ගුරු සේවය බඳවා ගැනීමේ ක්‍රියාවලියේ විවෘත බඳවා ගැනීමේ දී උපාධියේ වලංගු දිනය 2025.06.30 ලෙස සඳහන්ව තිබුණු බවත් ඒ අවස්ථාවේ විවෘත සේවය සම්බන්ධ වීමට කැමති අය තමාට ඉල්ලීම් සිදු කළ බවත් මේ සම්බන්ධයෙන් රජය ද දැනුවත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමත් සමඟ වලංගු දිනය 2026 මාර්තු 05 ලෙස සංශෝධනය කර ඇති බවත් මෙය ඉතා හොඳ දෙයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගුරු විභාගයේ ඇති ගැටලු ගැන අදහස් පළ කරමිනි.
ඊට අමතරව සීමිත පදනම යටතේ ගුරු සේවයට බඳවා ගැනීම 2023.02.10 ලෙස වලංගු දිනය සඳහන් කර ඇති නිසා මේ සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර මෙම දිනය ද දීර්ඝ කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඌන සේවා උපාධිධාරීන් රාජ්‍ය සේවයේ පහළම ශ්‍රේණිවල සේවය කරන බවත් අවම අධ්‍යාපන සුදුසුකම් ලෙස රාජ්‍ය සේවයට පැමිණ වැඩිදුර අධ්‍යාපනය ලබා පශ්චාත් උපාධි දක්වා සිය අධ්‍යාපනය වර්ධනය කර ගෙන ඇති බැවින් මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර මොවුන්ට ද ගුරු සේවයට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
එසේම පුරාවිද්‍යා උපාධිය ලැබූ උපාධිධාරින් විශාල ප්‍රමාණයක් සිටින නමුත් මොවුන්ට මේ චක්‍රලේඛ නුව ඉතිහාසය ඉගැන්වීම සිදු කළ නොහැකි බවත් මොවුන් සම්බන්ධයෙන් ද අවධානය යොමු කර සාධාරණත්වය ඉටු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව හා එක්වෙමින් පැවසීය.


















