• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාර්තු මාසය තීරණාත්මකයි! කරන්ට් යයිද? කරන් යයිද? Sri Lanka Latest News

February 28, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි කලින්ම කිව්වා මතකද? ඔන්න අවුරුද්දට ලයිට් කපන්නේ නෑ! ඊට පස්සේ ලොකු කැපිල්ලක් එනවා!
Share on WhatsAppShare on Facebook

උදාවෙන්නේ මාර්තු මාසය. දැන් පෙබරවාරි මාසය ඉවරයි. මාර්තු මාසය උදාවෙනකොට අපි කලබල වෙන්න ඕනෙද? ඔව්, මාර්තු මාසය උදාවෙනකොට අපි කලබල වෙන්න ඕනේ. රටක් විදිහට මාර්තු මාසය කියලා කියන්නේ අපිට මුහුණ දෙන්න තියෙන බරපතළ අර්බුදයක් ගැන මාසයක්. ඒ තමයි විදුලි අර්බුදය. ඔබට මතක නම් ගෝඨාභය රාජපක්ෂ පැය 13ක් විදුලිය විසන්ධි කිරීමේ තීරණය අරගෙන සම්පූර්ණයෙන්ම ගෙදර යන තැනටම මේ දේශපාලන ව්‍යාපාරය වෙනස් කරගන්නේ මාර්තු මාසයේ. මාර්තු මාසයේදී විදුලි නිෂ්පාදනය පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් රට ඇතුළේ නිර්මාණය වෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් විදිහට කලින් සඳහන් කරන්නේ ජල විදුලිය ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය කරන්න මාර්තු මාසයේදී බැරිවෙන එක. මේ ජල විදුලිය ක්‍රමවත්ව නිෂ්පාදනය කිරීම ආරම්භ වෙන්නේ ආයෙත් අප්‍රේල් මාසයේ වැටෙන වැස්සත් එක්ක.Sri Lanka Latest News

මාර්තු මාසය වෙද්දී සාමාන්‍යයෙන් තිබුණු සම්ප්‍රදාය තමයි පෙබරවාරි මාසයේදී වැහි නැති තත්ත්වයකට මුහුණ දෙමින් සාමාන්‍යයෙන් ජල විදුලිය නිෂ්පාදනය කරන විදුලියට සහාය දක්වන ජලාශවල ජලය පහළ වැටෙනවා. ඒත් එක්කම එම ජලාශවල තියෙන ජලය ජලාශවලින් නිකුත් කිරීම ප්‍රමාණාත්මකව අඩුවෙන්න නියමිතයි. එහෙම අඩු වුණාට පස්සේ විදුලි අර්බුදයක් නිර්මාණය වෙනවා රට ඇතුළේ. එතකොට තමයි පැයක්, දෙකක්, තුනක්, හතරක් සමහර වෙලාවට පහක් හයක් කරන්ට් එක කපන්න සිද්ධ වෙන්නේ.
දැන් වාසනාවට මේ වසරේදී එහෙම ප්‍රශ්නයක් අපිට දකින්න ලැබෙන්නේ නැති තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම උඩරටට යම් වර්ෂාපතනයක් වාර්තා වෙනවා. ඉස්සර අපේ ගම්වල මිනිස්සු කිව්වේ ‘නවම් හර නව මෝලක් වැටෙනවා’ කියලා. ඒ කියන්නේ නවම් මහේ වැහි නැති කාලගුණයත් එක්ක වියළි දේශගුණයට මුහුණ දීලා පොල්අතු නවයක් වැටෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ වැස්ස නැහැ, වතුර නැහැ. ඒ නිසා මේ අර්බුදය නිර්මාණය වෙනවා කියලා. කොහොම වුණත් මේ වසරේදී නම් පොළොන්නරුවට, අනුරාධපුරයට ඒ වගේම උඩරට ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් වාර්තා වුණා. ඒ නිසා විදුලි අර්බුදය එතරම්ම දරුණුවට දැනෙන එකක් නැහැ කියලා අපිට හිතාගන්න පුළුවන් තත්ත්වයක් තිබුණා.

හැබැයි මාර්තු පළමුවැනිදා වෙනකොට ලංකාවේ දකුණු අප්‍රිකාවෙන් ගෙනාපු ගල් අඟුරු අවසන් වෙනවා. මේ අර්බුදකාරී ගල් අඟුරු තොගය විදුලි නිෂ්පාදනයට ලක්විජය බලාගාරය තුළදී පාවිච්චියට පටන් අරගන්නේ මාර්තු මාසයේ පළමුවැනිදායින් පස්සේ කියලා තමයි ‘මව්රට’ අපිට දැනගන්න ලැබුණේ. මාර්තු පළමුවැනිදායින් පස්සේ මෙන්න මේ ප්‍රමාණාත්මකව අගයෙන් අඩු යැයි කියන මේ ගල් අඟුරුවලින් නිෂ්පාදනය කරන විදුලියේ ප්‍රමිතිය සහ අඛණ්ඩතාව කුමන ආකාරයෙන් පවත්වාගෙන යන්න පුළුවන් වෙයිද කියලා අපිට යම් තැතිගැන්මක් දැනෙනවා.

ඒකෙ තියෙන තවත් බරපතළ ප්‍රශ්නයක් වෙන්නේ ලංකාවට එම අර්බුදය නිර්මාණය වුණොත් ආයෙත් මුහුණ දෙන්න වෙන්නේ පරණ පුරුදු ඩොලර් අර්බුදයටම තමයි. ඒකට හේතුව මේ රටේ පවතින ඩීසල් හිඟය. අපිට ඩීසල් නැහැ. අපිට ඩොලර් විදිහට ඩීසල් ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපේ රටේ බලාගාර විශාල ප්‍රමාණයක් අපි පවත්වාගෙන යන්නේ ඩීසල් බලාගාර විදියට. අපි දන්නවා අවසාන වශයෙන් ලංකාවේ ඩීසල් බලාගාර විවෘත කළා. ඒස් ඇඹිලිපිටිය වගේ බලාගාර, ඒවට රජයේ අනුමැතිය ලබාදීම පවා ප්‍රශ්නගතයි සමහර අවස්ථාවලදී. නමුත් ඒවා ඒ විදිහටම සිද්ධ වුණා කිසිදු ගැටලුවකින් තොරව.

දැන් නිර්මාණය වෙන්න යන්නේ මෙන්න මේ අර්බුදය. ඒ නිසා මාර්තු පළමුවැනිදා තීරණාත්මකයි. අපි බලාගෙන ඉන්නවා. අපි විශ්වාස කරනවා, අපි දන්නවා මේ වෙනකොට යම් යම් කණ්ඩායම් විවිධ මත පළකරමින් ඉන්නවා. සමහර වෙලාවට විදුලි ඉංජිනේරුවන් පවා අපිට පේනවා දෙපැත්ත බෙදිලා එක එක කතාන්දර කියන ආකාරය. විදුලි ඉංජිනේරුවන්ට ප්‍රකාශ දෙකක් තියෙන්න විදිහක් නෑ. හොඳ නම් හොඳයි නරක නම් නරකයි. හොඳ සහ නරක කියලා අගයන් දෙකක් ඇත්තටම පවතින්න විදිහක් නෑ.
නමුත් දැන් විදුලි ඉංජිනේරු එක් කණ්ඩායමක් කියනවා ලක්විජය බලාගාරයට කාලයක් තිස්සේ මේ විදිහට ප්‍රමිතියෙන් තොර විදුලිය පාවිච්චි කරලා නෑ ඒගොල්ලෝ, ඒ නිසා ඒගොල්ලන්ට මේක අර්බුදයක් බවට පත්වෙන්න නියමිතයි කියලා. තවත් කණ්ඩායමක් පෙට්‍රල් සම්බන්ධ උදාහරණයක් අරගනිමින් කියනවා ප්‍රමිතිය මොකක් වුණත් ප්‍රශ්නයක් නෑ කියලා. අපි දන්නෑ කොයිදේ හරිද කොයිදේ වැරදිද කියලා අපි ඉංජිනේරුවෝ නෙමෙයි අපිට ඉංජිනේරුමය දැනුමක් නෑ. ගල් අඟුරු සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා ඇති කියලා අපිට යම් විදිහකට හිතෙනවා මේ රටේ විවිධ අය කියන තර්කික කාරණා එකිනෙක අධ්‍යයනය කරලා බැලුවම. නමුත් ගල් අඟුරු කියලා කියන්නේ අපි හොඳාකාරවම දන්න කාරණය. අපි පිටරටින් ගේන දෙයක්. ඒ නිසා ඒවා ප්‍රමිතියක් විදිහටයි. එහෙම නැතුව කොහේ හරි තියෙන එකක් අරන් ඇවිල්ලා ඒවා හිතුවක්කාර විදිහට පාවිච්චි කරන්න කාටවත්ම බෑ.

අපි දැක්කා එක් තැනකදී රජයේ ප්‍රධාන පෙළේ අමාත්‍යවරයෙක් වෙච්ච ලාල්කාන්ත මහත්තයත් යම් කාරණයක් මතු කරනවා ගල් අඟුරු සම්බන්ධව. ඔහු කියන්නෑ ගල් අඟුරු සියයට සියයක් හොඳයි ප්‍රමිතිගතයි කියලා. ඔහු කියනවා යම් ගැටලුවක් තියෙනවා වෙන්න ඇති වගේ එක කතාවක්. ඒ නිසා අපි බලාගෙන ඉන්නවා මාර්තු පළමුවැනිදා අතිශය තීරණාත්මකයි. මාර්තු පළමුවැනිදායින් පස්සේ ලංකාවට මුහුණ දෙන්න වෙන්නේ මොන වගේ අර්බුදයකටද කියන එක ගැන අපි බලාගෙන ඉන්නවා.

මාර්තු මාසය හැම වෙලාවකම විදුලිය සම්බන්ධව අතිශය තීරණාත්මක කාලයක්. 2019 ආණ්ඩුව පෙරළෙන්න බලපාපු විශාලතම පෙරළිය වෙන්නෙත් මාර්තු මාසය. ඒකට බලපාන්නේ මාර්තු මාසයේ විදුලිය විසන්ධි කිරීමත් එක්ක. පැය 13ක විදුලි විසන්ධියකට රට එකවර යනවා. ඒත් එක්කම තමයි මාර්තු 08 වැනිදා මිරිහානේ ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිටට ඇවිල්ලා මිනිස්සු අරගල කරන්න පටන් ගන්නේ, කෑගහන්න පටන් අරගන්නේ. අපි කියන්නෑ එහෙම දෙයක් වෙනවා කියලා. එහෙම දෙයක් විය යුතුයි කියලත් කියන්නෑ. අරගලවලින් සහ අර්බුදවලින් මහ පාරේ ගැටලු විසදන්න බෑ. නමුත් මේ වෙලාවේ මේ විදුලි අර්බුදය සම්බන්ධව වඩාත් උනන්දුවෙන් දේශපාලනික නොවන කෝණයකින් බලලා කටයුතු කරනවා නම් තමයි වඩා හොඳ.

විශේෂයෙන්ම විදුලි ඉංජිනේරුවන්ටත් අපි ඒක මතක් කරනවා. ඔබේ රාජකාරිය විදුලිය ලබාදීම, ඔබේ වෘත්තිය සහ ඔබේ හැකියාව ඔබේ පරිචය පාවිච්චි කළ යුත්තේ විදුලිය අඛණ්ඩව නිෂ්පාදනය කිරීමට මිසක් ආණ්ඩුවට හෝ පක්ෂයකට හෝ කණ්ඩායමකට කඩේ යන්න නෙමෙයි කියලයි අපි ඔබට ආදරයෙන් කියන්නේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු අමෙරිකාවත් ඉරානයට ටෝමාහෝක් මිසයිලවලින් ගහන්න පටන් ගනී! අමෙරිකානු ප්‍රහාරක යානා 300ක් ඉරාන අහසේ! ඉරානයේ හැමතැනම දුම්දානවා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.