නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය ශක්තිමත් කරන්න ඩෙංගු මර්දන සහායකයන් සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බවත් සමගි ජන බලවේගයේ ඉල්ලීම පරිදි ඩෙංගු මර්දන සහායකයන් 640ක් ස්ථිර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඩෙංගු මර්දන සහායකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේ දීය.
8 ශ්‍රේණිය සමත් NVQ level 3 සමත් 840 ස්ථිර කිරීම ගැන ස්තුති වන්ත වන නමුත් මේ මොහොත වන විට තවත් 298ක් ස්ථිර පත්වීම් නොමැතිව අසරණ වී ඇති බවත් රු.27000ක දීමනාවකින් ක්ෂේත්‍රයට පවා ගොස් රැකියා කිරීම අපහසු වී ඇති නිසා මොවුන්වත් ස්ථිර කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.















