දැඩි තීන්දුවකට ඔවුන් පැමිණ සිටී. රජය උත්සාහ කරන්නේ සේවකයින් දඩයම් කරමින්, ”‍සිස්ටම් ඩවුන්”‍ වැනි බොළඳ නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ජනතාව මුළාවට පත් කිරීමට බව ඔවුන්ගේ ස්ථාවරයය. එහෙත් සැබෑ ”‍සිස්ටම්”‍ එක බිඳ වැටී ඇත්තේ විදුලිබල මණ්ඩලයේ නොව, රට පාලනය කරන දූෂිත දේශපාලන අධිකාරිය තුළ බව ඔවුහු කියති.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි පෙන්වමින් රජය සිදු කරන මෙම බලහත්කාරී විකුණා දැමීම හරහා ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය විදේශීය සමාගම්වල හෝ දේශීය පුද්ගලික ඒකාධිකාරීන්ගේ ග්‍රහණයට නතුවීම වැළැක්විය නොහැක. පුද්ගලික අංශය සැමවිටම ලාභය මත පදනම් වන බැවින්, දුෂ්කර ප්‍රදේශවලට විදුලිය ලබා දීම හෝ සහනදායී මිලට විදුලිය සැපයීම වැනි සමාජ සුබසාධන වගකීම් ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැක. අවසානයේදී සිදුවන්නේ ජල විදුලිය වැනි රටේ ස්වභාවික සම්පත් පවා පුද්ගලික ලාභය වෙනුවෙන් පාවා දීමයි. අපට අවශ්‍ය වන්නේ විදුලිබල මණ්ඩලය කැබලි කර විනාශ කිරීම නොව, එහි පවතින දූෂණය නතර කර, නාස්තිය අවම කර, නවීන තාක්ෂණය මුසු කළ කාර්යක්ෂම රාජ්‍ය ආයතනයක් ලෙස එය පවත්වාගෙන යාමයි.

එහෙත් පාලකයින්ගේ ගමන ඇත්තේ ඊට හාත්පසින්ම විරුද්ධ දිශාවකටය. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මැතිවරණයක් පැමිණීමට පෙර තමන්ට හැකි උපරිමයෙන් ජාතික සම්පත් උකසට තබන්නටය. පෙබරවාරි 28 වැනිදා එළඹෙන්නේ ඒ අඳුරු ඉරණමේ තීරණාත්මක හෝරාවයි. එදින ගැසට් පත්‍රය නිකුත් වුවහොත්, එය මේ රටේ සාමාන්‍ය ජනතාවට ඉතිරි කරන්නේ ඉහළ යන බිලත්, නොනිමෙන අඳුරත් පමණි. රටේ අනාගතයත්, බලශක්ති ස්වාධීනත්වයත් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සියලු‍ බලවේග එක්විය යුත්තේ දැන්ය. නැතහොත් හෙට දවසේ අපට ඉතිරි වනු ඇත්තේ විකුණා දැමූ රටක, අඳුරේ සිට වැළපෙන පුරවැසියන් පිරිසක් පමණි. මේ මහා කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විඥානය අවදි විය යුතු මොහොත එළඹ ඇත. පාලකයින්ගේ ඩීල් දේශපාලනයට රටේ විදුලි පද්ධතිය බිල්ලට දීමට ඉඩ දිය යුතු නැත. මන්ද, බලශක්තිය යනු හුදෙක් ආලෝකය පමණක් නොව, එය ජාතියක ශක්තිය සහ අභිමානය වන බැවිනි.

SendShareShare
Previous Post

හොර ඔප්පුවක් හදා ගොඩනැගිල්ලක් බදු දී ලක්ෂ 36ක් වංචා කිරීමේ නඩුව! ගොනුව නීතිපතිට යැව්වේ ගිය අවුරුද්දේ පෙබරවාරි 19..! ඇමැති වසන්ත සමරසිංහට එරෙහිව නඩුවේ නීතිපති උපදෙස් තවම ලැබිලා නෑ! කොළඹ වංචා විමර්ශන ඒකකය අධිකරණයට දැනුම් දෙයි! I Sri Lanka Latest News

Next Post

ඉරානෙට ගහනවා…! ලංකාවෙ පෙට්‍රල්-ඩීසල් මිල නගිනවා!  I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.