• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් රැස්වීම් 2කදීම සාකච්ඡා කරයි! පරණ නීති අලුත් කරන්න අනුර ලෑස්ති වෙයි! I Sri Lanka Latest News

February 23, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
අනුර මහභාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවෙයි! ලංකාවේ ආර්ථිකයට බලපෑම් කළ හැකි IMF ණය පහසුකම-ට්‍රම්ප්ගේ තීරු බද්ද හා GSP+ ගැන අවධානය යොමු කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටේ දීර්ඝ කාලයක් පවතින විවිධ ක්ෂේත්‍රවලට අදාළ නීති නැවත සලකා බලා සංශෝධනය විය යුතු නීති හා අණපනත් අලුතෙන් සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇති බවත් ඇතැම් නීති සරල කර සාමාන්‍ය ජනතාවට වඩාත් පහසුවෙන් සේවා ලබාදීම සඳහා දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීමට රජය සැලකිල්ලට ගෙන ඇති බවත් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.Sri Lanka Latest News

අමාත්‍ය අබයරත්න මහතා මේ බව පැවසූයේ රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමිනි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ දැනට පවතින නීති -රීති හා රෙගුලාසි වත්මන් ඩිජිටල් යුගයට ගැළපෙන සේ යාවත්කාලී කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව, විනිවිදභාවය සහ මහජන භාරය (Public Trust) තහවුරු කරමින් මහජන හිතකාමී සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ දායකත්වයෙන් ක්‍රියාත්මක වන රාජ්‍ය නිලධාරින්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ Cinnamon Lakeside හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා මෙසේ ද පැවසී ය.

ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.

අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ. ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා.

අපි දන්නවා ලංකාවේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් සියල්ලෝම නිදහසින් පසුව පසුගිය 2024 දී නව ගමනක් මේ රටට අවශ්‍යයි කියලා තීරණය කළා. ඒක දේශපාලන සංස්කෘතියට අදාළව වෙන්න පුළුවන්, ආර්ථික ක්‍රියාවලියට අදාළව වෙන්න පුළුවන්, ජාතියක සමගියට අදාළව වෙන්න පුළුවන්, අනාගත ලෝකයට නව ප්‍රවේශයකින් අපේ රට මුහුණ දීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, එබඳු සියලු යහපත් අරමුණු සහිතව මේ රටේ පුරවැසියන් නව දේශපාලන ප්‍රවේශයක් ආරම්භ කළා. ඒ නව ප්‍රවේශයට ගැළපෙන විදිහට ඒ නව ප්‍රවේශය වඩාත් ශක්තිමත් වීම සඳහා තමයි අපි මේ අද අද කතා කරන විෂය ක්ෂේත්‍රය ඇතුළු දැවැන්ත වැඩපිළිවෙළක් අවශ්‍යයි කියන තත්ත්වය අපි හඳුනාගත්තේ.

ලෝකයේ ඕනෑම කාලයක තිබුණු පැරැණි නීති සම්ප්‍රදායන් වෙනස් කරලා අලුත් නීති නීති සම්ප්‍රදායන් හඳුන්වාදීම සිද්ධ වුණේම නව ප්‍රවේශයකින් නව අවස්ථාවක් දැඩි ලෙස දැනුණු හැමෝම පිළිගත්ත වකවානුවලදි. මට හිතෙන්නේ අපි ජීවත්වන මේ වකවානුවත් අපේ රටේ ඉතිහාසයේ එහෙම සුවිශේෂී වකවානුවක්. අපේ රට ඉදිරියට යන්නේ කොහොමද? මේ රටේ අනාගතය ගොඩ නගන්නේ කොහොමද? අනාගත දූ පුතුන්ට අනාගත පුරවැසියන්ට වඩාත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කොහොමද?… සරලව කිව්වොත් අපේ ජීවිත කාලය තුළ තුළ අපි අපි හැමෝම අත්විඳපු අමිහිරි, කටුක අත්දැකීම අනාගත පරපුරට අත්විඳින්න නොදී ඔවුන්ට අනාගතය කරා ගමන් කිරීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීම මේ ක්‍රියාවලියේ මූලික වුවමනාව හැටියට අපි දකිනවා. ඒ නිසා මේක යුගයේ අවශ්‍යතාවක් කාලීන අවශ්‍යතාවක්. ඒ කාලීන අවශ්‍යතා අවශ්‍යතා ඉෂ්ට කර ගැනීම සඳහා අපට උදව් කරන විවිධ පාර්ශ්ව සිටිනවා. විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ විශේෂ නියෝජිතවරිය ඇතුළු කාර්ය මණ්ඩලයට, අධිකරණ ඇමතිතුමා හා නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු එම අමාත්‍යාංශයට සහ මෙම අවස්ථාව සංවිධානය කළ අප අමාත්‍යාංශයට හා විවිධ විෂය ක්ෂේත්‍ර‍ නියෝජනය කරමින් සැසියට සහභාගී වූ සියලු ම නිලධාරීන්ට.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මරීනා ටෙන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රතිපත්ති විශේෂඥ සහ අන්තර්කරණ පාලන කණ්ඩායමේ ප්‍රධානී චන්ද්‍රිකා කරුණාරත්න, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශයේ අතිරේක ලේකම් ආචාර්ය රෝෂිණී දිසානායක, නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ රවින්ද්‍ර පතිරණගේ, විශ්‍රාම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චාමින්ද හෙට්ටිආරච්චි, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නීති කටයුතු අංශයේ අධ්‍යක්ෂ ඒ. කේ. ඩී.ඩී. ඩී අරන්දර යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරින්, ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන් ම රජයේ විවිධ ආයතනවල මාණ්ඩලික නිලධාරීන් රැසක් එක්ව සිටිය හ.

SendShareShare
Previous Post

අද ඉඳන් ගෑස් දෙනවා.. ඇමැති වසන්ත! I Sri Lanka Latest News

Next Post

හැම එකක්ම රිවස්! එදා හැම ප්‍රශ්නයකදිම වැරැද්ද තිබ්බ ආණ්ඩුවේ..! අද මොන ප්‍රශ්නයක් ආවත් ආණ්ඩුවේ කිසි වැරැද්දක් නෑ! ආණ්ඩුව කරන කියන වැඩවලට සුද්දොත් හොල්මන්! සුජීව කියන මේ කතා ටික අහන්නකෝ…! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

Load More
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී කපිල චන්ද්‍රසේන අභිරහස් ලෙස මරණයට පත්ව මේ විට දින 76 කට ආසන්න...

Read more
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.