• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා නොවැම්බරයේ කොළඹට එනවා! අනුර ඒකාබද්ධ කමිටුවක් පත්කරයි! PHOTOS I Sri Lanka Latest News

February 25, 2026
in Exclusive
Reading Time: 6 mins read
A A
දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා නොවැම්බරයේ කොළඹට එනවා! අනුර ඒකාබද්ධ කමිටුවක් පත්කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.Sri Lanka Latest News

එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.

1966 වසරේදී ශ්‍රී ලංකාවේදී ප්‍රථමයෙන් ආරම්භ කරන ලද මෙම ජාත්‍යන්තර බෞද්ධ සංවිධානයේ සැමරුම, එය ආරම්භ වූ රටේදීම පැවැත්වීම සුවිශේෂී සන්ධිස්ථානයක් බව මෙහි සංවිධායක මණ්ඩලය මෙහිදී පෙන්වා දුන්නේය.

ථෙරවාද, මහායාන සහ වජ්‍රයාන යන සියලුම බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50 ක නියෝජිතයන් 600ක් පමණ මෙම සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිත අතර ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් සමුළුව පැවැත් වේ.

මෙම සැමරුම සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කිරීමට ද අපේක්ෂිතය.

මෙහි සමාරම්භක උත්සවය නොවැම්බර් 28 වනදා කොළඹ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. විධායක සභා රැස්වීම් සහ ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ (Academic Conference) නොවැම්බර් 29 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ලෝක සාමය පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පවත්වනු ලබන විශේෂ පූජා වැඩසටහන නොවැම්බර් 30 වනදා සවස පැවැත්වෙයි. දෙසැම්බර් 01 වනදා රුවන්වැලි මහා සෑය සහ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව කේන්ද්‍රකර ගනිමින් ආගමික වතාවත් සංවිධානය කර තිබේ.

වස් කාලය අවසන් වීමෙන් පසු පැවැත්වෙන මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය පිළිබඳව යහපත් පණිවුඩයක් ලෝකයට ලබා දීමටත්, මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයටත් විශාල පිටුවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ

මෙම සංවත්සර උත්සවය ජාතික මට්ටමේ වැදගත්කමකින් යුතුව සංවිධානය කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවද පැවසීය.

එමෙන්ම පත් කරනු ලබන විශේෂ කමිටුව මගින් රජයේ පාර්ශ්වයෙන් සහ සංවිධායක මණ්ඩලයේ පාර්ශ්වයෙන් ඉටු විය යුතු කාර්යයන් කඩිනමින් හඳුනාගෙන ඉදිරි කටයුතු සැලසුම් කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා එමගින් ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරය පිළිබඳව ඉතා යහපත් පණිවුඩයක් මුළු ලෝකයටම ලබා දිය හැකි බව පෙන්වා දුන්නේය.

විදේශීය භික්ෂූන් වහන්සේලා සහ නියෝජිතයන් මෙරටට පැමිණීමේදී සහ පිටවීමේදී ගුවන් තොටුපළ තුළ විශේෂ ප්‍රවේශයන් (VIP facilities/Counter) ඇති කිරීම ඇතුළු පහසුකම් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම, වැඩසටහන පැවැත්වෙන නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලය වෙත ගොස් එහි යටිතල පහසුකම් සහ ඉදිරි සැලසුම් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ලෝකයේ විවිධ රටවලින් පැමිණෙන නියෝජිතයන්ගේ සහභාගීත්වය තහවුරු කර ගැනීම සඳහා විධිමත් රාජ්‍යතාන්ත්‍රික ඇරයුම් සිදු කිරීමේ වැදගත්කමද පෙන්වා දුන්නේය.

මෙම සමුළුව මඟින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය ලෝකය හමුවේ යළි තහවුරු කිරීමටත්, රටේ ගෞරවය ඉහළ නැංවීමටත් ලැබෙන අවස්ථාව උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ උප සභාපති ආචාර්ය පූජ්‍ය අකුරැටියේ නන්ද නායක ස්වාමින් වහන්සේ, නාගානන්ද බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර කමිටුවේ සභාපති ආචාර්ය පුජ්‍ය බෝදාගම චන්දිම නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-02-25

SendShareShare
Previous Post

හිටපු බුද්ධි ප්‍රධානී සලේව අල්ලුවේ අප්‍රේල් 21 කිට්ටු වේගෙන එන නිසාද? නාට්ටි එපා! කිව්වා වගේ මහමොළකරුවන් අල්ලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ ආණ්ඩුව වනාචරීන්ටත් එහා ගිහින් ගල්අඟුරුවලින් ගසාකාලා! ගෙනාපු නැව් 9ම බාලයි! විපක්ෂනායක සජිත් හෝමාගම අභිනවාරාමයේ රන් වැට විවෘත කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

දැන් ඡන්දයක් තිබ්බොත් මාලිමාවට 65%යි! ඉතින් තියන්නකෝ පළාත් සභා ඡන්දේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණගේ විශ්වාසභංගය අද එනවා! I Sri Lanka Latest News

Load More
හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News
Exclusive

හැකියාවට කිසිම තැනක් දුන්නේ නෑ! ආචාර්ය චමින්ද මලලසේකර එජාපයෙන් ඉල්ලා අස්වෙයි! සෙංකඩගල ආසනයත් එපා කියයි! I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක ආචාර්ය චමින්ද මලලසේකර මහතා එම පක්ෂයෙන් ඉල්ලා අස්වීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News...

Read more
අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

අනවසර කඩ කඩන්න යද්දී හැටන් උණුසුම් වෙයි! මූණු බලලා කඩ කඩන බවට කඩහිමියන්ගෙන් චෝදනා! විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහායත් කඩහිමියන්ට!  PHOTOS I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවගේ වියදම් බලාගන්න බැරිද කියලා ඒ කාලේ ජවිපෙ නායකයෝ ඇහුවා! බලන් යද්දි ජවිපෙ නායක රෝහණ විජේවීරගෙ පවුලම බලාගන්නේ මහජන බදු මුදල්වලින්! මාසෙට වියදම ලක්ෂ එකහමාරක්! බැරිද දැන්වත් ජවිපෙ පක්ෂ මූලස්ථානයෙන් මේ පවුල නඩත්තු කරන්න! VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

බුදු දහමට-මහා සංඝරත්නයට කරන සංවිධානාත්මක ගැරහුම්වලට එරෙහිව 27දා කොළඹ තියන මහා සඟ සමුළුවට සියල්ල ලෑස්තියි! මුලින්ම අස්ගිරි-මල්වතු මහනාහිමිවරු දැනුවත් කරයි!  VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

සමගි නීතීඥ සම්මේලනය කොළඹදී රැස්වුණා! සමගි වනිතා බලවේගය බුත්තලදී රැස්වුණා! අධිකරණයට අත නොතබනු..! පෙත්සමටත් විපක්ෂනායක සජිත් අත්සන් කළා! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper