යටිතල පහසුකම් සහ ක්‍රමෝපායික සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුව( Sectoral Oversight Committee on Infrastructure and Strategic Development) වෙත ලංකා විදුලිබල මණ්ඩලය(CEB) විසින් 2026 පෙබරවාරි 19 වන දින ඉදිරිපත් කරන ලද අංක LVPP/PPM/Admin-8/26-09 දරන නිල ලිපිය මගින් බාල ගල්අඟුරු භාවිතය නිසා සිදුවූ දැවැන්ත මූල්‍ය අලාභය අනාවරණය කර ඇත. Sri Lanka Latest News
ලක්විජය බලාගාරය සඳහා ලබාගත් ගල්අඟුරු නැව්වාර 8ක් ආශ්‍රිතව සිදුවූ සෘජු මූල්‍ය අලාභය පිළිබඳ විස්තරය පහත පරිදි වේ:
නැව්වාර අනුව සිදුවූ අලාභය පිළිබඳ සාරාංශය (රුපියල් මිලියනවලින්):
නැව්වාර අංකය | ඇස්තමේන්තුගත සෘජු අලාභය (රුපියල් මිලියන) |
| 01 වැනි නැව්වාරය | 595.1 |
| 02 වැනි නැව්වාරය | 288.5 |
| 03 වැනි නැව්වාරය | 1,047.4 |
| 04 වැනි නැව්වාරය | 865.0 |
| 05 වැනි නැව්වාරය | 1,144.2 |
| 06 වැනි නැව්වාරය | 1,197.7 |
| 07 වැනි නැව්වාරය | 974.9 |
| 08 වැනි නැව්වාරය | 1,559.3 |
| මුළු එකතුව | 7,672.1 (රුපියල් කෝටි 767.2 ක් පමණ)
වාර්තාවේ අන්තර්ගත විශේෂ නිරීක්ෂණ:
i. ගණනය කිරීමේ පදනම: මෙම අලාභය ගණනය කර ඇත්තේ අදාළ ගල්අඟුරු තොගවල පවතින බාල ගුණාත්මකභාවය හේතුවෙන් ජනන ධාරිතාව අඩුවීම පදනම් කරගනිමිනි. එහිදී විදුලි ඒකකයක් සඳහා රුපියල් 57.53 ක පිරිවැයක් සලකා බලා ඇත.
ii. ගුණාත්මක පරීක්ෂණ: 1 සිට 6 දක්වා නැව්වාරවල රසායනාගාර වාර්තා 2025 පෙබරවාරි 11 දින වන විටත්, අනෙකුත් වාර්තා මේ වන විටත් අදාළ අංශ වෙත යොමු කර ඇති බව සඳහන් වේ.
iii.දඩ මුදල්: සැපයුම්කරුගෙන් අය කරගත යුතු දඩ මුදල් මෙම ගණනය කිරීමට ඇතුළත් කර නොමැති අතර, එම දඩ මුදල් අය කරගැනීමෙන් පසු ශුද්ධ අලාභය වෙනස් විය හැක.
මෙම වාර්තාව මගින් රාජ්‍ය සම්පත් කළමනාකරණයේදී සිදුවී ඇති බරපතල මූල්‍ය හානියක් පිළිබඳව කරුණු අනාවරණය කර ඇත.
දිනය: 2026 පෙබරවාරි 19
මූලාශ්‍රය: ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී කාර්යාලය











